දුම්රියේ ගැටී කාන්තාවක් මිය යයි

කොටගල සහ හැටන් අතර ප්‍රදේශයේදී දුම්රියේ ගැටීමෙන් කාන්තාවක් මියගොස් තිබෙනවා.

අද සවස බදුල්ල සිට කොළඹ බලා ධාවනය වෙමින් තිබූ දුම්රියේ ගැටීමෙන් මෙම කාන්තාව මියගොස් ඇත්තේ කොටගල සහ හැටන් අතර අඩි 60 පාලම ආසන්නයේදීයි.

මියගිය කාන්තාවගේ සිරුර එම දුම්රියෙන් කොටගල දුම්රිය ස්ථානයට රැගෙන ඒමෙන් අනතුරුව රෝහලට රැගෙන ගොස් තිබෙනවා.

මෙම කාන්තාව ජංගම දුරකථනය භාවිත කරමින් දුම්රිය මාර්ගය ඔස්සේ ගමන් කරමින් සිටියදී මෙලෙස දුම්රියේ ගැටී ඇති බවටයි අනාවරණ වී ඇත්තේ.

ඇය හැටන් කුඩාගම ප්‍රදේශයේ පදිංචිකාරියක් බවට හෙළිවී ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් ඇයගේ ඥාතීන් දැනුවත් කිරීමට පොලිසිය පියවර ගෙන තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් කොටගල පොලිසියයි පරීක්ෂණ සිදු කරන්නේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බිමල්, නාමල් කරුණාරත්න මහණවෙලා හිටියේ..යකෝ මුන් මහාවංශය කියවලාවත් නැද්ද ?
01:51
Video thumbnail
අලුත්ගම අනතුර ඇසින් දුටු අයෙක් සියල්ල හෙළිකරයි - "සංඥා වැදෙද්දිම ත්‍රීවිල් එක දැම්මේ"
01:38
Video thumbnail
"කෝච්චි නැතුවත් නිකනුත් පත්තු වෙනවා" අනතුරෙන් පසු උණුසුම් වූ මිනිස්සු..මෙන්න තවත් දර්ශන
03:28
Video thumbnail
කාලයක් මහණ වෙලා හිටපු සෙට් එක ගැන හාමුදුරුවෝ ප්‍රසිද්ධියේම කියයි..
00:23
Video thumbnail
දුම්රිය අනතුරෙන්, පෙර පිනකට ජීවිතය බේරුණ තරුණයා - "ලොකු දෙයක් උඹ බේරිච්ච එක"
00:26
Video thumbnail
අලුත්ගම බිහිසුණු දුම් රිය අනතුරේ CCTV දර්ශන එළියට..දානකොටම ආවානේද කෝච්චිය ?
00:47
Video thumbnail
බිහිසුණු දුම්‍ රිය අනතුරක් සිදුවූ ස්ථානයේ උණුසුම් තත්ත්වයක්
00:44
Video thumbnail
පරම වීර විභූෂණ සම්මානයෙන් පිදුම් ලැබූ දිවංගත රණවිරුවෙකුගේ මව්පියන්ට යුද්ධ හමුදාධිපතිගෙන් උපහාර
02:03
Video thumbnail
සුරේෂ් සලේ ගැන කිසි සාක්ෂියක් නෑ..ආණ්ඩුවට ප්‍රබල චෝදනාවක්..ශානිගේ තනි තීන්දුවෙන් සලේ ඇතුළට දැම්මේ ?
17:38
Video thumbnail
මීට සුළු මොහොතක බිහිසුණු දුම්‍රිය අනතුරක් සිදුවූ ස්ථානයේ උණුසුම් තත්ත්වයක්
00:48