ජාතිවාදී ලෙස මුහුණු හඳුනාගැනීමේ මෘදුකාංග සපයන බවට Hikvision වෙත යළිත් චෝදනා

ලොව විශාලතම වීඩියෝ නිරීක්ෂණ සමාගම ලෙසින් හඳුන්වන Hikvision ලෝකයේ භාවිතයට ගැනෙන සෑම නිරීක්ෂණ කැමරා පහකින් එකකට වඩා නිෂ්පාදනය කරන බවට සැලකෙනවා.

එහෙත් ඒ සම්බන්ධයෙන් පවතින ගැටලුවක් වන්නේ Hikvision පාලනය කරනු ලබන්නේ චීන කොමියුනිස්ට් රජය විසින් වීම බවට මත පළ වනවා.

ඒ, බව නිශ්චිතව තහවුරු නොකෙරුන ද එහි පාලන කොටස අයිති වන්නේ රාජ්‍ය මන්ත්‍රණ සභාවේ වත්කම් අධීක්ෂණ සහ පරිපාලන කොමිෂන් සභාව විසින් පාලනය කරන චයිනා ඉලෙක්ට්‍රොනික්ස් ටෙක්නොලොජි ගෲප් කෝපරේෂන් වෙතයි.

එය චීන කොමියුනිස්ට් දේශපාලන මණ්ඩලයේ සෘජු අධීක්ෂණය යටතේ පවතින ආයතනයක්.

චීනයේ නිෂ්පාදිත තාක්ෂණික උපාංගවලින් ලබාගන්නා දත්ත චීනයෙන් අවසන් වූ අවස්ථා ලොව පුරා ඕනෑ තරම් තිබීම හේතුවෙන් Hikvision surveillance cameras ගැනද සැක මතු කිරීමට හේතුවක් වී තිබෙනවා.

කෙසේ වෙතත්, Hikvision වඩාත් නිශ්චිතව එල්ලවන චෝදනාවක් තිබෙනවා.

එනම් චීන මහජන ආරක්‍ෂක අංශ, හමුදාව සහ ඔත්තු සේවා සපයන්නන් වෙත මුහුණු හඳුනාගැනීමේ කාර්යයන් සහිත නිරීක්ෂණ කැමරා පිරිනැමීමයි.

එමගින් විශේෂයෙන් හඳුනාගැනීමට සහය වී ඇත්තේ පැහැදිලිවම උයිගර් හෝ වෙනත් වාර්ගික සුළුතරයක සාමාජිකයන්.
එබැවින් බොහෝ අය එය හැඳින්වූයේ “ජාතිවාදී” මෘදුකාංගයක් ලෙසයි.

නිව් යෝර්ක් ටයිම්ස් 2019 දී මේ සම්බන්ධයෙන් ජාත්‍යන්තරව ප්‍රසිද්ධියට පත් කිරීමෙන් පසු එහි ප්‍රතිඵලයක් ලෙස Hikvision හි විකුණුම් සීමිත වුණා.

බොහෝ අවස්ථාවල දී රාජ්‍ය ආයතනවලට එහි කැමරා මිලදී ගැනීම තහනම් කරන ලද්දේද එහි ප්‍රතිඵලයක් ලෙසයි.

එක්සත් ජනපදය 2022 දී එම සමාගමේ නිෂ්පාදන සම්පූර්ණයෙන්ම තහනම් කරන ලද අතර, ඕස්ට්‍රේලියාව, එක්සත් රාජධානිය සහ තවත් රටවල් කිහිපයක් සිය රාජ්‍ය ආයතනවලට එහි කැමරා මිලදී ගැනීම තහනම් කළා.

සම්බාධකවලින් දැඩි ලෙස පීඩාවට පත් වූ හික්විෂන් 2022 වසරේදී ප්‍රකාශ කළේ උයිගර්වරුන් හඳුනාගැනීමේ මෘදුකාංග නිෂ්පාදනය නතර කර ඇති බවයි.

