ජයිකා නියෝජිතයන් විදුලි බල ඇමති හමු වෙයි

ජපාන ජාත්‍යන්තර සහයෝගිතා ඒජන්සියේ (ජයිකා) මූල්‍ය සංවර්ධන සහ සහයෝගීතා සබඳතා කටයුතු පිළිබඳ උප සභාපති ආචාර්ය මෙගුමි මුටෝ සහ මෙරට ප්‍රධාන නියෝජිත ටෙට්සුයා යමාඩා ප්‍රමුඛ නිලධාරීන් විදුලිබල හා බලශක්ති අමාත්‍යවරයා සමඟ සාකච්ඡාවක් පවත්වා තිබෙනවා.

විදුලිබල ක්ෂේත්‍රයේ ප්‍රතිව්‍යුහගත කිරීමේ කටයුතු, පුනර්ජනනීය බලශක්ති වැඩසටහන්, හරිත ප්‍රතිසාධනය සහ කාලගුණික වෙනස්වීම් යන කරුණු මෙහිදී සාකච්ඡාවට ගත් බවයි වාර්තා වන්නේ.

මෙරට විදුලි බල ක්ෂෙත්‍රයේ ප්‍රතිව්‍යුහගත කිරීමේ කටයුතු වෙනුවෙන් අමාත්‍යංශය තුල ස්ථාපිත ප්‍රතිව්‍යුහගත කිරීමේ කාර්යංශය පවත්වාගෙන යාමට ජපාන ජාත්‍යන්තර සහයෝගිතා ඒජන්සිය මුල්‍ය ප්‍රධානයක් සිදුකර ඇති අතර විදු ලිබල මණ්ඩලයේ ප්‍රතිව්‍යුහගත කිරීමේ කටයුතු වෙනුවෙන් අවශ්‍ය උපදේශනයන් ද ලබාදීම සිදු කරන බව ඔවුන් දැනුම්දී තිබෙනවා.

ජපාන ජාත්‍යන්තර සහයෝගිතා ඒජන්සිය මෙරටට ලබාදෙන මූල්‍ය ප්‍රදානයන් සහ අනෙකුත් සහය සම්බන්ධයෙන් අමාත්‍යවරයා සිය ස්තූතිය ද පළ කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.06.24
00:00
Video thumbnail
ගුවන් හමුදා කඳවුරේ නිලධාරීන්ව බියට පත් කළ අලියා
00:55
Video thumbnail
හෂීෂ් මත්ද්‍රව්‍ය සමඟ 18 හැවිරිදි තරුණියක් ගුවන්තොටේ දී කොටුවෙයි
01:27
Video thumbnail
හිතපු නැති විදිහට ඩෙංගු පැතිරෙනවා - පාලනය කරගන්න බැරුව ඉන්නේ
10:57
Video thumbnail
දයාසිරි උදෙන්ම කථානයාක එක්ක ගේම ඉල්ලයි
00:59
Video thumbnail
ඩ්‍රයිවර්ට එකපාරටම ෆිට්ස් හැදිලා ලංගම බස් රථය මුහුණ දුන් බිහිසුණු අනතුර
02:04
Video thumbnail
ලාල් කාන්තලා බත් ද කන්නේ - ඇට පිටින් ගංජා ගහලා වගේ කතා කරන්නේ
05:43
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.06.23
01:19:16
Video thumbnail
ඇමරිකාවෙන් දුන්න හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාරගත් අයුරු..ජනපති යානා ඔක්කොම බලයි
02:18
Video thumbnail
වැස්සෙන් පාසලට යන පාර වැහිලා..උදැල්ලක් අරගෙන පොලිස් නිලධාරියා කරපු දේ
00:46