කිසිදු නුපුහුණු ගුරුවරයකු ඉදිරියේ දී ප්‍රාථමික අංශයට යොදවන්නේ නෑ – අධ්‍යාපන ඇමති

නුපුහුණු ගුරුවරුන් ප්‍රාථමික ගුරුවරුන් වශයෙන් කටයුතු කිරීම ද ප්‍රාථමික අධ්‍යාපනයේ ගුණාත්මකභාවය පහළ යෑමට හේතු වී ඇතැයි අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසනවා.

කොවිඩ් ව්‍යසන සමයේ පාසල් වසා තැබීම හේතුවෙන් ප්‍රාථමික පන්තිවල සිසුන්ගේ අධ්‍යාපන කටයුතුවලට සිදු වූ බාධා සම්බන්ධයෙන් සොයා බලන ලද සමීක්ෂණයකින් මෙම කරුණු හෙළි වී ඇති බවයි ඔහු පෙන්වා දෙන්නේ.

අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ අධ්‍යාපන අමාත්‍යාංශය සහ යුනිසෙෆ් සංවිධානය එක් ව ශ්‍රී ලංකාවේ ප්‍රාථමික දරුවන් මිලියන 1.6ක් වෙනුවෙන් කොවිඩ් සමයේ අහිමි වූ අධ්‍යාපන අවස්ථා ලබා දීමේ ජාතික වැඩසටහනට සහභාගී වෙමින්.

නව අධ්‍යාපන පරිවර්තනීය ක්‍රියාදාමය තුළ ඉදිරියේ දී කිසි දු අවස්ථාවක නුපුහුණු ගුරුවරුන් ප්‍රාථමික අධ්‍යාපනයෙහි නො යොදවන බව ද ඔහු අවධාරණය කළා.

දැනට පාසල්වල සිටින නුපුහුණු ප්‍රාථමික ගුරුවරුන් පුහුණු කරන අතර මේ වන විට වර්ග පහකින් පමණ පවතින විවිධ පෙරපාසල්වල උගන්වනු ලබන පෙරපාසල් ගුරුවරයාගේ සිට ම ප්‍රාථමික අධ්‍යාපන ක්ෂේත්‍රයට අදාළ සියලු ගුරුවරුන්ගේ සුදුසුකම් හා පුහුණුවීම් සම්පූර්ණ කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය විධිමත් වැඩපිළිවෙළක් දියත් කරන බවයි අමාත්‍යවරයා කියාසිටියේ.

අධ්‍යාපන පද්ධතිය තුළ පවතින මානව සහ භෞතික සම්පත් මෙන්ම ආයතන භාවිත කරමින් යුනිසෙෆ් ආයතනයේ ද සහාය ඇති ව අදාළ කෙටි කාලීන හා දිගු කාලීන පුහුණු සැසි, වැඩමුළු ආදිය පවත්වා ප්‍රමිතිගත රාමුවක් තුළ එම ක්‍රියාවලිය සිදු කරන බව අමාත්‍යවරයා පෙන්වා දෙනවා.

මෙහි දී ප්‍රාථමික අධ්‍යාපන ක්ෂේත්‍රයේ වර්ධනය සඳහා සිදු විය යුතු යාවත්කාලීනවීම් සිදු කිරීමට පියවර ගන්නා අතර මුලින් ම විධිමත් පාසල් වර්ගීකරණයකින් එය ආරම්භ කළ යුතු බවයි ඔහු කියාසිටියේ.

ඒ අනුව ප්‍රාථමික, කනිෂ්ඨ ද්විතීයක හා ජ්‍යෙෂ්ඨ ද්විතීයක වශයෙන් සියලු දෙනාට වැටහෙන පාරදෘශ්‍යභාවයකින් යුත් ජාත්‍යන්තර ප්‍රමිතියක් සහිත පාසල් වර්ගීකරණයක් තුළ ප්‍රාථමික ක්ෂේත්‍රයට අදාළ ගුරුමාරුවීම් ද එම ක්ෂේත්‍රයට අදාළ ව පමණක් ම කළ හැකි වනු ඇතැයි ද අමාත්‍යවරයා විශ්වාසය පළ කරනවා.

එමගින් ප්‍රාථමික අධ්‍යාපනය ලබන සිසුන්ට සමාන පුහුණු අවස්ථා සහිත ගුරුවරුන්ගෙන් ඉගෙන ගැනීමේ සම අවස්ථා හිමි වන අතර ගුරු ස්ථානගත කිරීමේ ක්‍රියාවලිය ද වඩාත් පහසු වන බවයි අධ්‍යාපන අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ.

2024 වසරේ දී එම වසරට අදාළ සියලු විභාග පවත්වා අවසන් කිරීමට ක්‍රියා කරන අතර මෙම සියලු අභියෝග ජයගැනීමේ දී ඒ පිළිබඳ අවශ්‍ය සමාජීය සහාය ලබාගැනීමට සමාජය දැනුම්වත් කිරීමේ වගකීම සඳහා මාධ්‍ය අනුග්‍රහය ද නිරතුරු අපේක්ෂා කරන බව සුසිල් ප්‍රේම්ජයන්ත් මහතා සඳහන් කළා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අවුරුදු 40 ක් වෙනතුරු ත්‍රීවීල් පදින්න බෑ.. රජය ගන්න අලුත්ම තීරණය ගන ඇමති නලින් හේවගේ හෙළිකරයි.
00:07
Video thumbnail
නාමල් ආණ්ඩුවට අනතුරු අගවයි - අවු: 2ක් සද්දෙ වහලා හිටියා..ජනපති යට ගහන්න හදනවා
05:39
Video thumbnail
අවසන් මොහොතේ තම වෛද්‍යවරයා වෙනුවෙන් පවා ගී ගැයූ නන්දා මාලනිය..
00:39
Video thumbnail
නුවර වැවට පැ#න කාන්තාවක් බේරාගත් මෙහෙයුම - මොනවා වෙලාද මේ මිනිස්සුන්ට ?
02:09
Video thumbnail
නුවර වැවට ජම්ප් එකක් දැම්ම තරුණියව බේරාගන්න දිවි පරදුවට තැබූ කොල්ලෝ ටිකට රෙස්පෙක්ට්..
02:25
Video thumbnail
යතුරුපැදියක් - ලොරියක වැදී 25ස් හැවිරිදී තරුණයා එතනම එළොව යයි - බයික් එකත් කුඩේ කුඩු
00:45
Video thumbnail
කාලගුණය උඩු යටිකුරු වන ලකුණු..ඉදිරියේදී වැසි වැඩිවෙයි - සුළං තත්ත්වයේ වැඩිවීමක්
03:40
Video thumbnail
පෙරහැරේ පිටුපසින් දුටු අපූරු දසුන... පෙරහැර මැද කැමරා ඇසක් වූ දියවඩන නිලමේ
00:10
Video thumbnail
ජොන්ස්ටන් ආණ්ඩුවට රිදෙන්නම දෙසයි..මෙයාලා පට්ටපල් බොරු කිව්වේ"මහින්ද ගත්ත චෙක් කෝ දැන් "
04:38
Video thumbnail
තව ටික දවසක් බලන් ඉමු, හන්දියක් හන්දියක් ගාණේ කියපු හොරු ටික අල්ලනකල්..
00:14