නිල සංචාරයක් සඳහා ජනපති සිංගප්පූරුව බලා පිටත්ව යයි

ජනාධිපති රනිල් වික්‍රමසිංහ දෙදින නිල සංචාරයක් සඳහා අද (21) අලුයම කටුනායක ගුවන් තොටුපොළෙන් සිංගප්පූරුව බලා පිටත්ව ගොස් තිබෙනවා.

ජනාධිපතිවරයා සමඟ දස දෙනෙකුගෙන් සමන්විත දූත පිරිසක් ද මෙම සංචාරයට එක්ව සිටි බවයි වුණේ.

ජනාධිපතිවරයා ඇතුළු දූත පිරිස අද (21) දින අලුයම 12.50ට සිංගප්පූරු ගුවන් සේවයේ එස්.කිව්.- 469 දරණ ගුවන් යානයෙන් මෙරටින් පිටත්ව ගිය බවයි තොටුපොළ කාර්යය භාර නිලධාරීවරයා සඳහන් කළේ.