AFC Banner
Empty Ad
Empty Ad

අහස තැඹිලි පැහැ කළ චීනයේ වැලි කුණාටු

මීට දින කිහිපයක සිට චීනයේ ඇති තිබෙන දැවැන්ත වැලි කුණාටුව තවම නිමා වී නොමැත.

බීජිං අහස මේ වන විට ඉතා තැඹිලි පැහැයක් ගෙන ඇති අතර වාතයේ ගුණාත්මක මිනුම් ප්‍රස්ථාර වල සටහන් වන්නේ මෙම තත්ත්වය අනතුරු දායක වූවක් බවයි.

එරට බටහිර කාන්තාර ප්‍රදේශවලින් වැලි සහ දූවිලි ගලා යාම පිළිබඳ පුළුල් අනතුරු ඇඟවීමක් පසුගිය අඟහරුවාදා උදෑසන වන තෙක් ක්‍රියාත්මක විය.

මොන්ගෝලියාවෙන් මෙම තත්ත්වය පළමුව වාර්තා වී අති අතර, දූවිල්-කුණාටුව හේතුවෙන් මේ වන විට එරට 341 දෙනෙකු අතුරුදන්ව ඇති බවට වාර්තා වේ.

චීනයේ බටහිරින් පිහිටි නිංෂියා හි සමහර පදිංචිකරුවන් කියා සිටියේ තමන් මධ්‍යම රාත්‍රියේ අවදි වන විට හුස්ම ගැනීමට නොහැකි බවක් දැනුන බවයි.

පසුගියදා එලි දක්වන ලද වාර්තාවක සඳහන් වන්නේ ඉන්දියාවේ නව දිල්ලියද මෙම දුෂණය අතින් ඉහල අගයක් ගන්නා බවයි

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?