රිය අනතුරකින් පොලිස් නිලධාරියෙකු මරුට

පාදුක්ක ඉංගිරිය මාර්ගයේ කැන්දලන්ද ප්‍රදේශයේදී සිදු වූ අනතුරකින් පොලිස් නිලධාරියෙකු ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.

අද දහවල් පාදුක්ක දෙස සිට ඉංගිරිය දෙසට ධාවනය වූ පොලිස් නිලධාරියා ගමන් කළ යතුරුපැදිය එම දිශාවටම ධාවනය වූ ලොරියක් පසුකර යාමට උත්සාහ කිරීමේදී එම ලොරියේ ගැටී විසිවී ගොස් විරුද්ධ දිශාවෙන් පැමිණි තවත් කුඩා ලොරියකට යටවීමෙනුයි අනතුර සිදුවී ඇත්තේ.

අනතුරින් බරපතල තුවාල ලැබූ පොලස් නිලධාරියා ඉංගිරිය රෝහලට ඇතුලත් කිරීමේදී මියගොස් තිබෙනවා.

කලවාන නාවලකන්ද ප්‍රදේශයේ පදිංචි 34 හැවිරිදි මෙම නිලධාරියා අතුරුගිරිය පොලිසියට අනුයුක්තව රාජකාරී කරන අයෙක්.

මෘත ශරීරය ඉංගිරිය රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර තිබෙනවා.

අනතුර සම්බන්ධයෙන් විරුද්ධ දිශාවෙන් පැමිණි ලොරියේ රියදුරා අත්අඩංගුවට ගෙන ඇති අතර අනෙක් ලොරියේ රියදුරා අත්අඩංගුවට ගැනීමට පොලිස් පරීක්ෂණ ක්‍රියාත්මකයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
1
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
USAවලින් ලංකාවට ලැබුණු සුපිරි තෑග්ග - Fleet Broadband චන්ද්‍රිකා සන්නිවේදන පද්ධතියක්
00:55
Video thumbnail
"මීහ#ක් ටික අලුත් විකාරරූපි දර්ශනයක් ගෙනයනවා"ප්‍රසාද්ගේ දැඩි ප්‍රකාශයට නලින්ද සැරටම කිව්ව දේ
01:36
Video thumbnail
ජපානයට යන්න කලින් මේ කරුණු අනිවාර්යයෙන් දැනගන්න! | 2026 Update - ජපානයේ රැකියා අවස්ථා වැඩි වෙයි
03:48
Video thumbnail
අතුරුදහන් වූවන්ගේ පවුල්වලින් මහේස්ත්‍රාත් අධිකරණයට පැමිණිල්ලක් - සාධාරණයක් වෙනකල් සටන් කරනවා
03:38
Video thumbnail
නාවින්න බස් නැවතුමේදී රියදුරන් හා කොන්දොස්තරවරුන්ගේ අහඹු මත්ද්‍රව්‍ය පරීක්ෂාවක්
03:45
Video thumbnail
ඇමතිලා භාවිත කළ කොළඹ නිල නිවාසවලට මොකද වෙන්නේ? අමු කැලෑවෙලා තියෙන්නේ..ගේට්ටු කැඩිලා
02:02
Video thumbnail
සෙංකෝලය ගිල්ලත් නඩු අහන වේගය අඩුවෙන්නේ නෑ
02:46
Video thumbnail
යතුරුපැදියක් ලිස්සා ගිහින් බස් රථයක ගැටෙයි
00:32
Video thumbnail
යල කන්නයේ වී මිලදී ගැනීමේ සැලසුම් පිළිබඳ ජනපති ප්‍රධානත්වයෙන් පැවති සාකච්ඡාව
01:19
Video thumbnail
ඉන්ධන මිල අඩුවීම ගැන නලින්ද හෙළිකරයි - සහනය ඉවත් කළොත් මිල තව ඉහළ යනවා
02:43