ඩුබායිහි සැඟවී සිටින මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකුගේ සහායිකාවක් අත්අඩංගුවට

ඩුබායි රාජ්‍යයේ සැඟව සිටින බව කියන ප්‍රධාන පෙළේ මත් ද්‍රව්‍ය ජාවාරම්කරුවෙක් වන අහුංගල්ලේ දිල්ෂාන් නැමැත්තා ගේ ජාවාරමට සම්බන්ධ කාන්තාවක් කළුතර කොට්ඨාස දූෂණ මර්ධන වැටලීම් ඒකකය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ රුපියල් ලක්ෂ 20ක වටිනාකමකින් යුත් අයිස් මත්ද්‍රව්‍ය තොගයක් ද සමගයි.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ මත්තේගොඩ මහල් නිවාස සංකීර්ණයේ පදිංචි 28 හැවිරිදි කාන්තාවක්.

සැකකාර කාන්තාව වැලිපැන්න මීගම ප්‍රදේශයේ සංචාරක හෝටලයක නවාතැන් ගෙන ජාවාරම සිදුකරන බවට ලැබුණු තොරතුරක් මත වැටලීම සිදු කර තිබෙනවා.

සැකකාරිය පළමුව මත්කුඩු නොමැති බවට ප්‍රකාශ කර ඇතත්, කාන්තා කොස්තාපල්වරියක් මාර්ගයෙන් පරීක්ෂා කිරීමේදී අත් බෑගයේ සඟවා තිබූ අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 100ක් හමුවී ඇති අතර අනතුරුව ඇය අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සැකකාර කාන්තාව දිනකට රුපියල් 5000ක මුදලක් වැයකරමින් සංචාරක හෝටලයේ නවාතැන්ගෙන සිට ඇති බවටයි හෙළිවී ඇත්තේ.

සැකකාරිය මතුගම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර රැඳවුම් නියෝග ලබාගැනීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
2
+1
2
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කඩා දැමු වෙසක් කූඩු ගැන අරුන් සියල්ල හෙළිකරයි - රෑ දෙන්නෙක් මූණු වහගෙන ඇතුළට ඇවිත් වෙසක් කූඩු කඩලා
05:25
Video thumbnail
ගින්නෙන් වැඩිහිටියන් බේරගද්දි කාකි නිල ඇඳුමෙන් එළියට ආ සොඳුරු මනුස්සකම..Respect..!
01:07
Video thumbnail
ජනතාවගේ සිතුම් පැතුම් එක බැංකුවකින්වත් වෙන්නේ නෑ - කිසිම බැංකුවක පරිපාලනයක් නෑ
03:40
Video thumbnail
අනුර කුමාර අස්වෙන්න ඕනි..ලැජ්ජයි..හර්ෂදගේ ගෙදරටම ගෙනියපු එකෙන් පේනවා විශාල හොරකමක් කියලා
02:55
Video thumbnail
තවමත් දැවෙන වැඩිහිටි නිවාසයට ආරක්ෂක අංශත් කැඳවයි..මෙන්න නවතම දර්ශන
01:05
Video thumbnail
අනතුරෙන් එළොව ගිය රණවිරුවා සහ ඔහුගේ බිරිඳගේ අවසන් කටයුතු සෝසුසුම් මැද සිදුවූ හැටි
04:41
Video thumbnail
"දෙන්නෙක් ඇතුළේ..වහලේ ගිනිගන්නවා.." වැඩිහිටි නිවාසයක ඇතිවූ ගින්නේ නොදුටු දසුන් පෙළක්..
04:49
Video thumbnail
මිල්ලනිය වැඩිහිටි නිවාසය සම්පූර්ණයෙන් ගිනිබත් වෙයි..11ස් දෙනෙක් අතුරුදන් - 44ක් මුදා ගනී
01:54
Video thumbnail
ඔයාලට ඩීසල් ලීටරයක් ගන්න වෙන්නේ රු. 750ට ? - මේ ටැක්ස් එක තමයි අඩු කරලා තියෙන්නේ
03:08
Video thumbnail
වැඩිපුර තෙල් වැය වෙන්න හේතුව බාල ගල් අඟුරු නෙවෙයි..Night Peak එක ගන්න ඩීසල් පුච්චන්න වුණා
03:23