හවායි ලැව් ගින්නෙන් මියගිය පිරිසකගේ නම් හෙළි කරයි – මරණ 106 දක්වා ඉහළට

හවායි දූපතේ හටගත් ලැව් ගිනි වලින් මියගිය පුද්ගලයන් කිහිප දෙනෙකුගේ නම් ප්‍රසිද්ධියට පත් කර තිබෙනවා.

මෙම ගින්නෙන් පුද්ගලයින් 106 දෙනෙකු මිය ගොස් සතියකට පමණ පසුවයි බලධාරීන් මියගිය පුද්ගලයින්ගේ නම් පළමු වරට ප්‍රකාශයට පත් කර ඇත්තේ.

ඒ අනුව 74 හැවිරිදි Robert Dyckman සහ 79 හැවිරිදි Buddy Jantoc යන පුද්ගලයින් දෙදෙනෙකුගේ අනන්‍යතාව හෙළි කර තිබෙනවා.

තවත් තිදෙනෙකු හඳුනාගෙන ඇති අතර ඔවුන්ගේ පවුල්වලට දැනුම් දෙන තුරු ඔවුන්ගේ නම් ප්‍රකාශයට පත් කර නැහැ.

ඓතිහාසික ලහයිනා නගරය පැය කිහිපයක් ඇතුළත විනාශ කළ ව්‍යසනකාරී ගින්නෙන් පසුව විපතට පත් වූවන් සෙවීමේ වෙහෙසකර මෙහෙයුමක් ද ආරම්භ වී තිබෙනවා.

ජැන්ටොක් මහතාගේ දේහය ලහයිනා හි ජ්‍යෙෂ්ඨ නේවාසිකාගාරයක පිහිටි ඔහුගේ නිවසේ තිබී සොයා ගත් බවයි නිව් යෝර්ක් ටයිම්ස් පුවත්පත වාර්තා කළේ.

සිරුරු හඳුනාගැනීම සඳහා පුහුණු කරන ලද සුනඛයන් 20 දෙනෙකු ද යොදාගෙන තිබුණා.

අඟහරුවාදා සවස් වන විට ආපදා සිදුවූ ප්‍රදේශවලින් 27%ක් සෝදිසි කර ඇති බව ආණ්ඩුකාර ජොෂ් ග්‍රීන් ප්‍රකාශ කර තිබෙනවා.

ඉදිරි දින 10 තුළ මියගිය සංඛ්‍යාව සැලකිය යුතු ලෙස ඉහළ යා හැකි අතර එම සංඛ්‍යාව හමුවූ මරණ මෙන් දෙගුණයක් විය හැකි බවටයි ඔහු අනතුරු අඟවන්නේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ආනවිළුන්දාව අක්කර ගණනක් විනාශ කළ ගින්න ගැන හෙළිදරව්වක් - හිතාමතා කරපු වැඩක්ද ?
04:34
Video thumbnail
නන්දා මාලනිය සිංදුවෙන් කියපු දේ එළියේ කියන්න ගිහින් මම ඇතුළට ගියේ - මට නඩු අඩුවෙනවා
05:10
Video thumbnail
පළාත් සභා මැතිවරණය ගැන අහපු ප්‍රශ්නයට හරිනිට කට උත්තර නැතිවුණාද ?
00:20
Video thumbnail
නන්දා මාලනිය ගැන සජිත් කිව්ව සුපිරි කතාව - වමට බර සංකල්පවලත් උතුම් ගුණාංග තියෙනවා
04:08
Video thumbnail
සජිත් මහත්තයා ඉතින් රජ වෙන්න ඕනි..දෙවි කෙනෙක් වගේ - අපිට ලක්ෂ 18ක තීන්ත දුන්නා
03:27
Video thumbnail
එල්නිනෝ තත්ත්වය ගැන සජිත්ගෙන් හෙළිදරව්වක් - ජනතාව දැවැන්ත සාගින්නකට මුහුණදීමේ ප්‍රවණතාවක්
05:48
Video thumbnail
බෙරගල පහළ විහාර ගල ගිනිතැබීම සිද්ධියේ වීඩියෝ එළියට ? පේනවද ගි#නි තියන හැටි ?
01:12
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාන්න ගිහින් වැඩ වැරදුණු පොලිසිය
00:56
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාලා තියෙන්නේ..මෙන්න පොලිසියේ කෙරුවාව - විලි ලැජ්ජා නැද්ද යකෝ?ආතල් ගන්න එපා
01:12
Video thumbnail
රනිල් ආයේ පාර්ලිමේන්තු යනවද ?යන එක එයාගේ වැඩක්..අපි සහයෝගයෙන් වැඩ
01:10