බලංගොඩ – ඕපනායක අනතුරකින් හයක් රෝහලේ

බලංගොඩ, ඕපනායක, උඩවෙල ප්‍රදේශයේ දී ඩිෆෙන්ඩර් රථයක් වැලි ප්‍රවාහනය කරමින් තිබූ ටිපර් රථයක ගැටීමෙන් අනතුරක් සිදුව තිබෙනවා.

මෙම අනතුරින් තරුණියක් ඇතුළු හයදෙනෙක් තුවාල ලබා බලංගොඩ මූලික රෝහල වෙත ඇතුළත් කර ඇති බවයි පොලිසිය පැවසුවේ.

ඩිෆෙන්ඩර් රථයේ ගමන්ගත් තරුණියක් සහ තරුණයින් සිව්දෙනෙක් මෙන්ම ටිපර් රථයේ රියදුරු මෙලෙස රෝහල් ගතකළ අය බවයි වාර්තා වුණේ.

තුවාලකරුවන් අතරින් සිව්දෙනෙකුගේ තත්ත්වය බරපතළ බැවින් ඔවුන් වැඩිදුර ප්‍රතිකාර සඳහා රත්නපුර මහ රෝහල වෙත මාරැකර යවා තිබෙනවා.

ඩිෆෙන්ඩර් රථයේ රියදුරුගේ අපරික්ෂාකාරී රිය ධාවනය හේතුවෙන් අනතුර සිදුව ඇති බවට මූලික විමර්ශනවල දී අනාවරණය වෙන බවයි පොලිසිය පැවසුවේ.

අනතුර සම්බන්ධයෙන් ඕපනායක පොලිසිය විසින් වැඩිදුර පරීක්ෂණ සිදුකරනු ලබනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දිග්ගල පාරේ ලඳු කැලෑවකින් දුම් බෝම්බ දෙකක් සොයා ග‍යි - පානදුර සලිත වෙයි
00:27
Video thumbnail
මනුස්සයෙක් වේදිකාවේ ඉදලා සජිත් වෙනුවෙන් ගැයූ කවි - "තාත්තට එහා දෙයක් කරන්න හදන පුතෙක්"
02:57
Video thumbnail
ජනතාවගේ ප්‍රශ්න කතා කරන්න ගිය සජිත්ට මිනිස්සුන්ගේ ලැබුණු ආදරය - "මම පාර්ලිමේන්තුවේ කතා කරන්නම්"
02:00
Video thumbnail
S.M. චන්ද්‍රසේන අධිකරණයට ඇවිත් කිව්ව දේ - "විශාල අසාධාරණකම් වෙමින් තියෙන්නේ"
03:01
Video thumbnail
පුටු චුට්ටක් එහෙට මෙහෙට මාරුවෙයි..කවුරුවත් කලබල වෙන්න එපා - ජනපති අනුර කිව්ව අමුතු කතාව
01:33
Video thumbnail
අවුරුදු ගාණක් තම පවුල නඩත්තු කළ එළදෙනගේ අහිමිවීම කොහොම දරාගන්නද ?බලන්නකෝ ඒ ආදරය
02:45
Video thumbnail
එළදෙන බේරගන්න ගිය ලොරි රථය කාර් රථයක වැදී බිහිසුණු අනතුරක් - එළදෙන එතනම එළොව ගිහින්
03:39
Video thumbnail
Pop Culture Festival වෙනුවෙන් ලෝක ප්‍රසිද්ධ Alan Walker දිවයිනට ආපු හැටි
00:24
Video thumbnail
'නවෝදයාපුරම්' නිවාස ව්‍යාපෘතිය ජනපති සුරතින් ජනතා අයිතියට"ලස්සන ජීවිතයක් දුන්නට අනුර මාමාට ස්තූතියි"
02:10
Video thumbnail
ඉතිහාසයේ බිහිවෙච්ච පහත්ම ආණ්ඩුව මේක - තව ටික කාලයයි උඹලට බලය තියෙන්නේ
05:44