AFC Banner
Empty Ad
Empty Ad

සමනල වැවෙන් ජලය මුදාහැරීම ඇරඹේ – විදුලිය මිලදී ගැනීමටත් සිදුවන බව කියයි

සමනල වැවෙන් උඩවලට ජලාශයට ජලය මුදාහැරීම අද (08) අලුයම් කාලයේ ආරම්භ කර තිබෙනවා.

ඒ, අනුව තත්පරයට ඝන මීටර් 42 උපරිම ධාරිතාවයෙන් මෙලෙස උඩවලට ජලාශයට ජලය මුදාහරින බවයි ලංකා විදුලි බල මණ්ඩලය සඳහන් කළේ.

කෘෂි වගා කටයුතු සඳහා ජලය වැඩි වශයෙන් ලබාදෙන ලෙස කරන ලද ඉල්ලීම අනුව, මෙලෙස අද සිට විදුලිය නිෂ්පාදනය වැඩිකර වැඩි වශයෙන් ජලය මුදාහරින බවයි එම මණ්ඩලය පැවසුවේ.

නිකරුණේ ජලය මුදාහැරීමක් සිදුනොකර විදුලි ජනනය සිදුකර මෙලෙස ජලය මුදාහරින බව විදුලි බල මණ්ඩලය සඳහන් කර සිටියා.

සමනල වැවෙන් උඩවලට ජලාශයට ජලය මුදාහැරීමට ගත් තීරණය අනුව ඉදිරියේ දී හදිසි තත්ත්වයක් යටතේ විදුලිය මිලදී ගැනීමට සිදුවන බව බලශක්ති අමාත්‍යාංශය පැවසුවා.

ඒ, අනුව මෙගා වොට් 100 ක පමණ ධාරිතාවක් මෙලෙස ලබා ගැනීමට සිදුවනු ඇති.

විදුලි බල පද්ධතිය සමතුලිත කිරීම සඳහා මෙම විදුලිය මිලදී ගැනීම සිදුකරන බවයි බලශක්ති අමාත්‍යාංශය සඳහන් කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
1
+1
1
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?