හෝමාගම කර්මාන්තපුරයේ ගිනිගත් රසායනික ද්‍රව්‍ය ගබඩාවට පරිසර බලපත්‍රයක් නැහැ – මධ්‍යම පරිසර අධිකාරිය (වීඩියෝ)

ඊයේ (17) රාත්‍රියේ ගිනි ගැනීමකට ලක්ව විනාශ වූ හෝමාගම කර්මාන්තපුරයේ පිහිටි රසායනික ද්‍රව්‍ය ගබඩාවට නියමිත පරිසර බලපත්‍රයක් ලබාගෙන නොමැති බව මධ්‍යම පරිසර අධිකාරියේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් අජිත් වීරසුන්දර පවසනවා.

මධ්‍යම පරිසර අධිකාරියේ නිලධාරීන් විසින් ගිනි ගැනීමට ලක් වූ ගබඩාවේ අද (18) දිනයේ විශේෂ නිරීක්ෂණය නියෙලෙන බව ද නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා වැඩිදුරටත් සඳහන් කළා.

මේ අතර මෙම ගිනි ගැනීමත් සමඟ අදාළ ගබඩාවේ තිබූ රසායනික ද්‍රව්‍යවල කොටස් පරිසරයට එකතුවීමක් ද සිදුව ඇති බවයි මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු පැවසුවේ.

මෙම කර්මාන්තය සහ ගබඩාව පවත්වාගෙන ගිය ආකාරය පිළිබඳවත් ගින්නට හේතුවත් විමර්ශන කිරීමෙන් පසු ඉදිරි ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරන බව නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා සඳහන් කර සිටියා.

මේ අතර මෙවැනි අනතුරු නැරඹීමට යෑමෙන් වැළකී සිටින ලෙස මහජනතාවට දැනුම් දුන් ඔහු වැඩිදුරටත් සඳහන් කර සිටියේ මෙවැනි ගිනි ගැනීම් සහ පිපිරීම් නැරඹීමට යාමෙන් දීර්ඝ කාලීනව සෞඛ්‍ය ගැටළු එල්ල විය හැකි බවයි.

ඊයේ රාත්‍රියේ 8.30ට පමණ හටගත් මෙම ගින්න පැය 07ක පමණ මෙහෙයුමකින් පසු මැඩපවත්වා තිබුණා.

ඒ, සඳහා කෝට්ටේ මහ නගර සභාවේ ගිනි නිවිම් ඒකකය සහ හොරණ නගර සභාවේ ගිනි නිවීම් ඒකකය කටයුතු කළ අතර ඊට පනාගොඩ යුද හමුදා කඳවුරේ හමුදා භටයින්ගේ ද සහාය හිමි වුණා.

ගින්නෙන් කිසිවෙකුටවත් හානි සිදුව නොමැති අතර, ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නැහැ.

මේ අතර ගිනි ගැනීමට ලක්වූ ගබඩාව අවට ඇති ජල මූලාශ්‍ය භාවිතයේ දී සැළකිලිමත් වන ලෙස අවට ජනතාවට දැනුම් දෙනවා.

එමෙන්ම දින කිහිපයක් යනතෙක් මුව ආවරණ පැළඳ දෛනික කටයුතුවල නිරත වන ලෙසටයි ගින්න සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන බලධාරීන් ජනතාවට දැනුම් දෙන්නේ.

මධ්‍යම පරිසර අධිකාරියේ සහ ගොඩනැගිලි පර්යේෂණ ආයතනයේ නිලධාරින් මේ බව කියා සිටියේ රසායනික දියර ආනයනය කර මෙරට බෙදාහරින කර්මාන්ත ශාලාවක ඊයේ රාත්‍රී ඇතිවූ ගින්න පිළිබඳ පරීක්ෂණ ආරම්භ කිරීමෙන් පසු අදහස් දක්වමින්.

එහිදී අදහස් දැක්වූ මධ්‍යම පරිසර අධිකාරියේ මාධ්‍ය ප්‍රකාශක අජිත් මීගස්මුල්ල මහතා,

සිද්ධිය වූ ස්ථානයේ ස්ථානීය පරීක්ෂණයක් සඳහා අද අපේ නිලධාරී කණ්ඩායමක් එම ස්ථානයට ගොස් පරීක්ෂණ ආරම්භ කළා. මේ ගින්න හටගෙන තිබෙන්නේ කෙමිලස් ගෙන්වා බෙදාහරින කර්මාන්ත ශාලාවක ගබඩාවකයි. පසුව එය යාබද ගොඩනැගිල්ලකට ද පැතිර ගොස් ගින්න හට ගෙන තිබෙනවා. ඉන් ගොඩනැගිලි දෙකක් විනාශ වෙලා. රසායනික දියර ගබඩාවේ ගින්නත් සමග අධික පිපුරුම් ශබ්දයක් ද පිටවෙලා තියෙනවා. පසුව දැඩි දුමාරයක් පරිසරයට බැහැර වෙලා. ඒ තුලින් වායු දූෂණයක් සිදුවිය හැකි නමුත් තත්ත්වය පාලනය වී තිබෙනවා. මේ තත්ත්වය මත ජල මූලාශ්‍ර භාවිතා කරන අවට ජනතාව සැලකිලිමත් වන ලෙසත් මුව ආවරණ පැළඳ දෛනික කටයුතු සිදුකරන ලෙසත් ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. එසේම මෙම කර්මාන්ත ශාලාව අයත් පාර්ශවයට ගබඩා දෙකක් හා කර්මාන්ත ශාලාවක් අයත්. ඉන් ගින්න හටගත් කර්මාන්ත ශාලාව මධ්‍යම පරිසර අධිකාරියේ ලියාපදිංචි වී නැහැ. ඒ නිසා ඔවුන්ට එරෙහිව ඉදිරියේදී නෛතික පියවර ගැනීමට බලාපොරොත්තු වෙනවා.

