එක්දින ලෝක කුසලානයේ කාලසටහන වෙනස් කරන ලෙස තවත් ඉල්ලීමක්

මෙම වසරේ ඔක්තෝම්බරයේ පැවැත්වීමට නියමිත එක්දින ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේ කාල සටහන යළිත් වෙනස් කරන ලෙස හයිද්‍රාබාද් ක්‍රිකට් සංගමය ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයෙන් සහ ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයෙන් ඉල්ලීමක් කර තිබෙනවා.

ඒ, තරගාවලියේ හයිද්‍රාබාද් හිදී පැවැත්වෙන තරග දෙකක ආරක්ෂාව පිළිබඳ ගැටලුවක් මතුවීම හේතුවෙන්.

ඔක්තෝම්බර් 09 වනදා නවසීලන්තය – නෙදර්ලන්තය තරගය සහ ඔක්තෝබර් 10 වැනිදා පැවැත්වීමට සැලසුම්කර ඇති පාකිස්තානය – ශ්‍රී ලංකා තරගය සඳහා ප්‍රමාණවත් ආරක්ෂාවක් සැපයීමට අපහසු බව හයිද්‍රාබාද් පොලිසිය පැවසීමත් සමඟ මෙම ඉල්ලීම සිදුකර ඇති බවයි ක්‍රීඩා මාධ්‍ය වාර්තා කළේ.

හයිද්‍රාබාද් පොලිසිය සඳහන් කර ඇත්තේ මෙලෙස එක ළඟ තරග දෙකක් පැවැත්වීම තුළ ආරක්ෂාව සැපයීමේ ගැටළුවක් පැන නඟින බවයි.

කෙසේ වෙතත් මෙම ඉල්ලීම සම්බන්ධයෙන් අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සිලය සහ ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩල විසින් ප්‍රතිචාරයක් දක්වා නැහැ.

මෙවර ලෝක කුසලාන තරගාවලියේ, හයිද්‍රාබාද් හි රජීව් ගාන්ධි ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී තරග තුනක් පැවැත්වීමටයි සැලසුම් කර ඇත්තේ.

මීට පෙරද ඉන්දීය ක්‍රිකට් සංගම් කිහිපයක් ලෝක කුසලාන තරගාවලියේ කාලසටහන වෙනස් කරන ලෙස ඉල්ලීම් කර තිබුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බිමල්, නාමල් කරුණාරත්න මහණවෙලා හිටියේ..යකෝ මුන් මහාවංශය කියවලාවත් නැද්ද ?
01:51
Video thumbnail
අලුත්ගම අනතුර ඇසින් දුටු අයෙක් සියල්ල හෙළිකරයි - "සංඥා වැදෙද්දිම ත්‍රීවිල් එක දැම්මේ"
01:38
Video thumbnail
"කෝච්චි නැතුවත් නිකනුත් පත්තු වෙනවා" අනතුරෙන් පසු උණුසුම් වූ මිනිස්සු..මෙන්න තවත් දර්ශන
03:28
Video thumbnail
කාලයක් මහණ වෙලා හිටපු සෙට් එක ගැන හාමුදුරුවෝ ප්‍රසිද්ධියේම කියයි..
00:23
Video thumbnail
දුම්රිය අනතුරෙන්, පෙර පිනකට ජීවිතය බේරුණ තරුණයා - "ලොකු දෙයක් උඹ බේරිච්ච එක"
00:26
Video thumbnail
අලුත්ගම බිහිසුණු දුම් රිය අනතුරේ CCTV දර්ශන එළියට..දානකොටම ආවානේද කෝච්චිය ?
00:47
Video thumbnail
බිහිසුණු දුම්‍ රිය අනතුරක් සිදුවූ ස්ථානයේ උණුසුම් තත්ත්වයක්
00:44
Video thumbnail
පරම වීර විභූෂණ සම්මානයෙන් පිදුම් ලැබූ දිවංගත රණවිරුවෙකුගේ මව්පියන්ට යුද්ධ හමුදාධිපතිගෙන් උපහාර
02:03
Video thumbnail
සුරේෂ් සලේ ගැන කිසි සාක්ෂියක් නෑ..ආණ්ඩුවට ප්‍රබල චෝදනාවක්..ශානිගේ තනි තීන්දුවෙන් සලේ ඇතුළට දැම්මේ ?
17:38
Video thumbnail
මීට සුළු මොහොතක බිහිසුණු දුම්‍රිය අනතුරක් සිදුවූ ස්ථානයේ උණුසුම් තත්ත්වයක්
00:48