චිත්‍රපට කර්මාන්තය දියුණු කිරීම ගැන සාකච්ඡාවක්

මෙරට චිත්‍රපට කර්මාන්තය දියුණු කිරීම සම්බන්ධයෙන් මාධ්‍ය, තාරුණ්‍ය, උරුමය හා නූතන පුරවැසියා පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේදී සාකච්ඡා වී තිබෙනවා.

මේ පිළිබඳ සාකච්ඡා කෙරුණේ චිත්‍රපට ක්ෂේත්‍රයේ පවතින ගැටලු සහ ඉදිරි යෝජනා සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට මෙම කාරක සභාව පාර්ලිමේන්තු මන්ත්‍රී ලලිත් වර්ණ කුමාර මහතාගේ සභාපතිත්වයෙන් පාර්ලිමේන්තුවේදී රැස් වූ අවස්ථාවේදීයි.

මේ පිළිබඳ සාකච්ඡා කිරීමට ජාතික චිත්‍රපට සංස්ථාවේ නිලධාරීන් මෙම කාරක සභාවට කැඳවා තිබුණා.

චිත්‍රපට ක්ෂේත්‍රයේ පවතින ගැටලු පිළිබඳව ජාතික චිත්‍රපට සංස්ථාව නියෝජනය කරමින් පැමිණි නිලධාරීන් පෙන්වා දුන්නේ සිනමාව හැකිලෙමින් යන ප්‍රවණතාවක් මේ වන විට ඇති වී තිබෙන අතර වසරකට සිනමා ශාලා 5ක් හෝ 6ක් පමණ වැසී යන බවයි.

එසේම චිත්‍රපට ප්‍රවේශ පත්‍රයකින් චිත්‍රපට සංස්ථාවට ලැබෙන මුදල් කොටස පිළිබඳව සහ චිත්‍රපට නිෂ්පාදකයන් සොයාගැනීම සම්බන්ධයෙන් පවතින අපහසුතාව පිළිබඳවද මෙහිදී සාකච්ඡා වී තිබෙනවා.

චිත්‍රපට සංස්ථා පනත සංශෝධනය කිරීම සම්බන්ධයෙන්ද මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා කෙරුණා. එසේම විදේශීය චිත්‍රපට ගෙන්වීමට ලියාපදිංචි වන මුදල සහ එක් චිත්‍රපටයක් වෙනුවෙන් චිත්‍රපට සංස්ථාව අයකරගන්නා මුදල සංශෝධනය විය යුතු බවටයි මෙහිදී යෝජනා වී ඇත්තේ. මීට අමතරව නෙට්ෆ්ලික්ස් වැනි වේදිකාවන් ජනප්‍රිය වීම තුළ ඒවාට මුහුණ දීමට චිත්‍රපට සංස්ථාවේ පවතින සැලසුම් පිළිබඳව ද මෙහිදී කමිටුවේ අවධානය යොමු වී තිබෙනවා.

තව ද චිත්‍රපට නිර්මාණකරුවන් ගුණාත්මක තත්ත්වයේ චිත්‍රපට සකස්කිරීමේ අවශ්‍යතාව සම්බන්ධයෙන්ද පැමිණ සිටි නිලධාරීන් මෙහිදී පෙන්වා දෙනු ලැබුවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඔන්න ඕක පහළට දාන්නකෝ..ඕවා ගන්න එපා - අකිල වෙනුවෙන් ආ ප්‍රබලයෝ කිව්ව දේ
01:37
Video thumbnail
අකිල මාංචුත් දාගෙන බන්ධනාගාර බසයෙන් ගිය හැටි
01:13
Video thumbnail
අධිකරණය ගැන මාලිමාවේ නීතිඥයින් හදිසියේම හමුවක් තියලා කිව්ව දේ - මොන තරම් දුර්මතයක්ද බලන්නකෝ
19:25
Video thumbnail
අකිල මාංචුත් දාගෙන බන්ධනාගාර බසයෙන් ගිය හැටි - මූණත් අවුල් කරගෙන යන්නේ
03:28
Video thumbnail
හිටපු අමාත්‍ය අකිල විරාජ් 18වනදා දක්වා රිමාන්ඩ් - මෙන්න දැන් ලැබුණු උණුසුම් පුවත
01:44
Video thumbnail
අකිල විරාජ් කාරියවසම් අධිකරණයට රැගෙන ආ අයුරු
01:25
Video thumbnail
උසස් පෙළ සහ ශිෂ්‍යත්ව විභාගය කල් යයිද ? විභාගයට කළින් දිනවල අවදානම් තත්ත්වයක්
07:41
Video thumbnail
අපේ ආණ්ඩුව ජනතාවට දීපු පොරොන්දු ඉටුකරනවා
02:55
Video thumbnail
රත්මාලන බෝ#බ ප්‍රහාරය කළ ඩබල පැනලා ගිය හැටි මෙන්න
00:39
Video thumbnail
රුමේෂ් තරංගට DS එකෙන් ලැබුණු සුපිරි පිළිගැනීම
01:09