ලහයිනා නගරයම අළුකර දැමූ හවායි ලැව් ගින්නෙන් මියගිය ගණන තවත් ඉහළට

ඇමරිකා එක්සත් ජනපදයේ හවායි ප්‍රාන්තයේ ඓතිහාසික ලහයිනා නගරය විනාශ කළ ලැව් ගින්නෙන් මියගිය සංඛ්‍යාව මේ වනවිට 93ක් දක්වා ඉහළ ගොස් ඇති බවට තහවුරු වී තිබෙනවා.

මෙම ලැව් ගින්නෙන් විශාල පිරිසක් අතුරුදන්ව ඇති අතර, තවත් විශාල පිරිසක් අවතැන්ව ඇති බවයි හවායි ආණ්ඩුකාර ජොෂ් ග්‍රීන් සඳහන් කළේ.

ඔහු වැඩිදුරටත් පවසා සිටියේ මෙම ගින්න හවායි ප්‍රාන්තය මෙතෙක් මුහුණ දුන් දරුණුතම ස්වභාවික ව්‍යසනය වනු ඇති බවයි.

එමෙන්ම පිලිස්සී මියගිය පුද්ගලයින් හඳුනා ගැනීමට DNA පරීක්ෂණ සිදුකිරීමට නියමිත බව ද වාර්තා වනවා.

ලැව්ගිනි මේ වන විට බොහෝ දුරට පාලනය කර ඇති අතර, ඒවා සම්පූර්ණයෙන්ම නිවා දැමීමේ උත්සාහයන් ව්‍යර්ථ වී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

මේ අතර වෙරළබඩ ප්‍රදේශයේ ඉතිරිව ඇති දේ සහ සුන්බුන්වලට යටව ඇති මළ සිරුරු සෙවීම සඳහා පුහුණු කරන ලද සුනඛයන් යොදා ගැනීමට බලධාරීන්ගේ අවධානය යොමුව තිබෙනවා.

එමෙන්ම බලධාරීන් පවසන්නේ තවමත් පුද්ගලයන් 1,000කට ආසන්න සංඛ්‍යාවක් සම්බන්ධ කර ගැනීමට නොහැකි තත්ත්වයක් හෝ ඔවුන් පිළිබඳව කිසිඳු තොරතුරක් මෙතෙක් වාර්තා වී නොමැති බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
1
+1
0
+1
2
+1
23
+1
5
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
USAවලින් ලංකාවට ලැබුණු සුපිරි තෑග්ග - Fleet Broadband චන්ද්‍රිකා සන්නිවේදන පද්ධතියක්
00:55
Video thumbnail
"මීහ#ක් ටික අලුත් විකාරරූපි දර්ශනයක් ගෙනයනවා"ප්‍රසාද්ගේ දැඩි ප්‍රකාශයට නලින්ද සැරටම කිව්ව දේ
01:36
Video thumbnail
ජපානයට යන්න කලින් මේ කරුණු අනිවාර්යයෙන් දැනගන්න! | 2026 Update - ජපානයේ රැකියා අවස්ථා වැඩි වෙයි
03:48
Video thumbnail
අතුරුදහන් වූවන්ගේ පවුල්වලින් මහේස්ත්‍රාත් අධිකරණයට පැමිණිල්ලක් - සාධාරණයක් වෙනකල් සටන් කරනවා
03:38
Video thumbnail
නාවින්න බස් නැවතුමේදී රියදුරන් හා කොන්දොස්තරවරුන්ගේ අහඹු මත්ද්‍රව්‍ය පරීක්ෂාවක්
03:45
Video thumbnail
ඇමතිලා භාවිත කළ කොළඹ නිල නිවාසවලට මොකද වෙන්නේ? අමු කැලෑවෙලා තියෙන්නේ..ගේට්ටු කැඩිලා
02:02
Video thumbnail
සෙංකෝලය ගිල්ලත් නඩු අහන වේගය අඩුවෙන්නේ නෑ
02:46
Video thumbnail
යතුරුපැදියක් ලිස්සා ගිහින් බස් රථයක ගැටෙයි
00:32
Video thumbnail
යල කන්නයේ වී මිලදී ගැනීමේ සැලසුම් පිළිබඳ ජනපති ප්‍රධානත්වයෙන් පැවති සාකච්ඡාව
01:19
Video thumbnail
ඉන්ධන මිල අඩුවීම ගැන නලින්ද හෙළිකරයි - සහනය ඉවත් කළොත් මිල තව ඉහළ යනවා
02:43