ග්‍රේට් වෙස්ටර්න් කදු මුදුනෙන් හමුවූ කාන්තා මළ සිරුරේ අනන්‍යතාවය හෙළිවෙයි

තලවකැලේ ග්‍රේට් වෙස්ටර්න් කදු මුදුණේ තිබී පසුගිය පළමු වනදා අබිරහස් ලෙස මියගොස් සිටියදී ලිඳුල පොලිසිය විසින් සොයාගත් කාන්තා මළ සිරුරේ අනන්‍යතාව හෙළිවී තිබෙනවා.

ඊයේ (22) ඇයගේ සැමියා සහ ඥාතින් විසින් හඳුනා ගැනීමෙන් අනතුරුව නුවරඑළිය මහෙස්ත්‍රාත්වරයාගේ නියෝගයක් මත සිරුර ඥාතීන් වෙත භාරදුන් බවයි ලිඳුල පොලිසිය සඳහන් කළේ.

මෙම කාන්තාවගේ සිරුර හඳුනා ගැනීම සදහා ලිඳුල පොලිසිය මගින් එම කාන්තාවගේ ඇඟිලි සලකුණු ලබාගෙන ඒවා ඇඟිලි සලකුණු රෙජිස්ටාර් කාර්යාලය වෙත යොමු කිරීමෙන් අනතුරුව ඇයගේ ඥාතින් හඳුනා ගැනීමට හැකි වී තිබෙනවා.

ඒ අනුව මෙලෙස මියගොස් ඇත්තේ කිරින්ද ප්‍රදේශයේ පදිංචිව සිටි 36 හැවිරිදි කාන්තාවක් බවටයි හෙළිවී ඇත්තේ.

මෙම කාන්තාව නිත්‍යානුකුලව විවාහ වී සිටි සැමියාගෙන් වෙන් වී වෙනත් පුද්ගලයන් සමග සමීප සම්බන්ධකම් පවත්වා ඇති බව සඳහන්.

ඇයට නිත්‍යානුකුල විවාහයෙන් දරුවන් තිදෙනෙකු ද සිටින බවයි ලිඳුල පොලිසිය දැනට කරන ලද විමර්ශනවලදී අනාවරණ වී ඇත්තේ.

මියගිය කාන්තාවගේ වම් අතෙහි මදුසංඛ යනුවෙන් සටහන් කර තිබු පච්චයෙන් ඇයගේ සැමියා විසින් සිරුර හඳුනාගෙන තිබෙනවා.

මෙම කාන්තාව සමග ග්‍රේට් වෙස්ටර්න් කඳු මුදුණට පැමිණි පිරිස අත්අඩංගුවට ගැනිම සදහා පොලිසිය අංශ කිහිපයක් ඔස්සේ තවදුරටත් විමර්ශන සිදු කරමින් පවතිනවා.

සිරුර සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත් වූ නුවරඑළිය දිස්ත්‍රික් මහ රෝහලේ අධිකරණ වෛද්‍යවරයා සැක පළ කර තිබුණේ මෙය ඝාතනයක් බවටයි.

මියගිය කාන්තාවගේ සිරුරු කොටස් කිහිපයක් අධිකරණ වෛද්‍යවරයා විසින් රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමු කර තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මිණිබිරිය අමතක නොකළ හිටපු ජනපති මෛත්‍රිපාල ආභරණ ගත් හැටි - "කවදාවත් වෙච්ච නැති ඒවා තමයි වෙන්නේ"
01:34
Video thumbnail
අපිට හිටපු ජනාධිපතිවරුත් එකයි, ගමේ ඉන්නේ සිරිපාලත් එකයි
04:03
Video thumbnail
"රනිල්ගෙයි, සජිත්ගෙයි වැරදි නිසා තමයි අපි අද දුක් විදින්නේ" - මන්ත්‍රීලා ඉදිරියේ දැඩි චෝදනා
01:26
Video thumbnail
මත්ද්‍රව්‍ය ජාවාරම්කාරයන්ට ම#ණ දණ්ඩනයට අත්සන් කළ එකම රාජ්‍ය නායකයා මම
06:16
Video thumbnail
ඇමති නලින්ද අතින් විවෘත කළ අංග සම්පූර්ණව නිවස - රජය විදියට වැය කරන්නේ ජනතාවගේ බදු මුදල්
06:38
Video thumbnail
මම අවු:5ක් රට අරගෙන ගියේ ආණ්ඩුවත් විපක්ෂයත් නැතුව - මෛත්‍රිපාල රට පාලනය කළ අයුරු කියයි
04:42
Video thumbnail
සති ගණන් බලන් ඉන්න ඕනි නෑ පාර්සල් ලබාගන්න - පි පා ගමනින් ගිහින් ජනතාව දැනුවත් කරනවා
02:56
Video thumbnail
පපරේ බෑන්ඩ් ගගහා මොරටුව තැපැල් කාර්යාලයේ සේවකයෝ කරපු දේ - තැපැල් පෙට්ටිත් උස්සගෙන කරන වැඩේ
02:45
Video thumbnail
රෙස්ටූරන්ට් කෑම ගැන බෙල්ලන්විල ධම්මරතන හිමි කිව්ව අමුතු කතාව - "මමත් රෙස්ටූරන්ට් Sponsor කරන කෙනෙක්"
06:15
Video thumbnail
යන්න කියන්න අප්පේ මම දහදුක් විඳලා හම්බ කරගත්තේ - අලියා ඇවිත් වී ටිකට දුන්න සුද්දය
00:39