නුවරඑළියේ කඳු නැගීමට සහ කඳවුරු බැඳීමට සීමා

නුවරඑළිය දිස්ත්‍රික්කය තුල පිහිටි වන ජීවී සහ වන සංරක්ෂණ රක්ෂිතවලට ඇතුල් වීම, එම රක්ෂිතවල පිහිටි කඳු තරණය කිරීම සහ කඳවුරු බැඳීම අද (04) සිට තහනම් කළ බව නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් නන්දන ගලබඩ මහතාපවසනවා.

මාධ්‍යයට විශේෂ ප්‍රකාශයක් කරමින් ඔහු සඳහන් කළේ තලවකැලේ ග්‍රේට් වෙස්ටර්න් කදු මුදුණේ අබිරහස් ලෙස මියගොස් සිටි කාන්තා මළ සිරුරක් හමු වීමෙන් පසු වනජීවී නිලධාරින්, වන සංරක්ෂණ නිලධාරින් සහ පොලිස් නිලධාරීන් සමග පැවති විශේෂ සාකච්ඡාවකින් අනතුරුව සියළු පාර්ශවයන්ගේ එකඟතාවයන් මත මෙම තිරණය ගත් බවයි.

මෙහිදී නුවරඑළිය දිස්ත්‍රික් ලේකම්වරයා කියා සිටියේ කඳු මුදුනේ හමු වූ නාඳුනන කාන්තා මළ සිරුර සමග උද්ගත වූ ගැටලුවත් සමග මින් ඉදිරියට නුවරඑළිය දිස්ත්‍රික්කයේ පිහිටි ඕනෑම කන්දක් නැගීමට හෝ සංචාරය කිරීමට අවශ්‍ය නම් එම කඳු අයත් රජයේ ආයතනවලින් අනුමැතිය ලබා ගත යුතු බවයි.

අනතුරුව එම අනුමැතිය ළඟම ඇති පොලිසිය වෙත ඉදිරිපත් කර පොලිසියේ ද අවසරය ලබා ගැනීමෙන් පසු අදාළ ස්ථානයන්ට සංචාරය කළ යුතු වන අතර ගමන අවසානයේ ද නැවතත් දුරකථන මාර්ගයෙන් පොලිසියට සිය සංචාරය අවසන් කල බවට දැනුම් දීම සිදු කල යුතු වනු ඇති.

මෙම උපදෙස් අනුගමනය නොකරමින් සංචාරය කරන පුද්ගලයන් අදාළ රක්ෂිත හෝ කඳු භාර රාජ්‍ය ආයතයවලින් අත්අඩංගුවට ගෙන දැඩි ලෙස නීතිය ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය කටයුතු කරන බව දිස්ත්‍රික් ලේකම්වරයා අවධාරණය කළා.

මෙම ක්‍රමවේදය ආරම්භක අවස්ථාවේදී සාමාන්‍ය පරිදි ක්‍රියාවට නංවන අතර ඉදිරියේදි දුරකථන යෙදවුමක් භාවිතා කරමින් අවශ්‍ය අවසරය ලබා ගැනීමට කටයුතු සම්පාදනය කිරීමට බලාපොරොත්තු වන බව ද දිස්ත්‍රික් ලේකම්වරයා වැඩිදුරටත් ප්‍රකාශ කළා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඇමති නලින්ද අතින් විවෘත කළ අංග සම්පූර්ණව නිවස - රජය විදියට වැය කරන්නේ ජනතාවගේ බදු මුදල්
06:38
Video thumbnail
මම අවු:5ක් රට අරගෙන ගියේ ආණ්ඩුවත් විපක්ෂයත් නැතුව - මෛත්‍රිපාල රට පාලනය කළ අයුරු කියයි
04:42
Video thumbnail
සති ගණන් බලන් ඉන්න ඕනි නෑ පාර්සල් ලබාගන්න - පි පා ගමනින් ගිහින් ජනතාව දැනුවත් කරනවා
02:56
Video thumbnail
පපරේ බෑන්ඩ් ගගහා මොරටුව තැපැල් කාර්යාලයේ සේවකයෝ කරපු දේ - තැපැල් පෙට්ටිත් උස්සගෙන කරන වැඩේ
02:45
Video thumbnail
රෙස්ටූරන්ට් කෑම ගැන බෙල්ලන්විල ධම්මරතන හිමි කිව්ව අමුතු කතාව - "මමත් රෙස්ටූරන්ට් Sponsor කරන කෙනෙක්"
06:15
Video thumbnail
යන්න කියන්න අප්පේ මම දහදුක් විඳලා හම්බ කරගත්තේ - අලියා ඇවිත් වී ටිකට දුන්න සුද්දය
00:39
Video thumbnail
කුඩාඔය පොලිසියේ ස්ථානාධිපති නිල නිවස පොලිස්පති අතින් විවෘත කළ අයුරු
02:21
Video thumbnail
අධ්‍යාපන වෙනසක් කරනවා කියලා මෙලෝ දෙයක් නොකර කයිවාරු ගහනවා - බොරු කියනවා
08:07
Video thumbnail
බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි - මෙන්න කාලගුණයේ නවතම තතු
02:30
Video thumbnail
වේදිකාවේ සංවේදී වූ මෛත්‍රිපාල - "මම මගේ ආච්චිව දැකලත් නෑ අම්මව දැකලත් නෑ.."
11:26