අභියෝග ජයගත හැකි ආකල්පමය වෙනසක් සහිත අධ්‍යාපන ක්‍රමයක් අවශ්‍යයි – සාගල රත්නායක

අභියෝග ජයගත හැකි ආකල්පමය වෙනසක් සහිත අධ්‍යාපන ක්‍රමයක් රටට අවශ්‍ය බව ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක මහතා පවසනවා.

ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ නිරීක්ෂණ චාරිකාවකට එක්වෙමිනුයි ඔහු මේ බව කියාසිටියේ.

සාගල රත්නායක මහතා ඊයේ (18) පස්වරුවේ ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ නිරීක්ෂණ චාරිකාවකට එක් වුණා.

විශ්වවිද්‍යාල පරිශ්‍රය වෙත පැමිණි සාගල රත්නායක මහතා පළමුව එහි පිහිටි රණවිරු ස්මාරකය වෙත ගොස් පුෂ්පෝපහාර දැක්වීමට එක්වුණා.

විශ්වවිද්‍යාලයේ අභිනව විශ්ලේෂණ විද්‍යාගාරය (Analytical Laboratory) විවෘත කිරීම ද සාගල රත්නායක මහතා අතින් සිදු වූ අතර විශ්වවිද්‍යාල භූමියේ ඉදිවන ශ්‍රවණාගාරයේ ඉදිකිරීම් ද ඔහු නිරීක්ෂණය කළා.

ඉන් අනතුරුව කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ උප කුලපති කාර්යාලය වෙත පැමිණි සාගල රත්නායක මහතා එහිදී අධ්‍යක්ෂ මණ්ඩලය සමඟ සාකච්ඡාවකට එක් වෙමින් විශ්වවිද්‍යාලයේ සංවර්ධන කටයුතු පිළිබඳව සොයා බලා තිබෙනවා.

එහිදී කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලය ලබාදෙන අධ්‍යාපනය හා එහි ප්‍රමිතිය මෙන්ම ගුණාත්මකභාවය පිළිබඳව සුබපැතුම් පළ කළ සාගල රත්නායක මහතා සඳහන් කළේ විශ්වවිද්‍යාලය විසින් පවත්වාගෙන යන විනය එහි සාර්ථකත්වයට හේතුව බවත්, රටට ද අවශ්‍ය එවන් ආකල්මය වෙනසක් සහිත අධ්‍යාපන ක්‍රමවේදයක් බවයි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ සාගල රත්නායක මහතා,

පළමුව මෙම අවස්ථාවට ආරාධනා කිරීම පිළිබඳව මම ඔබ සියලුදෙනාට ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම මෙම විශ්වවිද්‍යාලයේ පවත්වාගෙන යන ප්‍රමිතිය සහ ලබාදෙන අධ්‍යාපනයේ ගුණාත්මකභාවය පිළිබඳව අප ඉතා ආඩම්බර වන බව කිවයුතුයි.

මගේ ඥාති පුත්‍රයා මෙහි නීති හා අපරාධ විද්‍යා පීඨයේ ඉගෙනුම ලබනවා. ඔහු මීට ඇතුළත්වීමට සුදුසුකම් ලැබූ දිනයේ, අනෙක් විශ්වවිද්‍යාල රාශියක් තිබියදී ඇයි ඔබ මෙම විශ්වවිද්‍යාලය තෝරාගත්තේ කියා මා විමසා සිටියා. එවිට ඊට ප්‍රධානතම හේතුව ලෙස ඔහු මා සමඟ සඳහන් කර සිටියේ මෙහි පවත්වා ගෙන යන විනයයි. වෙනත් විශ්වවිද්‍යාලයකට ගොස් විවිධ හේතු මත මහ පාරේ විරෝධය පළ කරමින් සිටීමට ඔහුට අවශ්‍ය වුණේ නෑ.

