සමනල වැවෙන් ජලය මුදාහැරීම ඇරඹේ – විදුලිය මිලදී ගැනීමටත් සිදුවන බව කියයි

සමනල වැවෙන් උඩවලට ජලාශයට ජලය මුදාහැරීම අද (08) අලුයම් කාලයේ ආරම්භ කර තිබෙනවා.

ඒ, අනුව තත්පරයට ඝන මීටර් 42 උපරිම ධාරිතාවයෙන් මෙලෙස උඩවලට ජලාශයට ජලය මුදාහරින බවයි ලංකා විදුලි බල මණ්ඩලය සඳහන් කළේ.

කෘෂි වගා කටයුතු සඳහා ජලය වැඩි වශයෙන් ලබාදෙන ලෙස කරන ලද ඉල්ලීම අනුව, මෙලෙස අද සිට විදුලිය නිෂ්පාදනය වැඩිකර වැඩි වශයෙන් ජලය මුදාහරින බවයි එම මණ්ඩලය පැවසුවේ.

නිකරුණේ ජලය මුදාහැරීමක් සිදුනොකර විදුලි ජනනය සිදුකර මෙලෙස ජලය මුදාහරින බව විදුලි බල මණ්ඩලය සඳහන් කර සිටියා.

සමනල වැවෙන් උඩවලට ජලාශයට ජලය මුදාහැරීමට ගත් තීරණය අනුව ඉදිරියේ දී හදිසි තත්ත්වයක් යටතේ විදුලිය මිලදී ගැනීමට සිදුවන බව බලශක්ති අමාත්‍යාංශය පැවසුවා.

ඒ, අනුව මෙගා වොට් 100 ක පමණ ධාරිතාවක් මෙලෙස ලබා ගැනීමට සිදුවනු ඇති.

විදුලි බල පද්ධතිය සමතුලිත කිරීම සඳහා මෙම විදුලිය මිලදී ගැනීම සිදුකරන බවයි බලශක්ති අමාත්‍යාංශය සඳහන් කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
1
+1
1
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කවුද ආණ්ඩුව පෙරලන්න හැදුවේ..මම නම් කැමති මේ ආණ්ඩුව අවුරුදු 5ම යනවට
01:02
Video thumbnail
ආණ්ඩුවේ බොරුව නිසා මැති ඇමතිලගේ පුතාලට වෙලා තියෙන දේ..පිට්ටනියට යන්න බැරුව ඇති
07:50
Video thumbnail
දුමින්ද දිසානායක ආණ්ඩුවට කට උත්තර නැතිවෙන්න දෙසයි - ගමේ රැස්වීම්වල මිනිස්සු 50ක්වත් නෑනේ
04:13
Video thumbnail
අපිට බල කරපු නාමල් දැන් කොහෙද ඉන්නේ ? දැන් පොහොර නෑනේ මේ රටේ
02:33
Video thumbnail
උගන්ඩා කුමාරිට දුමින්ද හොඳ පදෙන්ම අමතයි - කිසි ගානක් නැතුව මෙච්චර බොරු කියන්නේ..
03:40
Video thumbnail
චාමර සම්පත් තමයි මොන දේටත් පෙනී ඉන්නේ..විපක්ෂයේ ප්‍රතික්ෂේපවීමට හේතුව අහන්න ඕනි සජිත්ගෙන්
06:06
Video thumbnail
Praharaya| ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් දුමින්ද දිසානායක සහභාගීවන විශේෂ ප්‍රහාරය වැඩසටහන සජීවීව
01:38:40
Video thumbnail
රනිල් ආයේ පාර්ලිමේන්තු එන්නද යන්නේ ? - එයාලා පෙරළගත්තොත් රට බාරගන්න කෙනෙක් ඉන්න ඕනි
02:37
Video thumbnail
සමගි ජන බලවේගය අපි එක්ක සම්බන්ධයි..හැබැයි පේන්නේ නෑ - මහින්දලා ගැන අදටත් අපේ විවේචන තියෙනවා
06:09
Video thumbnail
ආණ්ඩුවට අපි බය නෑ..බයනම් මෙහෙම කතා කරනවද ?.. l Duminda Dissanayake
02:12