වාහන කාණ්ඩ කිහිපයකට පැනවූ ආනයන සීමා ලිහිල් කෙරේ (වීඩියෝ)

පොදු ප්‍රවාහනය සඳහා යොදා ගනු ලබන වාහනවලට පනවා ඇති ආනයන තහනම ඉවත් කිරීමට රජයේ අවධානය යොමුවී ඇතැයි මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසනවා.

පොදු ප්‍රවාහනයට යොදා ගනු ලබන බස් රථ මෙන්ම භාණ්ඩ ප්‍රවාහනයට යොදා ගන්නා ට්‍රක් සහ ලොරි රථ ආනයන තහනම ද කඩිනමින් ඉවත් කිරීම සම්බන්ධයෙන් අවධානය යොමුවී ඇති බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.

මුදල් අමාත්‍යංශය ඇතුලු අනෙකුත් අමාත්‍යංශ මෙන්ම මහ බැංකුවේ ආර්ථික පර්යේෂණ දෙපාර්තමේන්තුව වැනි ආයතන එක්ව සිදු කළ සමාලෝචනයකින් අනතුරුව මෙම තීරණයට එළඹ ඇති බව ද ඔහු පෙන්වා දුන්නා.

එම සාකච්ඡාවලදී විශේෂයෙන් අවධානය යොමු වී ඇත්තේ සමස්ත ජනතාවගේ අවශ්‍යතා වෙනුවෙන් පොදු ප්‍රවාහනයට අවශ්‍ය වාහන ආනයනය කිරීමට බවයි මුදල් රාජ්‍ය අමාත්‍යවරයා කියාසිටියේ.

පොදු ප්‍රවාහනය සඳහා යොදා ගනු ලබන වාහන ආනයනය සඳහා පනවා තිබූ සීමා ලිහිල් කරන ගැසට් නිවේදනය ඉදිරි දින කිහිපය ඇතුලත නිකුත් කිරීමටයි මුදල් අමාත්‍යාංශය තීරණය කර ඇත්තේ.

ඒ අනුව පොදු ප්‍රවාහනය සඳහා භාවිත කරන ලොරි, ට්‍රක් සහ බස් රථ ආනයනයට පැනවූ සීමාවන් මෙම ගැසට්ටුව හරහා ලිහිල් වනු ඇති.

මූල්‍ය විශ්ලේෂකයන් පවසන්නේ දැනට පවතින විදේශ විනිමය සංචිතවලට සාපේක්ෂව සෙසු වාහන ආනයනය තවදුරටත් ප්‍රමාද වනු ඇති බවයි.

වාහන ආනයනය කඩිනම් කිරීම හරහා යළිත් ඩොලරයේ අගය ඉහළ යා හැකි බව ද ඔවුන් පෙන්වා දෙනවා.

  1. ප්‍රයිම්මූවර් ගේන්න ගන්න බැරිව ව්‍යාපාරිකයෝ කිහිප දෙනෙක් ඉන්නවා උන්ගෙන් කුට්ටියක් ලැඛෙන්නේ ඇති.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හොරුන්ට ආයේ බලය දෙන්න මේ රටේ මිනිස්සු සූදානම් නෑ
07:27
Video thumbnail
පපරේ බෑන්ඩ් ගගහා තැපැල් සේවකයෝ කරපු දේ
01:29
Video thumbnail
තුන්සක රියක් සුඛෝපභෝගී රියක ගැටි පුද්ගලයෙක් එළොව යයි
01:45
Video thumbnail
මහ මුහුද මැද රෝගී වූ ධීවරයෙක් නාවික හමුදාවෙන් මුදාගත් හැටි
00:22
Video thumbnail
අලියා ඇවිත් වී ටිකට දුන්න සුද්දය
00:20
Video thumbnail
මහ මුහුද මැද රෝගී වූ ධීවරයෙක් නාවික හමුදාවෙන් මුදාගත් හැටි - මෙහෙයුමේ දර්ශන මෙන්න
00:26
Video thumbnail
වත්මන් රජයේ පුනර්ජනනීය බලශක්ති විනාශ කිරීමේ ප්‍රතිපත්තිය සජිත් IMF නියෝජිතයන්ට පෙන්වා දෙයි
04:59
Video thumbnail
සංතෝෂමට වැඩිය ආත්ම තෘප්තියක් ලබා ගන්න පුළුවන් කරපු සේවයෙන් - පැයගාන වැඩ කරලා ගියට වැඩක් නෑ
05:32
Video thumbnail
අපරාධ කරපු නිලධාරින් පොලිසියේ තියා ගන්නේ නෑ..තනතුර අදාළ නෑ - පොලිස්පති සැරවෙයි
05:51
Video thumbnail
2027 අයවැයෙන් ජනතාවගේ බදු බර ඉවත් කළ යුතුයි
07:28