ලෝක මලල ක්‍රීඩා ශූරතා තරගාවලියට ශ්‍රී ලංකා කණ්ඩායම පිටත්ව යයි 

හංගේරියාවේ , බුඩාපේස්ට් නුවර පැවැත්වීමට නියමිත 2023 – ලෝක මළළ ක්‍රීඩා ශූරතා තරගාවලියට සහභාගී වීම සදහා 10 දෙනෙකුගෙන් සමන්විත ශ්‍රී ලංකා කණ්ඩායම (17) දින උදෑසන කටුනායක ගුවන් තොටුපොළෙන් පිටත්ව ගියා.

ක්‍රීඩකයින් 06 දෙනෙකු , එක් ක්‍රීඩිකාවක සහ නිලධාරීන් තිදෙනෙකුගෙන් මෙම ශ්‍රී ලංකා මළළ ක්‍රීඩා කණ්ඩායම සමන්විත විය .

ඔවුන් මෙම තරගාවලියේ දී මීටර් 400 , මීටර් 400 × 4 සහාය දිවීම සහ හෙල්ල විසි කිරීම යන ඉසව් සදහා සහභාගී වීමට නියමිතය .

කුරුණෑගල , කොළඹ , ත්‍රිකුණාමලය සහ රත්නපුර ප්‍රදේශ වල පදිංචිකරුවන් වන මෙම ක්‍රීඩක ක්‍රීඩිකාවන් පිරිස සියලු දෙනා ශ්‍රී ලංකා යුධ හමුදාවේ සේවය කරයි.

කාලිංග කුමාරගේ , අරුණ දර්ශන , පබසර නිකූ , රජිත රාජකරුණා , පසිදු කොඩිකාර , දිනුක දේශාන් සහ දිල්හානී ලේකම්ගේ මෙම ක්‍රීඩක පිරිසට අයත් වූහ .

මෙසේ පිටත්ව ගිය මීටර් 400 × 4 සහාය දිවීමේ ශ්‍රී ලංකා කණ්ඩායම මෙම කාළසීමාවේ ලෝකයේ හොදම දෙවන කාළය වාර්තා කළ කණ්ඩායම වන අතර ඔවුන් දෙවැනි වී සිටින්නේ ඇමෙරිකා එක්සත් කණ්ඩායමට පමණි .

මෙම ශ්‍රී ලංකා මළළ ක්‍රීඩා කණ්ඩායම (17) දින උදෑසන 10.45 ට ඩුබායි බලා පිටත්ව යන ෆ්ලයි ඩුබායි ගුවන් සේවයේ එෆ්.ඉසෙඩ්.- 548 දරන ගුවන් යානයට පිවිසීම සදහා කටුනායක ගුවන් තොටුපොළ වෙත (17) දින උදෑසන 07.00 ට පමණ කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ සිටියහ .

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
යාපනය රෝහලේ හදිසියේම ඇතිවූ මහ ගින්න
01:07
Video thumbnail
ආණ්ඩුවට ලැජ්ජාවක් නෑනේ..යෙදුවුම් නෑ නිමැවුම් විදියට එන්නේ නාස්තිය..ශිරාල් ලක්තිලකගෙන් සැර කතාවක්
05:46
Video thumbnail
යාපනය රෝහලේ හදිසියේම ඇතිවූ මහ ගින්න .. ඖෂධ ගබඩාව අළුවෙලා ගිහින්
01:36
Video thumbnail
දැක්කද අගමැතිතුමිය බගියේ නැගලා යද්දී ගාඩ්ලා පස්සෙන් දුවනවා
01:14
Video thumbnail
ජනාධිපතිතුමාව ඇතුලට දාන්න ඕනේ - අධිකරණයට අපහාස කරලා
07:13
Video thumbnail
අපි පැය 24න් හැකර්ව ඇල්ලුවා.. මේ ආණ්ඩුවට අත්දැකීමක් නෑනේ
04:09
Video thumbnail
මේ ආණ්ඩුව හැමදේම පැලවත්තකරණය කරගෙන යනවා
07:43
Video thumbnail
උසාවි යන්න ලෑස්ති වෙලා හිටපු කපිල ජීවිතය අවසන් කරගන්නේ ඇයි..?
03:33
Video thumbnail
Kasthirama | රටම කැළඹු හෙළිදරව්ව සිදුකළ “Free Lawyers සංවිධානය සමඟ කස්තිරම විශේෂ වැඩසටහන සජීවීව
01:02:07
Video thumbnail
රංගව නැති කළා ද.. ඇත්තටම අභිරහසක්
02:11