හවායි ඉතිහාසයේ දැවැන්තම ස්වභාවික ව්‍යසනයෙන් අතුරුදන් වූවන් සොයා මෙහෙයුමක්

හවායි දූපත්වල හටගත් දැවැන්ත ලැව් ගිනි ජාලා මධ්‍යයේ අතුරුදන් වූවන් සෙවීමට දැවැන්ත මෙහෙයුමක් ආරම්භ කර තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ පුද්ගලයන් දහසක් පමණ සම්බන්ධ කර ගැනීමට හෝ ඔවුන් පිළිබඳ කිසිදු තොරතුරක් මෙතෙක් වාර්තා වී නොමැති බවයි.

ගින්න හේතුවෙන් මේවන විට පුද්ගලයන් 80කට වැඩි පිරිසක් මියගොස් ඇතැයි තහවුරු වී ඇති අතර තුවාලකරුවන් පිරිසක් රෝහල්වලට ද ඇතුලත් කර තිබෙනවා.

එමෙන්ම සංචාරකයන් ද ඇතුලු තවත් විශාල පිරිසක් ලැව් ගිනි හමුවේ ආරක්ෂිත ස්ථානවලට යොමු කිරීමටයි පියවර ගැණුනේ.

ගින්න හමුවේ මියගිය පුද්ගලයන් හඳුනා ගැනීම වෙනුවෙන් අධිකරණ වෛද්‍ය පරීක්ෂණ කටයුතු ද තවදුරටත් ක්‍රියාත්මකයි.

අධිකරණ වෛද්‍ය කටයුතු අඛණ්ඩව සිදු කරගෙන යාම සඳහා හවායි වෙත අතිරේක විශේෂඥ සහාය ද ලබාදී තිබෙනවා.

පුද්ගලයින් 80 දෙනෙකු මියගොස් ඇති බව තහවුරු වී ඇති අතර තවත් විශාල පිරිසක් සම්බන්ධයෙන් තොරතුරු නොමැති බැවින් මෙම සංඛ්‍යාව තවත් ඉහළ යනු ඇති බවටයි බියක් මතුවී ඇත්තේ.

විනාශයට පත් ලහයිනා නගරය ඇතුළු මවුයි දූපතේ ඇතැම් ප්‍රදේශවල ගිනි නිවීමේ මෙහෙයුම් අඛණ්ඩව ක්‍රියාත්මකයි.

තවමත් පුද්ගලයන් 1,000කට ආසන්න සංඛ්‍යාවක් සම්බන්ධ කර ගැනීමට නොහැකි අතර ආරක්ෂක හේතු හමුවේ ඇතැම් ප්‍රදේශවලට ළඟා විය නොහැකි බවයි බලධාරීන් ප්‍රකාශ කර ඇත්තේ.

මේ අතර, මළ සිරුරු හඳුනා ගැනීමට පුහුණු කරන ලද සුනඛයන් ලහයින ප්‍රදේශයේ සුන්බුන් යට මළ සිරුරු පිළිබඳ තොරතුරු සොයමින් සිටිනවා.

ප්‍රාදේශීය වරාය අවටින් ද මළ සිරුරු හමු වූ බවට ද වාර්තා වී ඇති අතර, එහිදී පුද්ගලයින් විශාල පිරිසක් බේරා ගැනීමට ද හැකියාව ලැබී තිබෙනවා.

පසුගියදා ඇති වූ ලැව්ගිනි හේතුවෙන් ගොඩනැගිලි 2,000කට වැඩි ප්‍රමාණයක් හානි වී හෝ විනාශ වී ඇති අතර ඉන් බහුතරයක් ලහයින ප්‍රදේශයේ පිහිටි ඒවායි.

හවායි ආණ්ඩුකාර ජොෂ් ග්‍රීන් පැවසුවේ මෙම ලැව්ගිනි හවායි ප්‍රාන්ත ඉතිහාසයේ විශාලතම ස්වභාවික ව්‍යසනය බවයි.

ඇමරිකානු රතු කුරුස සංවිධානය වැනි සංවිධානවල සහාය ඇතිව නිවාස අහිමි වූවන් සඳහා ආහාර, ජලය සහ නවාතැන් සංවිධානය කිරීමට ප්‍රාදේශීය සහන කණ්ඩායම් කටයුතු කරමින් සිටිනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පළාත් සභා මැතිවරණය ගැන අහපු ප්‍රශ්නයට හරිනිට කට උත්තර නැතිවුණාද ?
00:20
Video thumbnail
නන්දා මාලනිය ගැන සජිත් කිව්ව සුපිරි කතාව - වමට බර සංකල්පවලත් උතුම් ගුණාංග තියෙනවා
04:08
Video thumbnail
සජිත් මහත්තයා ඉතින් රජ වෙන්න ඕනි..දෙවි කෙනෙක් වගේ - අපිට ලක්ෂ 18ක තීන්ත දුන්නා
03:27
Video thumbnail
එල්නිනෝ තත්ත්වය ගැන සජිත්ගෙන් හෙළිදරව්වක් - ජනතාව දැවැන්ත සාගින්නකට මුහුණදීමේ ප්‍රවණතාවක්
05:48
Video thumbnail
බෙරගල පහළ විහාර ගල ගිනිතැබීම සිද්ධියේ වීඩියෝ එළියට ? පේනවද ගි#නි තියන හැටි ?
01:12
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාන්න ගිහින් වැඩ වැරදුණු පොලිසිය
00:56
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාලා තියෙන්නේ..මෙන්න පොලිසියේ කෙරුවාව - විලි ලැජ්ජා නැද්ද යකෝ?ආතල් ගන්න එපා
01:12
Video thumbnail
රනිල් ආයේ පාර්ලිමේන්තු යනවද ?යන එක එයාගේ වැඩක්..අපි සහයෝගයෙන් වැඩ
01:10
Video thumbnail
පැහැදිලිවම රටේ ඊළඟ ජනාධිපති සජිත් ප්‍රේමදාස - නාමල් මහන්සිවෙලා විපක්ෂ නායකවත් වෙන්න
02:54
Video thumbnail
අගමැති හරිනිගෙන් සැර කතාවක් - රැගින්වලටනම් අපෙන් කිසි සමාවක් නෑ
02:56