ආසියානු කුසලානය නරඹන්න එන සංචාරකයින් වෙනුවෙන් විශේෂ වැඩපිළිවෙළක්

එළඹෙන ආසියානු කුසලාන ක්‍රිකට් තරඟාවලිය ඉලක්ක කර ගනිමින් සංචාරක අමාත්‍යාංශය සංචාරක ප්‍රවර්ධන වැඩසටහන් කිහිපයක් සැලසුම් කර තිබෙනවා.

ආසියානු කුසලාන තරඟාවලියේදී විශේෂයෙන්ම ඉන්දියාව සහ පකිස්ථානය අතර තරඟ සඳහා ශ්‍රී ලංකාවට සංචාරකයින් විශාල ප්‍රමාණයක් පැමිණෙනු ඇති බවටයි සංචාරක අමාත්‍යාංශය අපේක්ෂා කරන්නේ.

තරඟාවලියේදී පැමිණෙන සංචාරකයින් සඳහා පිරිනැමෙන විවිධ ප්‍රවර්ධන කටයුතු සහ සංචාරක පැකේජ පිළිබඳව සාකච්ඡාවක් ඊයේ සංචාරක අමාත්‍යාංශයේදී පැවැත් වුණා.

මෙම සාකච්ඡාවට සංචාරක අමාත්‍ය හරීන් ප්‍රනාන්දු, ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයේ (SLTPB) සභාපති චාලක ගජබාහු මෙන්ම ක්‍රිකට් සභාපති ෂම්මි සිල්වා ඇතුළු ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නියෝජිතයින් ද එක්ව සිටියා.

ආසියානු කුසලානය වෙනුවෙන් ගෙන ඇති ක්‍රියාමාර්ග පිළිබඳව අදහස් දක්වමින් සංචාරක අමාත්‍ය හරීන් ප්‍රනාන්දු කියා සිටියේ ක්‍රිකට් තරඟාවලිය සඳහා රජයේ පූර්ණ සහයෝගය ලබාදී ඇති බවයි.

පැමිණෙන සංචාරකයින් සඳහා අවශ්‍ය පහසුකම් සැලසීම සඳහා සංචාරක අමාත්‍යාංශය ඊට අදාළ අනෙකුත් උත්සව සංවිධානය කිරීමට කටයුතු කරමින් සිටින බවද ඔහු වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පොහොට්ටුවේ මීනු කළුතර හොල්ලයි..නාමල්ගේ Meetingවලට එන සෙනඟ දැකලා NPP එකේ කකුල් වෙව්ලනවා
07:01
Video thumbnail
නාමල් රාජපක්ෂගේ මීටින්වලට එන ජන ගඟ දැකලා NPP එකේ කකුල් සට සට ගාලා වෙව්ලනවා..
00:10
Video thumbnail
බොරු පොරොන්දු ආකරයක් තුළින් රටම රවට්ටලා - රජයේ මන්ත්‍රීලා එකතුවෙලා ඉඩම් මංකොල්ල කනවා ?
03:53
Video thumbnail
වී කන්න ආ වන අලියා නිවසට ප#රදී කුඩු කරලා - වන අලි තර්ජනය උග්‍ර වෙයි - ජනතාව අසරණවෙයි
00:47
Video thumbnail
කොට්ටහච්චිට හිටපු ඇමති චන්දිමගෙන් සැර හින්ට් එකක්.."කොට්ටෝරුවා වගේ"
10:54
Video thumbnail
මුළු තලවකැලේම ජනතාව භීතියට පත්කළ බස් නැවතුමේ බිහිසුණු සිදුවීම - ටවුන් එකේ ඉන්න බෑ
02:14
Video thumbnail
මහා දරුණු දේශපාලන කල්ලි අපි පලවා හැරියේ - අපිට ලැබුණේ අඩිය නැති ආර්ථිකයක් තිබුණ රටක්
10:53
Video thumbnail
මහින්ද මහත්තයා දකුණේ කියද්දි ගැම්මක් තිබුණා - නීතිය සැමට උඩින් කිව්වා..අද කෝ ආයෝජකයෝ ?
10:02
Video thumbnail
අධිබලැති විදුලි රැහැන් කණුවක නැගලා මනුස්සයෙක් දාපු සෙල්ලම - "පාන්දර ඉදලා ඉන්නේ..කෑගැහුවා"
02:02
Video thumbnail
දියවඩන නිලමේගෙන් පෙරහර ගැන විශේෂ ප්‍රකාශයක්..ඉතා විනයගරුකව පෙරහර නරඹන්න
02:08