මුදල් අමාත්‍යංශ පරිශ්‍රයේ ගින්නක් (වීඩියෝ)

මුදල් අමාත්‍යංශ පරිශ්‍රයේ ගින්නක් හටගෙන තිබෙනවා.

එය මැඩපැවැත්වීම සඳහා කොළඹ මහ නගර සභාවේ ගිනි නිවන රථ දෙකක් යොදවා ඇති බවයි අප වාර්තාකරුවන් සඳහන් කළේ.

පැරණි පාර්ලිමේන්තු ගොඩනැගිල්ල තුලයි මුදල් අමාත්‍යංශය ස්ථාපිතව පවතින්නේ.

මුදල් අමාත්‍යංශයේ දෙවන මහලේ හටගත් මෙම ගින්න විදුලි කාන්දුවක් හේතුවෙන් සිදුවූවක් බවට සැක කෙරෙනවා.

එමගින් සිදු වූ අලාභය මෙතෙක් තක්සේරු කර නැහැ. එමෙන්ම ගින්නෙන් කිසිවෙකුටත් තුවාල සිදුවී නොමැති බවටයි වාර්තා වන්නේ.