චිත්‍රපට කර්මාන්තය දියුණු කිරීම ගැන සාකච්ඡාවක්

මෙරට චිත්‍රපට කර්මාන්තය දියුණු කිරීම සම්බන්ධයෙන් මාධ්‍ය, තාරුණ්‍ය, උරුමය හා නූතන පුරවැසියා පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේදී සාකච්ඡා වී තිබෙනවා.

මේ පිළිබඳ සාකච්ඡා කෙරුණේ චිත්‍රපට ක්ෂේත්‍රයේ පවතින ගැටලු සහ ඉදිරි යෝජනා සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට මෙම කාරක සභාව පාර්ලිමේන්තු මන්ත්‍රී ලලිත් වර්ණ කුමාර මහතාගේ සභාපතිත්වයෙන් පාර්ලිමේන්තුවේදී රැස් වූ අවස්ථාවේදීයි.

මේ පිළිබඳ සාකච්ඡා කිරීමට ජාතික චිත්‍රපට සංස්ථාවේ නිලධාරීන් මෙම කාරක සභාවට කැඳවා තිබුණා.

චිත්‍රපට ක්ෂේත්‍රයේ පවතින ගැටලු පිළිබඳව ජාතික චිත්‍රපට සංස්ථාව නියෝජනය කරමින් පැමිණි නිලධාරීන් පෙන්වා දුන්නේ සිනමාව හැකිලෙමින් යන ප්‍රවණතාවක් මේ වන විට ඇති වී තිබෙන අතර වසරකට සිනමා ශාලා 5ක් හෝ 6ක් පමණ වැසී යන බවයි.

එසේම චිත්‍රපට ප්‍රවේශ පත්‍රයකින් චිත්‍රපට සංස්ථාවට ලැබෙන මුදල් කොටස පිළිබඳව සහ චිත්‍රපට නිෂ්පාදකයන් සොයාගැනීම සම්බන්ධයෙන් පවතින අපහසුතාව පිළිබඳවද මෙහිදී සාකච්ඡා වී තිබෙනවා.

චිත්‍රපට සංස්ථා පනත සංශෝධනය කිරීම සම්බන්ධයෙන්ද මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා කෙරුණා. එසේම විදේශීය චිත්‍රපට ගෙන්වීමට ලියාපදිංචි වන මුදල සහ එක් චිත්‍රපටයක් වෙනුවෙන් චිත්‍රපට සංස්ථාව අයකරගන්නා මුදල සංශෝධනය විය යුතු බවටයි මෙහිදී යෝජනා වී ඇත්තේ. මීට අමතරව නෙට්ෆ්ලික්ස් වැනි වේදිකාවන් ජනප්‍රිය වීම තුළ ඒවාට මුහුණ දීමට චිත්‍රපට සංස්ථාවේ පවතින සැලසුම් පිළිබඳව ද මෙහිදී කමිටුවේ අවධානය යොමු වී තිබෙනවා.

තව ද චිත්‍රපට නිර්මාණකරුවන් ගුණාත්මක තත්ත්වයේ චිත්‍රපට සකස්කිරීමේ අවශ්‍යතාව සම්බන්ධයෙන්ද පැමිණ සිටි නිලධාරීන් මෙහිදී පෙන්වා දෙනු ලැබුවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බස්වලට නැගලා සද්දේ දාන සිඟිති පාතාලේ - මූණ කු#ඩුවෙන්න දෙන්නේ
01:55
Video thumbnail
රනිල් බුද්ධ ශාසන ඇමතිව අගය කරයි
04:54
Video thumbnail
රනිල් - මහින්ද - මෛත්‍රී - ගෝඨා එකට රැස්වෙයි
02:15
Video thumbnail
ශ්‍රී මහ බෝධියට ජන ගඟක් ගලාගෙන එයි
01:15
Video thumbnail
බෙල්ලන්විල රජමහ විහාරය සිල් සුවඳින් පිරී යයි
01:08
Video thumbnail
'ස්ට්‍රෙන්ත් ඇන්ඩ් හාමනි' සම්මානය දිනා හංසනා දිවයිනට
00:44
Video thumbnail
දෙල්ගොඩ කර්මාන්ත ශාලාවක ලොකු ගින්නක්
02:46
Video thumbnail
ප්‍රබලයින්ගේ වීඩියෝ සෙට් එකක්ම ලීක් වෙයි ? නාමල් රාජපක්ෂ මේක කිව්වට ඒ කාලේ උත්තර දුන්නේ නෑ
10:46
Video thumbnail
අපිට සල්ලි වෙලාවට ලැබිලා තියෙනවා..ඕවා කට කතා..මැටි ගෙයක් වෙනුවට දැන් තට්ටු දෙකේ ගෙයක්
04:50
Video thumbnail
සජිත්ට දේදුන්න පෙන්නන්න එපා..දැක්ක ගමන් පොරට සමලිංගික නැමියාවක් එනවා
19:37


?