මට වත් තාත්තාට වත් එහෙම බිලක් ඇවිත් නැහැ

මන්ත්‍රී නාමල් රාජපක්ෂගේ විවාහ උත්සවයට අදාළ විදුලි බිල මෙතෙක් නොගෙවීම සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පළාත් සභා මන්ත්‍රී නලින් හේවගේ මහතා අද සිදු කළ හෙළිදරව්ව සම්බන්ධයෙන් මන්ත්‍රී නාමල් රාජපක්ෂගේ සම්බන්ධිකරණ ලේකම්වරයා ලිපියක් යොමුකර තිබෙනවා.

සම්බන්ධීකරණ ලේකම් සංජීව විජේරත්න විසින් මෙම ලිපිය යොමු කර ඇත්තේ ලංකා විදුලිබල මණ්ඩලයේ සභාපතිවරයා වෙතටයි.

එහි දැක්වෙන්නේ ලංකා විදුලිබල මණ්ඩලය මගින් නිකුත් කර ඇති බවට සමාජ මාධ්‍ය මගින් ප්‍රචාරය වන ලිපියට අදාළව විදුලි බිල් පතක් ඉදිරිපත් කර ඇත්නම් එය කාගේ නමින්, කුමන දිනයක, කුමන ලිපිනයකට යොමු කර ඇත් ද යන වග සහ එම බිල් පතෙහි නිවැරදි තොරතුරු නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයාට ලබාදෙන ලෙසටයි.

මේ අතර බී බී සී සිංහල සේවය සමග අදහස් දක්වමින් මන්ත්‍රීවරයා සඳහන් කර ඇත්තේ තමාට හෝ තම පියාගේ නමට එවැනි විදුලි බිලක් ලැබී නොමැති බවයි.

තමන්ට හෝ තම පියාට එවැනි විදුලි බිලක් ගෙවන ලෙස ලංකා විදුලිබල මණ්ඩලයෙන් දැනුම් දීමක් කර නොමැති බව මන්ත්‍රී නාමල් රාජපක්ෂ ප්‍රකාශ කර තිබෙනවා.

ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පළාත් සභා මන්ත්‍රී නලින් හේවගේ මහතා අද අනාවරණ කළේ තොරතුරු දැන ගැනීමේ පනත යටතේ ලංකා විදුලිබල මණ්ඩලයෙන් සිදු කළ විමසීමකට ප්‍රතිචාර දක්වමින් එම මණ්ඩලය විසින් මෙම තොරතුරු හෙළි කර ඇති බවයි.

පසුගිය ජුලි මස 26 වනදා ඔහු අදාළ විමසීම සිදුකර ඇති අතර විදුලි බල මණ්ඩලය ඊට අදාළව අද දිනයේ තොරතුරු ලබාදී ඇති බවයි හිටපු පළාත් සභා මන්ත්‍රීවරයා හෙළි කළේ.

එම තොරතුරුවල දැක්වෙන්නේ 2019 වසරේ සැප්තැම්බර් මාසයේ 12 වනදා සිට 15 වනදා දක්වා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා වීරකැටියේ නිවසක පැවැත්වෙන උත්සවයකට සහභාගී වන බවට දන්වා ආරක්ෂක විදුලි පහන් සවි කරන ලෙසටයි විදුලිබල මණ්ඩලයට දන්වා තිබී ඇති බවයි.

ඒ අනුව තාවකාලිකව විදුලිය සපයා ආරක්ෂක පහන් සවි කර විදුලිය ලබා දී නැවත එම උපකරණ ගලවා ඉවත් කර ඇති අතර ඒ වෙනුවෙන් රුපියල් 2,682,246ක මුදලක් වියදමක් දැරීමට සිදුවී ඇති බවට විදුලිබල මණ්ඩලය දැනුම්දී තිබෙනවා.

එම වියදම් වූ මුදලට අදාළ ඇස්තමේන්තු ඉදිරිපත් කර ඇතත් මෙතෙක් එම මුදල ගෙවා නොමැති බවටයි විදුලිබල මණ්ඩලය යොමු කර ඇති ලිපියේ දක්වා ඇත්තේ.

මේ හේතුවෙන් මිහින්තලා විහාරස්ථානයේ විදුලි බිල නොගෙවීම හේතුවෙන් විදුලි සැපයුම විසන්ධි කළ ආකාරයෙන් මැදමුලන නිවසේ ද විදුලිය විසන්ධි කළ යුතු බවයි නලින් හේවගේ මහතා කියාසිටියේ.

Namal Rajapakshe Letter


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි - එයාලා සීතල පුටුවල ඉන්නවා - අපි ජරාවේ ඉන්නවා
11:14
Video thumbnail
නුවරඑළිය තැපැල් කාර්යාලයේ ප්‍රතිසංස්කරණ කටයුතු සිදුවෙන අයුරු - නිරීක්ෂණයට ආණ්ඩුකාරවරයාත් පැමිණෙයි
02:56
Video thumbnail
ලංගම ටයර් ප්‍රසම්පාදනය සම්බන්ධයෙන් ප්‍රබල අනාවරණයක් - රු. ලක්ශ 430ක මූල්‍ය අක්‍රමිකතාවක් ?
02:46
Video thumbnail
BOI එක ආයෝජනවලට දාන්න පුළුවන් ලොකුම බාධා ටික දානවා - එන ටිකත් අවට රටවල්වලට යොමු කරනවා
03:35
Video thumbnail
ලබන වසරේ ඉදලා IMF එකෙන් මිදිලා අපිට ස්වාධීන ගමනක් හිමිවෙනවා - සුනිල් සෙනෙවි හෙළිකරයි
05:57
Video thumbnail
අපි රටක් හැටියට ඉන්නේ ඉතාම දුර්වල තැනක - රටේ සෘජු විදේශ ආයෝජන ඉතාම දුර්වල තැනක තියෙන්නේ
04:16
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි - වැරදි නෑ සර් මගේ Wife..එයා එහෙම නෑ
01:32
Video thumbnail
චතුරංග එදා මාධ්‍යයට ඇවිත් කඳුළු පෙරාගෙන ඇඩුවා - කබරගොයා තලගොයා කරගන්න න්‍යායක ඉන්නේ
06:40
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්.. එක් අයෙක් එතනම එළොව යයි - මෙන්න එහි සංවේදී දර්ශන
02:20
Video thumbnail
බස් එකක් විවෘත කරන්න ජනාධිපති යන්න තරම් පහතට වැටිලා - ජනාධිපති දේශපාලනිකව අසරණවෙලා
04:21