AFC Banner
Empty Ad
Empty Ad

ශ්‍රී ලංකාවේ සූර්ය පැනල නිෂ්පාදනයට ඇති හැකියාව ගැන ඉන්දියාවේ අවධානය

ශ්‍රී ලංකාවේ සූර්ය පැනල නිෂ්පාදනය කිරීමට ඇති හැකියාව පිළිබඳ ඉන්දීය සමාගමක බලධාරීන් විසින් මූලික සාකච්ඡාවක නිරතවී තිබෙනවා. ඒ බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර සමගයි.

ඉන්දියාවේ සුරන සමුහයේ, සුරන සෝලාර් සමාගමේ කළමණාකාර අධ්‍යක්ෂ නරේන්ද්‍ර සුරන මහතා මෙරටට පැමිණ, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සමග සාකච්ඡාවක නිරත වී තිබුණා.

එම සාකච්ඡාවෙන් පසුවයි බලශක්ති අමාත්‍යවරයා සමග විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශයේදී සාකච්ඡාවකට එක්වී ඇත්තේ.

මෙරට පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘති සඳහා ආයෝජනය කිරීම පිළිබඳව සහ සූර්ය පැනල මෙරට නිෂ්පාදනය කිරීමේ හැකියාව සම්බන්ධයෙන් මෙහිදී දෙපාර්ශවය මූලික සාකච්ඡාවක නිරත වී තිබෙනවා.

ඉදිරියේදී සූර්ය පැනල මෙරට නිෂ්පාදනය කිරීම වෙනුවෙන් සුදුසු ස්ථානයක් සුරන සෝලා සමාගමට හඳුනා ගැනීමට සහ ආයෝජනයන් වෙනුවෙන් සුදුසු ව්‍යපෘති හඳුනාගෙන සංවර්ධනයට වැඩිදුරටත් සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බවයි අමාත්‍යවරයා කියාසිටියේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
3
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?