දින කිහිපයක සිට අතුරුදන්ව සිටි හමුදා සෙබළාගේ සිරුර ඇලකින් සොයාගෙන

දින කිහිපයක සිට අතුරුදන්ව සිටි හමුදා සෙබළෙකුගේ මළ සිරුර ඊයේ (20) අම්පේගම, ගුරුසිංහගොඩ ප්‍රදේශයේ ඇළක තිබී සොයාගෙන තිබෙනවා.

බද්දේගම පොලීසියට ලද තොරතුරක් මත මෙම මළ සිරුර සොයාගෙන ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

මෙම හමුදා සෙබළා නිවාඩු ලබා පසුගිය 05 වනදා නිවසට පැමිණ ඇති අතර, ඔහුට යළි සේවයට වාර්තා කිරීමට තිබී ඇත්තේ පසුගිය 14 වනදායි.

කෙසේ වෙතත් ඔහු එදින නිවසින් බැහැරට ගොස් ඇති අතර, සිය ජංගම දුරකථනය ද නිවසේ දමා මොහු නිවසින් පිටව ගොස් ඇති බවයි වාර්තා වන්නේ.

එලෙස නිවසින් පිටව ගොස් ඇති හමුදා සෙබළා එදින යළි නිවසට පැමිණ නොමැති අතර, ඒ හේතුවෙන් ඔහුගේ බිරිඳ පසුදින (15) පොලිසිය වෙත ගොස් පැමිණිල්ලක් සිදුකර තිබෙනවා.

අනතුරුව අතුරුදන් වූ සෙබළා සොයා පොලිස් විමර්ශන ආරම්භ කළ අතර, අතුරුදන් වී දින 06කට පසු ඔහුගේ සිරුර ඊයේ (20) සවස මෙලෙස සොයාගත් බවයි වාර්තා වන්නේ.

මෙලෙස මියගොස් ඇත්තේ දිසාන් ප්‍රදීප් විතානාරච්චි නැමැති තිදරු පියෙක්.

මොහු මඩකලපුව 11 වන සිංහ රෙජිමේන්තු ඒකකයට අනුයුක්තව සේවය කළ කෝප්‍රල්වරයෙක් බවයි වාර්තා වුණේ.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් බද්දේගම පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
2027 අයවැයෙන් ජනතාවගේ බදු බර ඉවත් කළ යුතුයි
07:28
Video thumbnail
විපක්ෂ නායක සජිතුත් පොත් ප්‍රදර්ශනයට යයි
00:51
Video thumbnail
පොලිස් නිලධාරින් දැනුම දියුණු කරගෙන නෑ - එහෙම වුණාම අපි හෑල්ලුවට පත් වෙනවා
04:42
Video thumbnail
බුත්තල පොලිස් ස්ථානාධිපති නිල නිවස පොලිස්පතිගේ අතින් විවෘත කරයි
01:01
Video thumbnail
පාර්ලිමේන්තුවේ එහා පැත්තේ ඉදලා මෙහා පැත්තට බෝලේ යවන්න ඕනි නෑ - මාව හමුවෙන්න පුළුවන්..
05:15
Video thumbnail
තුන්සක රියක් සුඛෝපභෝගී රියක ගැටි බිහිසුණු අනතුරක් - "දඩාන් ගාලා වැදුණා..රවුම් තුනක් පෙරලිලා ගියා"
02:15
Video thumbnail
ජීවන බර දරාගන්න බැරුව පාරට බැස්ස කට්ටිය ආණ්ඩුවට සැරටම අමතයි
02:11
Video thumbnail
සජබ මන්ත්‍රීලා එක්ක දිවුලපිටියයේ වැඩිහිටියන් ගත්ත Fun එක - හරි සතුටින් Dance කරන හැටි
03:45
Video thumbnail
පොහොට්ටුවේ ප්‍රබලයෝ රැසක් හොරණ දී රැස්වෙයි
00:47
Video thumbnail
මිණිබිරිය අමතක නොකළ හිටපු ජනපති මෛත්‍රිපාල ආභරණ ගත් හැටි - "කවදාවත් වෙච්ච නැති ඒවා තමයි වෙන්නේ"
01:34