විදේශ සේවා නියුක්ති කාර්යාංශයෙන් වැටලීම් රැසක්

ගතවූ මාස 08ක කාලය තුළ විදේශ සේවා නියුක්ති කාර්යංශයට ලැබී තිබූ පැමිණිළි 2019ක් අතරින් විමර්ශණ කටයුතු සිදු කර පැමිණිළිකරුවන් 669 දෙනෙකුට රුපියල් 88,21,000ක මුදලක් ආපසු අය කර දීමට හැකියාව ලැබුණු බව විදේශ සේවා නියුක්ති කාර්යංශයේ විමර්ශණ ඒකකය පවසනවා.

ගෙවී ගිය කාලය තුළ නීති විරෝධී ලෙස පවත්වා ගෙන ගිය විදේශ රැකියා නියෝජිත ආයතන 08ක්ද,විදේශ රැකියා නියුක්ති කාර්යංශයේ ප්‍රතිපාදනවලට පටහැනිව කටයුතු කළ රැකියා නියෝජිත ආයතනයක්ද විමර්ශණ නිලධාරීන් විසින් වටලා තිබෙනවා.

එසේම වංචනික ක්‍රියාවල නිරත වූ විදේශ රැකියා නියෝජිත ආයතන 10ක හිමිකරුවන්ට එරෙහිව නීතිමය පියවර ගැනීමටයි කාර්යංශය කටයුතු කර ඇත්තේ.

වලංගු බලපත්‍රයක් නොමැතිව විදේශ රැකියා ලබා දීම සඳහා පුද්ගලයින්ගෙන් මුදල් ලබා ගැනීමේ චෝදනාව යටතේ සැකකරුවන් 85 දෙනෙකු ද විදේශ සේවා නියුක්ති කාර්යංශය අත්අඩංගුවට ගෙන තිබෙනවා.

එමෙන්ම සංචාරක වීසා මගින් ඕමාන් රටේ රැකියාවක් සඳහා කාන්තාවන් දෙදෙදෙනෙකුව පිටත් කර යැවීමට උත්සාහ කළ පුද්ගලයින් දෙදෙනෙකු ද කටුනායක ගුවන් තොටුපලේදී විදේශ සේවා නියුක්ති කාර්යංශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

එම සැකකරු මීගමුව මහේස්ත්‍රාත් හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව නියෝග කර ඇත්තේ රක්ෂිත බන්ධනාගාර ගත කිරීමටයි.

වලංගු බලපත්‍රයක් නොමැතිව රාජගිරිය ප්‍රදේශයේ පවත්වා ගෙන ගිය විදේශ රැකියා නියෝජිත ආයතනයක් ද පසුගිය 21 වනදා වැටලීමට කාර්යංශයේ විමර්ශණ නිලධාරීන් සමත්වී තිබුණා.

එම ස්ථානයේ තිබී විදේශ ගමන් බලපත්‍ර 42ක්, අයදුම් පත්‍ර සහ වීසා ගොණු 02ක් ඇතුළු ලියකියවිලි තොගයක් වැටලීම කළ නිලධාරීන් සිය බාරයට ගෙන තිබෙනවා.

ලැබෙන පැමිණිළි සම්බන්ධයෙන් විමර්ශණ කටයුතු තවදුරටත් සිදු කරන අතර නීති විරෝධී ක්‍රියාවන් සිදු කරන ඕනෑම අයෙකුට එරෙහිව නීතිමය පියවර ගැනීමට පසුබට නොවන බවයි විදේශ සේවා නියුක්ති කාර්යංශයේ විමර්ශණ ඒකකය අවධාරණය කළේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14