අවාසනාවකට එය බොරුවක් බව හෙළි වී තිබුණේ වීඩියෝ නිරීක්ෂණ තාක්‍ෂණය පිළිබඳ පුද්ගලික නමුත් ඉහළ බලතල සහිත පර්යේෂණ කණ්ඩායමක් වන Internet Protocol Video Marketට ස්තූතිවන්ත වන්නටයි.

“ජාතිවාදී මෘදුකාංගය” තම පද්ධතිවලින් ඉවත් කර ඇති බවට Hikvision බටහිර මාධ්‍යයට පවසන අතරම චීනය සමඟ නව ගිවිසුම් සාකච්ඡා කරමින් ඔවුන් කාර්යබහුල වූ බවට සාක්ෂි සමගින් ඔවුන්ට සොයා ගැනීමට හැකි වී තිබෙනවා.

ඒ, ජනවාර්ගික සුළුතරය හඳුනාගැනීම සඳහා – නොදන්නා, සුළුතර නොවන, උයිගර් – යන ප්‍රශ්නයට පිළිතුරු සපයන මුහුණු හඳුනාගැනීමේ මෘදුකාංගයක් ඔවුන් චීන බලධාරීන්ට විකුණා ඇති බවටයි.

එම ගිවිසුමට අත්සන් කර ඇත්තේ 2022 දෙසැම්බර් මාසයේදී බවට ද ඔවුන් තොරතුරු හෙළි කරගෙන තිබෙනවා.

2023 මැයි මාසයේදී, “බිටර් වින්ටර්” විසින් තවත් IPVM වාර්තාවක් සමාලෝචනය කරන ලද අතර, Hikvision සමාගමට අමතරව අලිබබා විසින් ද උයිගුර්වරුන් ඉලක්ක කර ගනිමින් “ජාතිවාදී මෘදුකාංග” නිෂ්පාදනය කරන බව පෙන්නුම් කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
0
+1
3
+1
0
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඇඹිලිපිටියේ ඇඟලුම් කම්හලක හදිසියේම ඇතිවූ මහ ගින්න - ප්‍රදේශයම කළු දුමෙන් වැසී ගිහින්
01:32
Video thumbnail
හිටපු ආණ්ඩුකාරවරු ආණ්ඩුවෙන් ඉල්ලපු දේ - කවුරු දිණුවත් ප්‍රශ්නයක් නෑ..පළාත් සභා මැතිවරණය තියන්න
12:12
Video thumbnail
හැමදේම හොරකම් කරන කාලයේ බිම වැටිලා තිබ්බ සල්ලි අයිතිකාරයටම දුන්න උතුම් ක්‍රියාව.."ළමයිට බොහොම පින්."
04:06
Video thumbnail
වචන දෙනකොට හරියට දෙන්න ඕනි..නැත්තම් ගමට එන්න වෙන්නේ නැ - ණය අරගෙන ලොකු ලොකු දෙවල් කරලා
07:41
Video thumbnail
චමරි අතපත්තු සංවේදී වී කිව්ව දේ - ශෂිණි අවාසනාවකට ආබාධයකට ලක්වුණා - එයාට තරඟ කරන්න බෑ
08:23
Video thumbnail
දසවන ජනාධිපතිවරු ගැන දුමින්ද කිව්ව දේ - ඔක්කොම යාළුවෝ..නාමල් වෙනස් වෙමින් යනවා
06:02
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.06.02
01:48:41
Video thumbnail
කවුද ආණ්ඩුව පෙරලන්න හැදුවේ..මම නම් කැමති මේ ආණ්ඩුව අවුරුදු 5ම යනවට
01:02
Video thumbnail
ආණ්ඩුවේ බොරුව නිසා මැති ඇමතිලගේ පුතාලට වෙලා තියෙන දේ..පිට්ටනියට යන්න බැරුව ඇති
07:50
Video thumbnail
දුමින්ද දිසානායක ආණ්ඩුවට කට උත්තර නැතිවෙන්න දෙසයි - ගමේ රැස්වීම්වල මිනිස්සු 50ක්වත් නෑනේ
04:13