ගොඩනැගිලි පර්යේෂණ ආයතනයේ පරිසර අංශයේ අධ්‍යක්ෂ ජනරාල් සරත් ප්‍රේමසිරි මහතා,

කෙමිකල් ගබඩා කළ ස්ථානයක ගින්නක් හටගෙන ඇති බවට අපිට වාර්තා වූ සැනින් අපේ නිලධාරී කණ්ඩායමක් එම ස්ථානයට ආවා. ඊට හේතු උනේ මේ විදියේ කෙමිකල් ගබඩා කළ ස්ථානයක ගින්නක් හටගත්තාම නියත වශයෙන් වායු පරිසරයට බැහැර වෙනවා. එලෙස බැහැර වූ විෂ වායු අවට පරිසරයට අහිතකර මට්ටමක පවතිනවා ද යන්න පරික්ෂා කිරීමයි අපි කරන්නේ. ඒ අනුව අපේ නිලධාරීන් සිද්ධිය වී පැය දෙකක් ඇතුළත පැමිණ පරීක්ෂණ ආරම්භ කළා නමුත් විෂ කාරක සහිත විෂ වායුවක් සැලකිය යුතු මට්ටමකින් පරිසරයට මුදාහැර නොමැති බවටයි අපට වාර්තා වී තිබෙන්නේ. ගින්න නිවීමත් සමග එම විෂ වායු සම්පූර්ණයෙන්ම පහව යනු ඇති. පවතින තත්වය යථා තත්ත්වයට පත් වන තෙක් අවට ජනතාව මුව ආවරණ පැළඳ සැලකිලිමත්ව දෛනික කටයුතු වල නිරත වන ලෙසටයි ඉල්ලා සිටින්නේ. මීට අමතරව මෙවන් සිදුවීමක් වාර්තා වූ සැනින් ඒ නැරඹීම සඳහා විශාල පිරිසක් පැමිණීම සාමාන්‍ය දෙයක්. නමුත් එහි භයානක තත්වය ගැඹුරුයි. ඒ නිසා මහජනතාවගෙන් ඉල්ලා සිටින්නේ මෙවන් සිදුවීම් නැරඹීමට පැමිණීමෙන් වලකින ලෙසටයි.

අප වාර්තාකරුවන් සඳහන් කළේ මීට අමතරව නුගේගොඩ කොට්ඨාස අපරාධ ස්ථාන පරීක්ෂණ ආයතන නිලධාරීන් සහ රසායනික ජීව විද්‍යා විකිරණශීලී න්‍යෂ්ටික ප්‍රතිචාර දැක්වීමේ රෙජිමේන්තු නිලධාරීන් දපැමිණ පරීක්ෂණ ආරම්භ කර ඇති බවයි.

ගින්නට හේතුව අනාවරණය වී නොමැති අතර රස පරීක්ෂක නිලධාරීන් පැමිණඅද පරීක්ෂණ ආරම්භ කර ඇති අතර එහි වාර්තාව ඉදිරියේදී නිකුත් කිරීමට නියමිතයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දිට්වා නිසා නායගිය තැන්වල තවම පස් ඉවත් කරලා නෑ - කඳුරේ වතුර ආවොත් මුළු පාරම වැහෙනවා
05:40
Video thumbnail
කොළඹ ප්‍රසිද්ධ හෝටලයක් වටලයි
01:11
Video thumbnail
ලංකාවේ සිට ඩුබායි Locationවල මත්ද්‍රව්‍ය තියන ජාවාරම්කරු කොටුවෙයි
01:02
Video thumbnail
පුස් බැදුණු කෑම විකුණන තලවතුගොඩ සුපිරි වෙළඳසැල..
01:57
Video thumbnail
හෙල්ල විසිකිරීමේ රන් පදක්කමශ්‍රී ලංකාවේ රුමේෂ් තරංගට
00:48
Video thumbnail
හැමදාම කරන්නේ වැස්සට ඉස්කෝලේ වහනවා
01:50
Video thumbnail
නව චීන තානාපති තරුණ කටයුතු හා ක්‍රීඩා ඇමති හමුවෙයි
01:37
Video thumbnail
නව චීන තානාපති - තරුණ කටයුතු හා ක්‍රීඩා ඇමති හමුවෙයි..තවත් මකර බෝට්ටු දෙකක් මෙරටට
02:04
Video thumbnail
NPP ආණ්ඩුවේ ලොකුම අභියෝගය වෙලා තියෙන්නේ නාමල් රාජපක්ෂ - 2029 නාමල් ජනපති වන බව නියතයි
06:11
Video thumbnail
කොළඹ මළ ප්‍රවාහන පද්ධතියක් සඳහා හිතුමතේ වළවල් හාරලා ?දැඩි රථවාහන තදබදයක් ඇතිවෙලා
04:46