මේ රට ඉදිරියට ගෙන යාමට අවශ්‍ය වන්නේ මෙවැනි අධ්‍යාපන ක්‍රමයක්. ඒ වගේම තරුණ ප්‍රජාවට මුහුණදීමට සිදුවන අභියෝග ජය ගැනීමට අවශ්‍ය වන ආකල්ප සංවර්ධනය වීමටත් මෙවැනි අධ්‍යාපන ක්‍රමයක් අවශ්‍යයි.

විවිධ කාලවලදී අඩු වැඩි වශයෙන් වරින් වර විවිධ අභියෝගවලට මුහුණ දීමට මෙරටට සිදු වුවත් මේ වන විට අප නිවැරදි මාවතට අවතීර්ණ වී සිටිනවා. අප මෙම මාර්ගයේම ඉදිරියට ගමන් කළ හොත්, අප සිහින දුටු සිංගප්පූරුව මෙන් ශ්‍රී ලංකාව ද සාර්ථක තත්ත්වයකට පත් කර ගත හැකියි.

මෙහිදී වැදගත්ම දේ වන්නේ පැනවිය යුතු නීති පැනවීම, නියාමනය කළ යුතු දේ නියාමනය කිරීම සහ නියාමනයන් ඉවත් කළයුතු දේ ඉවත් කිරීමයි. ආර්ථිකය පිළිබඳ සැලකීමේ දී අපි එහි අනවශ්‍ය නියාමනයන් ඉවත් කර විවෘත කළ යුතුයි. ඒ වගේම දැනට පවතින නීති සහ රෙගුලාසි, මුදල් විශුද්ධිකරණය, මූල්‍ය විමර්ශන වැනි අංශයන්ගේ ප්‍රමිතිය නැවත තහවුරු කළ යුතුව තිබෙනවා.

නීතිය, සාමය සහ ජාතික ආරක්‍ෂාව පිළිබඳ අප දැඩි ලෙස අවධානය යොමු කරනවා. මෙහිදී කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයට විශේෂ කාර්යභාරයක් පැවරී තිබෙනවා. අපේ තරුණ තරුණියන් වෙනුවෙන් නව අධ්‍යාපන ක්‍රමවේදයක් ඇති කළ යුතුයි. වරාය නගරය සහ මුල්‍ය මධ්‍යස්ථානය ආරම්භ වූ පසු එහි අරමුණු සාක්ෂාත් කර ගැනීම වෙනුවෙන් අපේ ක්‍රමවේදයන් සියල්ල ඊට ගැළපෙන පරිදි ප්‍රතිව්‍යුහගතකරණය කළ යුතු වෙනවා. මූල්‍ය වෙළෙඳපොළ ද ඒ අනුව වෙනස්කම් වලට භාජනය කළ යුතුව තිබෙනවා.

ඒ වගේම කෘතිම බුද්ධිය භාවිතයට ගැනීම තාක්ෂණික වශයෙන් ගුණාත්මක අධ්‍යාපන ක්‍රමයක් ඇති කිරීම සඳහා වැදගත් වෙනවා. ඒ සඳහා අවශ්‍ය නීති සහ රෙගුලාසි සහිත සම්පූර්ණ වර්ධන වැඩසටහනක් ඉදිරිපත් කිරීමට අප බලාපොරොත්තු වෙනවා. නමුත් එය අදියරෙන් අදියර ක්‍රියාත්මක කිරීමට සිදුව තිබෙනවා. ඒ අපට මුහුණ දීමට සිදු වූ ආර්ථික අර්බූදය හමුවේ මේ සියල්ල එකවර ක්‍රියාත්මක කළ නොහැකි නිසයි.

අප ඉදිරියට යන විට අපට ගැළපෙන ආකාරයට යම් යම් වෙනස්කම් කිරීමට සිදු විය හැකියි. නමුත් මෙහි ප්‍රධානතම කරුණ වන්නේ අප මෙය නිවැරදිව සිදු කිරීමයි. අපට අවශ්‍ය කරන දැනුම අප ලබා ගත යුතු අතර අප සතු දැනුමද සමඟ ඉදිරියට යා යුතුයි. විශේෂයෙන්ම මෙහි පෙරගමන්කරු විය යුත්තේ කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයයි.

