වාහන කාණ්ඩ කිහිපයකට පැනවූ ආනයන සීමා ලිහිල් කෙරේ (වීඩියෝ)

පොදු ප්‍රවාහනය සඳහා යොදා ගනු ලබන වාහනවලට පනවා ඇති ආනයන තහනම ඉවත් කිරීමට රජයේ අවධානය යොමුවී ඇතැයි මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසනවා.

පොදු ප්‍රවාහනයට යොදා ගනු ලබන බස් රථ මෙන්ම භාණ්ඩ ප්‍රවාහනයට යොදා ගන්නා ට්‍රක් සහ ලොරි රථ ආනයන තහනම ද කඩිනමින් ඉවත් කිරීම සම්බන්ධයෙන් අවධානය යොමුවී ඇති බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.

මුදල් අමාත්‍යංශය ඇතුලු අනෙකුත් අමාත්‍යංශ මෙන්ම මහ බැංකුවේ ආර්ථික පර්යේෂණ දෙපාර්තමේන්තුව වැනි ආයතන එක්ව සිදු කළ සමාලෝචනයකින් අනතුරුව මෙම තීරණයට එළඹ ඇති බව ද ඔහු පෙන්වා දුන්නා.

එම සාකච්ඡාවලදී විශේෂයෙන් අවධානය යොමු වී ඇත්තේ සමස්ත ජනතාවගේ අවශ්‍යතා වෙනුවෙන් පොදු ප්‍රවාහනයට අවශ්‍ය වාහන ආනයනය කිරීමට බවයි මුදල් රාජ්‍ය අමාත්‍යවරයා කියාසිටියේ.

පොදු ප්‍රවාහනය සඳහා යොදා ගනු ලබන වාහන ආනයනය සඳහා පනවා තිබූ සීමා ලිහිල් කරන ගැසට් නිවේදනය ඉදිරි දින කිහිපය ඇතුලත නිකුත් කිරීමටයි මුදල් අමාත්‍යාංශය තීරණය කර ඇත්තේ.

ඒ අනුව පොදු ප්‍රවාහනය සඳහා භාවිත කරන ලොරි, ට්‍රක් සහ බස් රථ ආනයනයට පැනවූ සීමාවන් මෙම ගැසට්ටුව හරහා ලිහිල් වනු ඇති.

මූල්‍ය විශ්ලේෂකයන් පවසන්නේ දැනට පවතින විදේශ විනිමය සංචිතවලට සාපේක්ෂව සෙසු වාහන ආනයනය තවදුරටත් ප්‍රමාද වනු ඇති බවයි.

වාහන ආනයනය කඩිනම් කිරීම හරහා යළිත් ඩොලරයේ අගය ඉහළ යා හැකි බව ද ඔවුන් පෙන්වා දෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
4
+1
3
+1
5
+1
1
+1
2
+1
1
+1
9
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අර්චුනා ඩයස්පෝරාව ගැන කියලා පාර්ලිමේන්තුවේ රත්වෙයි..චික්..! පාර්ලිමේන්තුවට එන්න මට හි#කිතයි
03:13
Video thumbnail
තමුන්ලගේ ජනාධිපති ගැන ලැජ්ජයි බන්..අර්චුනා සභාවේ ලෙසටම ෆයර්වෙයි
03:53
Video thumbnail
"මේ වරදට ජනාධිපතිව වසර 5ක් දක්වා හිරේට දාන්න පුළුවන්" ගම්මන්පිලගෙන් ප්‍රබල හෙළිදරව්වක්
13:29
Video thumbnail
ගංවතුර ආපදාව නිසා මි#ගිය සතුන්ගේ මස් මාංශ වෙළෙඳපොලට ඇවිත්?..මෙන්න රටම දෙදරා යන හෙළිදරව්වක්
05:45
Video thumbnail
සජිත් කළින්ම කිව්වනේ රටට මේ වගේ විපතක් වෙනවා කියලා..වටගල හදන්නේ හැමෝගෙම කටවල් වහන්න
03:43
Video thumbnail
රතු කට්ට පැන්න චානක හතර වටේටම දෙසයි..මගේ කැබ් එකේ සල්ලි ඔක්කොම සෞඛ්‍ය අමාත්‍යංශයට දෙන්න..
11:45
Video thumbnail
මවගෙන් වෙන්ව සිටි බිළිඳාව නැවත මව වෙතට ගෙන දුන් අපේ වීරයෝ
01:31
Video thumbnail
මුට්ට කරගහන එක නවත්තන්න..ඔයාලා විපක්ෂය නෙවෙයි..නලීන් පාර්ලිමේන්තුව දෙවනත් කරයි
14:42
Video thumbnail
පුද්ගලයෙක්ට සත්තම දාලා මුදල් හා රන් භාණ්ඩ කොල්ලකෑ පොලිස් ඩබල
00:38
Video thumbnail
වාහනයක් පසුපස පැන්නූසද්ධන්තයා පුද්ගලයෙකු දුටු සැණින් කැළෑවට දිව ගිය හැටි
00:33


?