මාලමුල්ල අලයා අත්අඩංගුවට (වීඩියෝ)

කළුතර දිස්ත්‍රික්කයේ ප්‍රදේශ රැසක සංවිධානාත්මක ලෙස ත්‍රී රෝද රථ සහ යතුරුපැදි සොරකම් කර කොටස් ගලවා අඩු මුදලට විවිධ ප්‍රදේශවලට අලෙවි කළ මාලමුල්ල අලයා නැමැති සැකකරු පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලිසියට ලැබුණු තොරතුරකට අනුව ක් කළ වැටලීමකදී යි ඊයේ සවස 33 හැවිරිදි මෙම සැකකරු අත්අඩංගුවට ගෙන ඇත්තේ.

මෙම පුද්ගලයා හොරණ, බුලත්සිංහල සහ මිල්ලනිය යන පොලිස් වසම්වල මෙලෙස ත්‍රී රෝද රථ සහ යතුරුපැදි සොරකම් කර ඇතැයි අනාවරණ වී තිබෙනවා.

සැකකරු පානදුර නගරයේ දී අත්අඩංගුවට ගෙන කළ ප්‍රශ්න කිරීම්වල දී විවිධ ප්‍රදේශවලින් සොරකම් කරන ලද ත්‍රී රෝද රථ සහ යතුරුපැදි මාලමුල්ල ප්‍රදේශයේ පිහිටි නිවස පිටුපස ලඳු කැලෑවේ ගාල් කර කොටස් ගලවා තිබියදී සොයාගෙන ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

සැකකරු යතුරුපැදි සහ ත්‍රී රෝද රථ විශාල ප්‍රමාණයක් සොරකම් කර ඇති අතර ඔහුගේ නිවස ආසන්නයේ තිබී බුලත්සිංහල, මිල්ලනිය සහ හොරණ ප්‍රදේශවලින් සොරකම් කරන ලද යතුරුපැදියක් සහ සහ ත්‍රී රෝද රථ දෙකක් සොයාගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගත් මෙම ප්‍රධාන සැකකරු සමග තවත් කණ්ඩායමක් සම්බන්ධ බවටයි පොලිසිය අනාවරණ කරගෙන ඇත්තේ.

මොවුන් රාත්‍රී කාලයේ දී නිවාසවල නතර කර ඇති ත්‍රී රෝද රථ සහ දහවල් කාලයේ මහ මග නතර කර ඇති යතුරුපැදි සොරකම් කර ඇති බවට හෙළි කරගෙන තිබෙනවා.

ප්‍රධාන සැකකරුට පානදුර මහේස්ත්‍රාත් අධිකරණය මගින් වරෙන්තු නිකුත් කර ඇති අතර පුද්ගල පහරදීම් සම්බන්ධයෙන් චෝදනා ලබා ඇති පුද්ගලයෙක් බවද සඳහන්.

සැකකරු හොරණ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මේ දෙපාර්තමේන්තුව වහන්න හිතනවනම් ඒක පිස්සු විකාරයක් - සමහර ආයතන වහන්න වෙයි
07:06
Video thumbnail
කෙහෙළිය රඹුක්වැල්ල උසාවියට ඇවිත් රිවස් ග#හපු හැටි - කැමරාවට මුහුණ නොපෙන්වා යයි
00:55
Video thumbnail
මම කෞටිල්‍යත් නෙමෙයි චන්ද්‍ර ගුප්තත් නෙවෙයි මම රනිල් වික්‍රමසිංහ - තරුණයින්ට රනිල් උත්තර දෙයි
05:54
Video thumbnail
අශ්වයෝ පිටේ ගැම්මට ගිහින් මාලිමාවේ ඇමතිලා දාපු සෙල්ලම් - I invite all the visitors
00:30
Video thumbnail
බින් චුන්ද බබල් ටීද අනේ මන්දා එක එක ඒවා දැන් - රනිල් තරුණයින් හමුවෙලා හිනාවෙවී කිව්ව දේ
02:19
Video thumbnail
දෙනොදහක් ඉන්න දඹුල්ල නගරය මැද කාන්තාවක් උපන් ඇඳුමෙන් කළ කැත වැඩේ
01:20
Video thumbnail
අඹුසැමි ආරවුල මැදට පැන්න අසල්වැසියා සැමියාව අවසන් ගමන් යවයි
01:55
Video thumbnail
සමන්තුරේ බයික් කල්ලිය පොලිසියට කොටුවෙයි
00:35
Video thumbnail
අනුරාධපුර බිහිසුණු අනතුරේ දර්ශන
01:03
Video thumbnail
කාන්තාවකගේ නිදි යහනට පැන්න මිනිහෙක් සරම දාලා දුවයි
00:45