LPL තරගාවලියේ තීරණාත්මක තරගයක් අද රාත්‍රියේ

ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ තීරණාත්මක තවත් තරගයක් කොළඹ ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර පිටියේදී අද (15) රාත්‍රී 7.30ට ආරම්භවීමට නියමිතයි.

ඒ, කලම්බෝ ස්ට්‍රයිකර්ස් කණ්ඩායම සහ ගෝල් ටයිටන්ස් කණ්ඩායම අතර තරගයයි.

මෙම තරගය කණ්ඩායම් දෙකටම ඉතාමත් වැදගත් තරගයක් වන අතර මෙම තරගයෙන් ජය ගන්නා කණ්ඩායම අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබනු ඇති.

මේ වන විට ලංකා ප්‍රිමියර් ලීග් ප්‍රසාද ලකුණු සටහනේ ගෝල් ටයීටන්ස් කණ්ඩායම ප්‍රසාද ලකුණු 6ක් සමග සිව්වන ස්ථානයේ පසුවනවා.කලම්බෝ ස්ට්‍රයිකර්ස් කණ්ඩායම ප්‍රසාද ලකුණු සටහනේ අවසන් ස්ථානයේ වන අතර, ඔවුන් ද රැස්කරගෙන ඇති ප්‍රසාද ලකුණු සංඛ්‍යාව 6ක්

LPL තරගාවලියේ තීර