කළු සල්ලි සුදු කළ කල්ලියක් බිලියන ගණනක වත්කම් සමඟ සිංගප්පූරුවේ දී අල්ලයි (ඡායාරූප)

සංවිධානාත්මක අපරාධවලින් ලැබෙන මුදල් විශුද්ධිකරණය සිදුකළ විදේශිකයින් කල්ලියක් සිංගප්පූරු ආරක්ෂක අංශ විසින් සිදුකළ මෙහෙයුමක දී පසුගිය දා (16) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සිංගප්පූරු පොලිසිය පැවසුවේ වැටලීමේ දී ඩොලර් බිලියන එකක පමණ වත්කම් මෙම සැකකරුවන් සන්තකයේ තිබී සොයාගත් බවයි.

මෙම වැටලීම සඳහා නිලධාරීන් 400ක් එක්ව සිට ඇති අතර, එහිදී විදේශිකයන් 10 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

මෙලෙස අත්අඩංගුවට ගැනුණු සැකකරුවන් චීනය, කාම්බෝජය, සයිප්‍රසය සහ වනුවාටු යන රටවල පුරවැසියන් වන අතර, ඔවුන් අතර එක් කාන්තාවක් ද වනවා.

මොවුන් සන්තකයේ තිබී අපරාධවලින් ලැබෙන මුදල් විශුද්ධිකරණයෙන් උපයාගත් වත්කම් අතර, සිංගප්පූරු ඩොලර් මිලියන 110ක් සහිත බැංකු ගිණුම්, වාහන 50ක්, සිංගප්පූරු ඩොලර් මිලියන 23කට වැඩි මුදල් තොගයක්, ඇමරිකානු ඩොලර් තොගයක්, සුඛෝපභෝගී අත්බෑග් සහ ඔරලෝසු සිය ගණනක්, ස්වර්ණාභරණ තොගයක් සහ රන් කැබලි ද වනවා.

සිංගප්පූරු පොලිස් බලකායේ වාණිජ කටයුතු පිළිබඳ අධ්‍යක්ෂ ඩේවිඩ් චු පැවසුවේ අපරාධකරුවන්ට හෝ ඔවුන්ගේ පවුල්වලට ආරක්ෂිත තෝතැන්නක් ලෙස භාවිත කිරීම සහ බැංකු පහසුකම් සැපයීම සඳහා සිංගප්පූරුවේ ඉඩක් නොලැබෙන බවයි.

IIX6J4JYAVNL5L6OQX5JRQSGLU
A combination picture shows banknotes seized during a police raid, in Singapore, in this handout picture released on August 16, 2023. Singapore Police Force via Facebook/Handout via REUTERS
d7a3bea14bf1595be80c5da0744d98e7
A view of watches seized during a police raid, in Singapore, in this handout picture released on August 16, 2023. Singapore Police Force via Facebook/Handout via REUTERS
money 3 71c098ab954aa5ff445bd9437e79e6a3 1280X720
2023 08 17T084536Z 1 LYNXMPEJ7G0AJ RTROPTP 3 SINGAPORE CRIME
A view of banknotes seized during a police raid, in Singapore, in this handout picture released on August 16, 2023. Singapore Police Force via Facebook/Handout via REUTERS
2144551


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බිමල් නැගිටිලා සජිත්ගේ මුහුණටම කිව්ව දේ.. වැඩිම නිවාස නාස්ති කරපු පුද්ගලයා
05:00
Video thumbnail
අද දවස ප්‍රජාතන්ත්‍රවාදයේ මළගම - සජිත් පාර්ලිමේන්තුව දෙවනත් කරයි
01:29
Video thumbnail
මුළු විපක්ෂයම නැගිටෙයි - 22වන ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට
02:27
Video thumbnail
මවන තරම් යකෙක් මෙතන නෑ -සජිත්ගේ කතාවට ඇමති හර්ෂණගෙන් සැර උත්තරයක්
18:05
Video thumbnail
එදා බෝ#බ ගැහුවා, අද 22වන සංශෝදනය ගේනවා - මේකත් කාල බෝ#බයක්
08:13
Video thumbnail
සමුපකාර දේපළ ටික දේශපාලඥයින් කොල්ලකාලා
03:50
Video thumbnail
කුලී යතුරුපැදි රියදුරෙකු අවසන් ගමන් යැවූ පිය පුතු දෙපළ රිමාන්ඩ් කරයි
00:42
Video thumbnail
දුර ඉඳන් බලද්දී කෙසෙල්, ළඟට ගියාම ගංජා
01:10
Video thumbnail
හබරකඩ වෙ# තැබීමේ CCTV දර්ශන එළියට
01:14
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.08.018
00:00