AFC Banner
Empty Ad
Empty Ad

අදානි පර්යන්තය දුන්නට ආණ්ඩුවට ස්තූතිකර ට්විට් එකක් දායි

කොළඹ වරායේ බටහිර පර්යන්තය ගොඩනැගීම සඳහා තමන්ට අවස්ථාව ලබාදීම පිළිබඳව ඉන්දියාවේ අදානී සමාගමේ හිමිකරු ගෞතම් අධානී මහතා ශ්‍රී ලංකා රජයට ස්තුතිය පළ කර තිබේ.ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් ගෞතම් අධානී මහතා මෙසේ ස්තූතිය පලකර ඇත.

ඔහු එහි වැඩිදුරටත් දක්වා ඇත්තේ ශ්‍රී ලංකා රජයට, වරාය අධිකාරියට සහ ජෝන් කීල්ස් සමාගමට සිය කෘතවේදීත්වය පිරිනමන බවයි.මෙම හවුල් ව්‍යාපාරය ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර ඇති ඓතිහාසික අන්‍යෝන්‍ය සබඳතාවයේ සංඛේතයක් බවට ගෞතම් අධානී මහතා සඳහන් කර තිබේ.මේ අතර, කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී කෙහෙළිය රඹුක්වැල්ල මහතා කියා සිටියේ කොළඹ වරායේ බටහිර පර්යන්තයේ 51%ක ආයෝජනය සඳහා අදානී සමාගමට ඇරයුම් කර ඇති බවයි. ඉතිරි 49%ක කොටස් වල ආයෝජනය සඳහා වරාය අධිකාරිය හා දේශිය ආයෝජකයින්ට අවස්ථාව ඇති බව ඔහු සඳහන් කළේය.

කෙසේවෙතත් අදානී පෝට්ස් ඇන්ඩ් ලොජිස්ටික්ස් සමාගමේ නිල වෙබ් අඩවියේ සඳහන් වන්නේ තම සමාගම ජෝන් කීල්ස් හෝල්ඩින්ග්ස් සමාගම සහ ශ්‍රී ලංකා වරාය අධිකාරිය සමග එක්ව ඉදිකර ක්‍රියාත්මක කර පවරා දීමේ පදනම මත වසර 35ක කාලයක් කොළඹ වරායේ බටහිර පර්යන්තය ක්‍රියාත්මක කිරීමට සූදානම් වන බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?