විදේශ සේවා නියුක්ති කාර්යාංශයෙන් වැටලීම් රැසක්

ගතවූ මාස 08ක කාලය තුළ විදේශ සේවා නියුක්ති කාර්යංශයට ලැබී තිබූ පැමිණිළි 2019ක් අතරින් විමර්ශණ කටයුතු සිදු කර පැමිණිළිකරුවන් 669 දෙනෙකුට රුපියල් 88,21,000ක මුදලක් ආපසු අය කර දීමට හැකියාව ලැබුණු බව විදේශ සේවා නියුක්ති කාර්යංශයේ විමර්ශණ ඒකකය පවසනවා.

ගෙවී ගිය කාලය තුළ නීති විරෝධී ලෙස පවත්වා ගෙන ගිය විදේශ රැකියා නියෝජිත ආයතන 08ක්ද,විදේශ රැකියා නියුක්ති කාර්යංශයේ ප්‍රතිපාදනවලට පටහැනිව කටයුතු කළ රැකියා නියෝජිත ආයතනයක්ද විමර්ශණ නිලධාරීන් විසින් වටලා තිබෙනවා.

එසේම වංචනික ක්‍රියාවල නිරත වූ විදේශ රැකියා නියෝජිත ආයතන 10ක හිමිකරුවන්ට එරෙහිව නීතිමය පියවර ගැනීමටයි කාර්යංශය කටයුතු කර ඇත්තේ.

වලංගු බලපත්‍රයක් නොමැතිව විදේශ රැකියා ලබා දීම සඳහා පුද්ගලයින්ගෙන් මුදල් ලබා ගැනීමේ චෝදනාව යටතේ සැකකරුවන් 85 දෙනෙකු ද විදේශ සේවා නියුක්ති කාර්යංශය අත්අඩංගුවට ගෙන තිබෙනවා.

එමෙන්ම සංචාරක වීසා මගින් ඕමාන් රටේ රැකියාවක් සඳහා කාන්තාවන් දෙදෙදෙනෙකුව පිටත් කර යැවීමට උත්සාහ කළ පුද්ගලයින් දෙදෙනෙකු ද කටුනායක ගුවන් තොටුපලේදී විදේශ සේවා නියුක්ති කාර්යංශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

එම සැකකරු මීගමුව මහේස්ත්‍රාත් හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව නියෝග කර ඇත්තේ රක්ෂිත බන්ධනාගාර ගත කිරීමටයි.

වලංගු බලපත්‍රයක් නොමැතිව රාජගිරිය ප්‍රදේශයේ පවත්වා ගෙන ගිය විදේශ රැකියා නියෝජිත ආයතනයක් ද පසුගිය 21 වනදා වැටලීමට කාර්යංශයේ විමර්ශණ නිලධාරීන් සමත්වී තිබුණා.

එම ස්ථානයේ තිබී විදේශ ගමන් බලපත්‍ර 42ක්, අයදුම් පත්‍ර සහ වීසා ගොණු 02ක් ඇතුළු ලියකියවිලි තොගයක් වැටලීම කළ නිලධාරීන් සිය බාරයට ගෙන තිබෙනවා.

ලැබෙන පැමිණිළි සම්බන්ධයෙන් විමර්ශණ කටයුතු තවදුරටත් සිදු කරන අතර නීති විරෝධී ක්‍රියාවන් සිදු කරන ඕනෑම අයෙකුට එරෙහිව නීතිමය පියවර ගැනීමට පසුබට නොවන බවයි විදේශ සේවා නියුක්ති කාර්යංශයේ විමර්ශණ ඒකකය අවධාරණය කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කාළගුණය වෙනස්වෙද්දි,වන ලැහැබෙන් එළි බැස්ස ගමේ දඟකාරයා - "වීරා"..කැමරා ඇසට හසුවූ දුර්ලබ දසුන මෙන්න
04:27
Video thumbnail
මහ වැස්සෙන් පසු රාවණා දිය ඇල්ලේ පෙනෙන මනස්කාන්ත දසුන
01:09
Video thumbnail
මැගසින් බන්ධනාගාරයේ රැඳවියන්ට දිනක ලැබෙන කෑම වේල අවතැන්වූවන්ට දෙයි..එයාලගෙත් හිත් උණු වෙනවා
01:52
Video thumbnail
"වහාම හදිස්සි නීතිය යටතේ හඳුන්නෙත්තිව අත්අඩංගුවට ගන්න"මිහින්තලේ හිමි කුපිත වී ලෙසටම දෙසයි
03:49
Video thumbnail
"අපි සිප්පි කටු පස්සෙන් ගිය නිසා අපිට වාලම්පූරි මඟහැරුණා.."සමහරු එයාලගේ ප්‍රතිරූප ගොඩනඟා ගන්න දගලනවා
07:55
Video thumbnail
මහ වැස්සෙන් පසු රාවණා දිය ඇල්ලේ පෙනෙන මනස්කාන්ත දසුන..දැකපු දෙස් විදෙස් අයත් මවිත වුණ දේ
01:33
Video thumbnail
Kasthirama | "යළි ගොඩනැගෙන්නට සවිය අවැසි හෙට දවස" - කස්තිරම විශේෂ වැඩසටහන සජීවීව
01:25:26
Video thumbnail
මෙන්න කාළගුණයේ වෙන්න යන නොසිතූ වෙනස..අත්‍යවශ්‍ය වැඩවලට විතරක් එළියට යන්න
04:02
Video thumbnail
රාජාංගනයේ මිනිස්සු එකතුවෙලා විනාශ වුණ ඇළ බන්ට් එක හදපු හැටි.."මිණි මුතු නෙවෙයි වටින්නේ එකමුතුකම"
07:53
Video thumbnail
මාර්ග පිරිසිදු වූ වහාම ලංගම බස් පාරට දාන්න ලංගම සභාපති පෙරට..අපි සප් එකක් දෙන්නම් ඔයලා දුවන්න ඕනි
02:02


?