යම් සිසුවෙකු මෙම විශ්වවිද්‍යාලයෙන් අධ්‍යාපනය ලබා රජයේ රැකියාවක් ලබා ගැනීමට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු පසුපස යනවා නම් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලය අසමත් බව මතක තබා ගන්න. අප එම ක්‍රමවේදය වෙනස් කළ යුතුයි. අප රටක් ලෙස වෙනස් කරගත යුත්තේ ද එවැනි ආකල්පයි. රජයේ විශ්වවිද්‍යාලයකින් පිටවන සෑම උපාධිධාරියෙකුම අනිවාර්යයෙන්ම රජයෙන් ඔවුන්ට රැකියාවක් ලබාදිය යුතුයි යන මතයේ සිටිනවා. එය සම්පූර්ණයෙන්ම වැරදියි. මෙම ආකල්පමය වෙනස සිදු කළ යුතුයි.

කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ පනත පිළිබඳව අපේ අවධානය යොමු කර තිබෙනවා. කළමනාකරණ මණ්ඩලයේ තනතුරු වගේම මෙයට ඇතුළත් කර ගන්නා පෞද්ගලික සිසුන් ප්‍රමාණය පුළුල් කිරීමට ඇති හැකියාව ද හඳුනාගෙන තිබෙනවා. ඒ වගේම කුරුණෑගල, පොළොන්නරුව සහ කොළඹ වැනි ප්‍රදේශවල කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ ශාඛ ආරම්භ කිරීමට අවධානය යොමු කර තිබෙනවා. මෙම වෙනස්කම් පිළිබඳ අපේ ප්‍රධාන අවධානය යොමු කර තිබෙන අතර මීට අමතරව වෙනත් අදහස් ඔබට ඇත්නම් ලබන අඟහරුවාදා වන විට ඒවා අපට ලබා දෙන ලෙස ඉල්ලා සිටිනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඉන්ධන මිල අඩුවීම ගැන නලින්ද හෙළිකරයි - සහනය ඉවත් කළොත් මිල තව ඉහළ යනවා
02:43
Video thumbnail
පාස්කුවේ ප්‍රහාරයේ ප්‍රතිලාභියා කාදිනල් හිමිද ? කිසිම පූජකයෙක් මැ#ණේ නෑ..ඒක සැකයි
02:22
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.06.23
08:07:32
Video thumbnail
ත්‍රස්තවාදී පනතෙන් ආණ්ඩුවත් වැඩ ගන්නවද ?නලින්ද සියල්ල හෙළිකරයි - දික්කසාද නඩුවක් වගේද මේක පේන්නේ ?
05:34
Video thumbnail
සලේටයි බිරිඳටයි නලින්ද කට උත්තර නැතිවෙන්න කිව්ව කතාව - මහත්තයාට කන්න කියන්න..පූජා තියලා හරියන්නේ නෑ
04:32
Video thumbnail
සෙංකෝලය උස්සන්න ගිය සිද්ධිය ගැන නලින්ද සැරවෙයි - අපිට කරගන්න බැරි තත්ත්වයක් තිබුණේ
05:00
Video thumbnail
අධික වේගයෙන් ධාවනය වු යතුරුපැදියක් ලිස්සා ගිහින් බස් රථයක ගැටෙයි
00:54
Video thumbnail
ඔයාලට වැඩ බැරි නම් ඔය පුටුවලින් නැගිටිලා යන්න
03:05
Video thumbnail
ප්‍රසාද් සර්ගේ ප්‍රකාශයට කැබිනට් මාධ්‍ය හමුවේදී සැර කතාවක් - අපි තීන්දු ගන්නේ නෑ අධිකරණයම බලාගයි
01:55
Video thumbnail
අපි අමාරුවෙන් රට ගොඩනගද්දී විපක්ෂය ඒක කඩාකප්පල් කරන්න හදනවා
03:01