සචින් තෙන්ඩුල්කාර් ශ්‍රී ලංකාවට

ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ හිටපු සුපිරි ක්‍රීඩකයෙකු වන සචින් තෙන්ඩුල්කාර් ශ්‍රී ලංකාවේ සංචාරයක නිරතවීමට සූදානම් වන බවට තොරතුරු වාර්තා වනවා.

යුනිසෙෆ් සංවිධානයේ දකුණු ආසියා කලාපීය සුහදතා තානාපතිවරයා වන තෙන්ඩුල්කාර්ගේ භූමිකාවේ අදියරක් ලෙස මෙම ශ්‍රී ලංකාව සංචාරය සිදුවන බවයි වාර්තා වන්නේ.

ලබන සතියේ ඔහු මෙරටට පැමිණ දරුවන් සහ පවුල් වෙනුවෙන් ක්‍රියාත්මක යුනිසෙෆ් වැඩසටහන් නිරීක්ෂණය කිරීමට නියමිතයි.

UNCIEF Sri Lanka ප්‍රකාශ කර ඇත්තේ COVID, ආර්ථික අර්බුදය සහ එහි බලපෑම් රට පුරා සිටින දරුවන්ගේ ජීවිතවලට බලපෑ බවයි. “රට ආර්ථීක ප්‍රකෘතිය කරා ගමන් කරන විට, දරුවන්ගේ අවශ්‍යතා, විශේෂයෙන්ම පෝෂණය සහ අධ්‍යාපනය, දරුවන් සඳහා සහ රට සඳහා අත්තිවාරම් ගොඩනැගීම සඳහා ප්‍රමුඛත්වය දීම ඉතා වැදගත් වේ,” යනුවෙන් යුනිසෙෆ් සංවිධානය වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා.

සචින් තෙන්ඩුල්කාර් 2013 වසරේ යුනිසෙෆ් සංවිධානයේ දකුණු ආසියාවේ ප්‍රථම කලාපීය සුහද තානාපතිවරයා ලෙස පත් කරනු ලැබුවා.

“God of Cricket” හෝ “Master Blaster,”ලෙස හඳුන්වන සචින් ටෙන්ඩුල්කාර් යනු මෙතෙක් සිටි විශිෂ්ටතම ක්‍රීඩකයන්ගෙන් කෙනෙක් ලෙසටයි සැලකෙන්නේ.

ඔහු සෑම විටම UNICEFට අනුව ළමා අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටින නිර්භීත සහ උද්‍යෝගිමත් උපදේශකයෙකු ද වනවා.

සචින් මීට පෙර UNICEF ඉන්දියාවේ හොඳ හිත තානාපතිවරයා (Goodwill Ambassador) ලෙසට කටයුතු කළා.

ඔහු ඉන්දියාවේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙසට ද කටයුතු කළ අතර යුනිසෙෆ් හරහා සහ සචින් තෙන්ඩුල්කාර් පදනම හරහා ඉන්දියාව තුළ සහ කලාපය පුරා සමාජ සේවා රැසකට ද දායක වී තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
6
+1
0
+1
2
+1
1
+1
1
+1
0
+1
4
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.06.02
01:48:41
Video thumbnail
කවුද ආණ්ඩුව පෙරලන්න හැදුවේ..මම නම් කැමති මේ ආණ්ඩුව අවුරුදු 5ම යනවට
01:02
Video thumbnail
ආණ්ඩුවේ බොරුව නිසා මැති ඇමතිලගේ පුතාලට වෙලා තියෙන දේ..පිට්ටනියට යන්න බැරුව ඇති
07:50
Video thumbnail
දුමින්ද දිසානායක ආණ්ඩුවට කට උත්තර නැතිවෙන්න දෙසයි - ගමේ රැස්වීම්වල මිනිස්සු 50ක්වත් නෑනේ
04:13
Video thumbnail
අපිට බල කරපු නාමල් දැන් කොහෙද ඉන්නේ ? දැන් පොහොර නෑනේ මේ රටේ
02:33
Video thumbnail
උගන්ඩා කුමාරිට දුමින්ද හොඳ පදෙන්ම අමතයි - කිසි ගානක් නැතුව මෙච්චර බොරු කියන්නේ..
03:40
Video thumbnail
චාමර සම්පත් තමයි මොන දේටත් පෙනී ඉන්නේ..විපක්ෂයේ ප්‍රතික්ෂේපවීමට හේතුව අහන්න ඕනි සජිත්ගෙන්
06:06
Video thumbnail
Praharaya| ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් දුමින්ද දිසානායක සහභාගීවන විශේෂ ප්‍රහාරය වැඩසටහන සජීවීව
01:38:40
Video thumbnail
රනිල් ආයේ පාර්ලිමේන්තු එන්නද යන්නේ ? - එයාලා පෙරළගත්තොත් රට බාරගන්න කෙනෙක් ඉන්න ඕනි
02:37
Video thumbnail
සමගි ජන බලවේගය අපි එක්ක සම්බන්ධයි..හැබැයි පේන්නේ නෑ - මහින්දලා ගැන අදටත් අපේ විවේචන තියෙනවා
06:09