අග්බෝ ඇතාට සෙත් පතා සෙත් පිරිත් සජ්ඣායනයක් (වීඩියෝ)

වනජීවී නිලධාරීන් විසින් ප්‍රතිකාර කිරීම අරඹා ඇති රෝගී වී සිටින අග්බෝ ඇතාට සෙත් පතා සෙත් පිරිත් සජ්ඣායනයක් ඊයේ (18) සිදුකළා.

අග්බෝ ඇතා රැඳී සිටින ආරක්ෂිත වෙත වැඩමකර වූ ජාතික නාමල් උයන නිර්මාතෘ වනවාසී රාහුල හිමි හිමියන් සහ ඓතිහාසික උපුල්වෙහෙර රජමහා විහාරස්ථානයේ විහාරාධිපති රාජකීය පණ්ඩිත පූජ්‍ය ධාගම ධම්මාලංකාර හිමියන් විසින් මෙම පිරිත් සජ්ඣායනය සිදුකළ බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

මෙහිදී ඇතාට ආරක්ෂාව සපයමින් වනය තුළ රැඳී සිටින වනජීවී නිලධාරීන්ට සහ ඇතාට ප්‍රතිකාර කරනු ලබන වෛද්‍යවරුන්ට මෙන්ම මෙම මෙහෙයුම වාර්තා වාර්තාකරණයේ දී සිටින මාධ්‍යවේදීන්ට ද ආශීර්වාද කිරීමට ද උන් වහන්සේලා මෙහිදී කටයුතු කළා.

සෙත් පිරිත් සජ්ඣායනයෙන් පසු ඇතාට පිරිත් පැන් ලබාදීමට ද වනජීවී නිලධාරීන් කටයුතු කළ අතර, අනතුරුව සත්වයාට ආහාර පාන ලබාදීම ද සිදුකරනු ලැබුවා.

පිරිත් සජ්ඣායනාව සිදුකරනු ලබන අවස්ථාවේ දී අග්බෝ ඇතා තම හොඩයෙන් පිරිත් නූල රැගෙන තම අසාධ්‍ය කකුලේ රඳවා ගන්නා ආකාරය ද දැකගත හැකි වුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
තම සැමියා වෙනුවෙන් අධිකරණයට ආ හිටපු අගවිනිසුරු ශිරාණි බණ්ඩාරණායක
00:52
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.10.07
07:22:45
Video thumbnail
ශිරන්ති ගේද්දි අධිකරණය අසලට කාන්තාවෝ එකතුවෙයි - "මැඩම්..ඩෝන්ට් වොරි..ඩෝන්ට් වොරි මැඩම්"
01:25
Video thumbnail
ඥානසාර හිමි ජම්පරේ ඇන්දා කියලා ඔප්පු කළොත් අපිත් ජම්පරේ අදිනවා - වැහුවේ එක කටයි
06:36
Video thumbnail
කාර් එකකින් ඇවිල්ලා පාරේ තිබ්බ කුණු බක්කියක් උස්සන් ගිය හැටි
00:18
Video thumbnail
සිවුර ගලවන එක ජවිපෙට ලොකු දෙයක් නෙමෙයි, ආගම ගැන කිසිම හැංගීමක් නෑ
03:02
Video thumbnail
ශිරන්ති රාජපක්ෂ අධිකරණයට රැගෙන යද්දි වෙච්ච දේ - "අපි ඉන්නවා මැඩම් වෙනුවෙන්..මැඩම්"
01:17
Video thumbnail
මහින්ද කහඳගම අපේ පක්ෂයේ නෑ - සාගර කිව්වේ බොරුවක්..?
04:44
Video thumbnail
ඥානසාර හිමිට නව සිවුරක්
00:29
Video thumbnail
අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට ගත් හිටපු ඇමති රෝහිත අධිකරණයට
01:05