පොංගල් පූජාවක් තියන්න ආ මන්ත්‍රී නිසා කුරුන්දි පුදබිම උණුසුම් වෙයි (ඡායාරූප)

මුලතිව් – කුරුන්දි විහාරස්ථානයේ අද (18) දින පොංගල් පූජාවක් පැවත්වීමට දෙමළ ජාතික ජනතා පෙරමුණේ නායක ගජෙන්ද්‍ර කුමාර් පොන්නම්බලම් ඇතුළු පිරිසක් ඊට ඇතුළු වී තිබෙනවා.

ඒ, සමඟ කුරුන්දි විහාරයේ දායකයින් සහ එම පිරිස අතර, උණුසුම් තත්ත්වයක් හටගත් අතර එය පාලනය කිරීම සඳහා පොලිසියට ද මැදිහත් වීමට සිදුව ඇති බවයි වාර්තා වුණේ.

පාර්ලිමේන්තු මන්ත්‍රී ගජෙන්ද්‍රකුමාර් පොන්නම්බලම් ඇතුළු පිරිසක් විසින් මුලතිව් අධිකරණයෙන් ලබාගත් නියෝගයකට අනුව, කුරුන්දි විහාර භූමියේ පොංගල් පූජාවක් පැවත්වීමට පැමිණි තිබෙනවා.

එම අවස්ථාවේ දී විහාරයේ දායකයින් ඊට විරෝධය පෑමත් සමඟ දෙපාර්ශ්වය අතර උණුසුම් වචන හුවමාරුවක් සිදුව ඇති බවයි අප වාර්තාකරු පැවසුවේ.

අනතුරුව එම ස්ථානයට පැමිණි කුරුන්දි විහාරයේ විහාරාධිපති පූජ්‍ය ගල්ගමුවේ ශන්තබෝධි හිමියන් විසින්, අධිකරණ නියෝගය හේතුවෙන් පොංගල් පූජාව පැවැත්වීමට අවස්ථාව ලබාදීමටයි කටයුතු කර ඇත්තේ.

කෙසේ වෙතත් ඉදිරියේ දී මෙවැනි සදාචාර විරෝධී ක්‍රියා සිදුනොකරන ලෙසට මන්ත්‍රීවරයා ඇතුළු පිරිසට දැනුම් දුන් අතර, එම අවස්ථාවේදී විහාරාධිපති හිමියන්ට බැණ වදිමින් එම පිරිස උණුසුම්කාරීව හැසිර තිබෙනවා.

අනතුරුව එම ස්ථානයට පැමිණි මුලතිව් පොලීසිය විසින් තත්ත්වය පාලනය කර පුරා විද්‍යා නිලධාරීන්ද කැඳවා පොංගල් පූජාව පැවත්වීමට සුදුසු ස්ථානයක් පිලිසකර දීමෙන් අනතුරුව පැමිණි පිරිස් විසින් පූජාව පවත්වා විසිර ගොස් ඇති බවයි වාර්තා වුණේ.

කෙසේ වෙතත් අදාළ අධිකරණ තීන්දුවලට එරෙහිව කුරුන්දි විහාරස්ථානයේ විහාරාධිපති හිමියන් විසින් භියාචනාධිකරණයේ නඩුවක් ගොනු කිරීමට පියවර ගන්නා බවයි සඳහන් කර ඇත්තේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඇමති නලින්ද අතින් විවෘත කළ අංග සම්පූර්ණව නිවස - රජය විදියට වැය කරන්නේ ජනතාවගේ බදු මුදල්
06:38
Video thumbnail
මම අවු:5ක් රට අරගෙන ගියේ ආණ්ඩුවත් විපක්ෂයත් නැතුව - මෛත්‍රිපාල රට පාලනය කළ අයුරු කියයි
04:42
Video thumbnail
සති ගණන් බලන් ඉන්න ඕනි නෑ පාර්සල් ලබාගන්න - පි පා ගමනින් ගිහින් ජනතාව දැනුවත් කරනවා
02:56
Video thumbnail
පපරේ බෑන්ඩ් ගගහා මොරටුව තැපැල් කාර්යාලයේ සේවකයෝ කරපු දේ - තැපැල් පෙට්ටිත් උස්සගෙන කරන වැඩේ
02:45
Video thumbnail
රෙස්ටූරන්ට් කෑම ගැන බෙල්ලන්විල ධම්මරතන හිමි කිව්ව අමුතු කතාව - "මමත් රෙස්ටූරන්ට් Sponsor කරන කෙනෙක්"
06:15
Video thumbnail
යන්න කියන්න අප්පේ මම දහදුක් විඳලා හම්බ කරගත්තේ - අලියා ඇවිත් වී ටිකට දුන්න සුද්දය
00:39
Video thumbnail
කුඩාඔය පොලිසියේ ස්ථානාධිපති නිල නිවස පොලිස්පති අතින් විවෘත කළ අයුරු
02:21
Video thumbnail
අධ්‍යාපන වෙනසක් කරනවා කියලා මෙලෝ දෙයක් නොකර කයිවාරු ගහනවා - බොරු කියනවා
08:07
Video thumbnail
බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි - මෙන්න කාලගුණයේ නවතම තතු
02:30
Video thumbnail
වේදිකාවේ සංවේදී වූ මෛත්‍රිපාල - "මම මගේ ආච්චිව දැකලත් නෑ අම්මව දැකලත් නෑ.."
11:26