පාකිස්ථාන ක්‍රිකට් කණ්ඩායම ශ්‍රී ලංකාවට

ඇෆ්ගනිස්ථානය සමග ශ්‍රී ලංකාවේ පැවැත්වෙන එක් දින ක්‍රිකට් තරගාවලියට සහභාගී වීම සඳහා පාකිස්ථාන ක්‍රිකට් කණ්ඩායම අද පස්වරුවේ කටුනායක ගුවන් තොටුපොලින් මෙරටට පැමිණ තිබෙනවා.

මෙම තරගාවලිය ඇෆ්ගනිස්ථානයේ පැවැත්වීමට සැලසුම් කර තිබුණ ද පසුව එම තීරණය වෙනස් කර ශ්‍රී ලංකාවේ පැවැත්වීමටයි තීරණය කෙරුණේ.

එක් දින තරග 03කින් සමන්විත මෙම තරගාවලියේ තරග දෙකක් ලබන 22 සහ 24 දිනවල සූරියවැව ක්‍රීඩාංගණයේදීත් 26 දින අවසාන තරගය 26 වනදා කොළඹ දීත් පැවැත්වීමට අවශ්‍ය කටයුතු සූදානම් කර තිබෙනවා.

පාකිස්ථාන ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයින්, පුහුණුකරුවන්, උපදේශකවරුන් සහ කළමනාකරුවන් ඇතුළු 21 දෙනෙකු කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ සිටි බව අප වාර්තාකරු සඳහන් කළා.

ඔවුන් අද පස්වරු 04.25ට පාකිස්ථානයේ ලාහෝර් නුවර සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ UL- 154 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණා.

මෙම ක්‍රිකට් කණ්ඩායම පිළිගැනීම සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලධාරීන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ සිටි අතර පාකිස්ථාන ක්‍රිකට් කණ්ඩායමේ පැමිණීම වෙනුවෙන් ගුවන් තොටුපොළ සහ ඒ අවට ප්‍රදේශයේ විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් ද සංවිධානය කර තිබුණා.

මේ අතර නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලන්කන් ගුවන් සේවය සඳහන් කළේ පාකිස්ථානයේ ජාතික ක්‍රිකට් කණ්ඩායම ලාහෝර් නුවර සිට කොළඹ බලා පැමිණීම සඳහා ශ්‍රීලංකන් ගුවන් සේවය තෝරාගෙන තිබූ බවයි.

එම කණ්ඩායමේ සාමාජිකයන්ට ගුවන් යානයේදී ඉතාමත් සුහද පිළිගැනීමක් හිමි වූ බවයි එම නිවේදනයේ දැක්වෙන්නේ.

ඔවුන්ගේ ගුවන් ගමන සුවිශේෂී අත්දැකීමක් බවට පත්කිරීම සඳහා ශ්‍රීලංකන් ගුවන් සේවය කටයුතු යොදා තිබූ බවද සඳහන්.

පාකිස්ථාන ක්‍රිකට් කණ්ඩායම ඇෆ්ගනිස්ථාන කණ්ඩායම සමග එක්දින තරග තුනකින් සමන්විත තරගාවලියකට සහභාගී වීමට නියමිත අතර එය අවසන් වීමෙන් පසු පාකිස්ථාන කණ්ඩායම, 27 වනදා UL 185 දරන ගුවන් යානයෙන් ආපසු පිටත්ව යනු ඇති.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14