ඉන්දීය අගමැති වෙනුවෙන් පෙරට ආ ඇමරිකානු ගායිකාව

ඇමරිකාවේ වෙසෙන අප්‍රිකානු  සම්භවයක් සහිත නිළියක සහ ගායිකාවක වන මේරි මිල්බන් ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිට සහය පළ කිරීමට ඉදිරිපත්ව තිබෙනවා. මනිපූර් ප්‍රශ්නය සම්බන්ධයෙන් සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් ඇය ප්‍රකාශ කර තිබුණේ ඉන්දීය අගමැතිවරයා මනිපූර් ප්‍රාන්තයේ ජනතාව වෙනුවෙන් සටන් කරනු ඇති බවයි.

ඇයගේ මෙම ට්විටර් සටහන පැමිණෙන්නේ අගමැති මෝදි සිය රජයට එරෙහි විශ්වාසභංගයට ප්‍රතිචාර දක්වමින් පාර්ලිමේන්තුවේදී කළ කතාවෙන් පසුවයි. ඉන්දියාව තම නායකයා කෙරෙහි විශ්වාසය තබා ඇති අතර “වංක පුවත්පත් කලාව ” ප්‍රතික්ෂේප කර ඇති බවත් මේරි මිල්බන් සිය ට්විටර් පණිවුඩයේ සටහන් කර තිබුණා. විපක්ෂය අනවශ්‍ය ලෙස මහ හඬින් හඬ නනග බව අවධාරණය කළ ඇය සත්‍යය සෑම විටම මිනිසුන් නිදහස් කරන බවද පැවසුවා.

ඇගේ ට්විටර් සටහනේ දැක්වුණේ තමාට අගමැති මෝදි කෙරෙහි විශ්වාසයක් ඇති බවත් ඔහු වෙනුවෙන් යාඥා කරන බවයි.අභාවප්‍රාප්ත ඇමරිකානු සිවිල් අයිතිවාසිකම් ව්‍යාපාරයේ නායක කනිෂ්ඨ මාටින් ලූතර් කිංගේ ‘නිදහස නාද කරමු’ යන උද්ධෘතය පවා මිල්බන් එම සටහනේ උපුටා දක්වා තිබුණා.

මේරි මිල්බන්ගේ ට්විටර් පණිවුඩයේ  මෙසේ ද  සටහන් කර තිබෙනවා, “සත්‍යය: ඉන්දියාවට එහි නායකයා කෙරෙහි විශ්වාසයක් ඇත. ඉන්දියාවේ # මනිපූර්හි මව්වරුන්ට, දියණියන්ට සහ කාන්තාවන්ට යුක්තිය ලැබෙනු ඇත. තවද # අගමැති මෝදි සැමවිටම ඔබේ නිදහස සඳහා සටන් කරනු ඇත. සත්‍යය: සංස්කෘතික උරුමයට අගෞරව කරන, දරුවන්ට තම රටේ ගීය ගායනා කිරීමට ඇති අයිතිය නැති කරන, විදේශයන්හි තම රට හෑල්ලූවට ලක් කරන පක්ෂයක් සමඟ නායකත්වයක් නැත. එය ප්‍රතිපත්ති විරහිතය.වංක පුවත්පත් කලාව බොරු ආඛ්‍යාන පින්තාරු කරනු ඇත. විරුද්ධවාදී හඬවල් කිසිදු හරයක් නොමැතිව මහ හඬින් කෑගසනු ඇත. නමුත් සත්‍යය, සත්‍යය සැමවිටම මිනිසුන් නිදහස් කරනු ඇත. ආචාර්ය මාර්ටින් ලූතර් කිං(කනිෂ්ඨ).”නිදහසට හඬ නගන්න ඉඩ දෙන්න,

මගේ ආදරණීය ඉන්දියාව, සත්‍යයට ඉඩ දෙන්න.අගමැති නරේන්ද්‍ර මෝදි – මා ඔබ කෙරෙහි විශ්වාසය තබා සිටිනවා. ඔබ වෙනුවෙන් මා යාඥා කරනවා”  යනුවෙන්ද ඇය පවසා තිබෙනවා. මේ වසරේ ජුනි මාසයේදී මිල්බන්ට ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි හමු වී තිබුණේ ඔහුගේ එක්සත් ජනපද සංචාරයේදීියි. එහිදී ඉන්දියාවේ ජාතික ගීය ගායනා කළ ඇය ඉන්පසු  අගමැති මෝදිට ආචාර කර ඔහුගේ දෙපා ස්පර්ශ කරමින් ආශීර්වාද ලබා ගැනීමට කටයුතු කළා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බිමල් නැගිටිලා සජිත්ගේ මුහුණටම කිව්ව දේ.. වැඩිම නිවාස නාස්ති කරපු පුද්ගලයා
05:00
Video thumbnail
අද දවස ප්‍රජාතන්ත්‍රවාදයේ මළගම - සජිත් පාර්ලිමේන්තුව දෙවනත් කරයි
01:29
Video thumbnail
මුළු විපක්ෂයම නැගිටෙයි - 22වන ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට
02:27
Video thumbnail
මවන තරම් යකෙක් මෙතන නෑ -සජිත්ගේ කතාවට ඇමති හර්ෂණගෙන් සැර උත්තරයක්
18:05
Video thumbnail
එදා බෝ#බ ගැහුවා, අද 22වන සංශෝදනය ගේනවා - මේකත් කාල බෝ#බයක්
08:13
Video thumbnail
සමුපකාර දේපළ ටික දේශපාලඥයින් කොල්ලකාලා
03:50
Video thumbnail
කුලී යතුරුපැදි රියදුරෙකු අවසන් ගමන් යැවූ පිය පුතු දෙපළ රිමාන්ඩ් කරයි
00:42
Video thumbnail
දුර ඉඳන් බලද්දී කෙසෙල්, ළඟට ගියාම ගංජා
01:10
Video thumbnail
හබරකඩ වෙ# තැබීමේ CCTV දර්ශන එළියට
01:14
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.08.018
00:00