අබිරහස් ලෙස කඳු මුදුනේ මියගොස් සිටි කාන්තාවගේ අතේ තිබූ පච්චයක් ගැන පොලිස් ඇස

තලවකැලේ ග්‍රේට් වෙස්ටර්න් කඳු වැටියේ තිබී හමු වූ නාඳුනන කාන්තා මළ සිරුරේ පශ්චාත් මරණ පරික්ෂණය නුවරඑළිය දිස්ත්‍රික් මහ රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍ය සංජය විරසේකර මහතා විසින් සිදු කර තිබෙනවා.

පශ්චාත් මරණ පරීක්ෂණය සිදු කළ විශේෂඥ අධිකරණ වෛද්‍යවරයා මියගිය කාන්තාවගේ ශරීර කොටස් තවදුරටත් පරීක්ෂා කළ යුතු බැවින් පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාව සති තුනකින් නිකුත් කරන බවටයි ප්‍රකාශ කර ඇත්තේ.

මිය ගොස් ඇති කාන්තාව වයස අවුරුදු 40ත් 45ත් අතර වයසේ පසුවන අතර ඇයගේ වම් අතේ මදුසංක යනුවෙන් පච්චයක් කොටා ඇති බව මරණ පරීක්ෂණයේදි හෙළිවී තිබෙනවා.

පොලිසිය ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ මියගිය කාන්තාව පිළිබඳ තොරතුරු වෙතොත් ලිඳුල පොලිසිය වෙත ලබාදෙන ලෙසටයි.

එමෙන්ම කාන්තාවගේ මළ සිරුර හමු වූ ග්‍රේට් වෙස්ටර්න් කඳු වැටියට පහළින් තවදුරටත් පුළුල් විමර්ශනයක් සිදු කරන බව ලිඳුල පොලිසිය ප්‍රකාශ කර තිබෙනවා.

ග්‍රේට් වෙස්ටර්න් කඳු වැටියේ කඳවුරු බැඳීම සඳහා පැමිණි පිරිසක් විසින් කාන්තා මළ සිරුරක් කඳු මුදුනේ ඇති බවට තලවකැලේ පොලිසිය වෙත ලබාදුන් තොරතුරක් මතයි පොලිසිය විසින් සිරුර සොයා ගනු ලැබුවේ.

කඳු වැටියේ තිබී අබිරහස් ලෙස මියගොස් සිටි නාඳුනන කාන්තාවකගේ මළ සිරුරක් හමු වීමත් සමග ග්‍රේට් වෙස්ටර්න් රක්ෂිතයට ඇතුල් වීම සහ කඳු මුදුනේ කඳවුරු බැදිම තහනම් කරන ලෙසට නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් නන්දන ගලඩබ මහතා වනජීවී සහ වන සංරක්ෂණ නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබෙනවා.

ඊයේ මෙම කාන්තාවගේ සිරුර රැගෙන ඒමට ගිය යුද හමුදා කෝප්‍රල්වරයෙක් රක්ෂිත තුලදී ජිවිතක්ෂයට පත්වී තිබුණා.

මෙම යුද හමුදා කෝප්‍රල්වරයා හදිසියේ ඇති වු රෝගී තත්ත්වයක් හේතුවෙන් රක්ෂිතය තුලදී ජීවිතක්ෂයට පත් වූ බවයි ලිඳුල පොලිසියේ ස්ථානාධිපති පොලිස් පරික්ෂක සිසිර කුමාර මහතා සඳහන් කළේ.

කිසියම් පිරිසක් සමග හෝ පුද්ගලයෙකු සමග පැමිණි මෙම කාන්තාව ජීවිතක්ෂයට පත් වීමෙන් පසු ඒ පිළිබඳ පොලිසියට වාර්තා නොකර ඔවුන් පළා ගොස් ඇති බවටයි සැක කෙරෙන්නේ.

එම පුද්ගලයන් හෝ පුද්ගලයෙකු පිළිබඳ තොරතුරු වෙතොත් ඒ සම්බන්ධයෙන් ලිඳුල පොලිසියට දැනුම් දෙන ලෙසට ජනතාවගෙන් ඉල්ලීමක් කෙරෙනවා.

එමෙන්ම මියගිය කාන්තාවගේ ඥාතින් වෙතොත් ලිඳුල පොලිසිය වෙත පැමිණෙන ලෙසට පොලිසියේ ස්ථානාධිපතිවරයා දැනුම් දෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
2027 අයවැයෙන් ජනතාවගේ බදු බර ඉවත් කළ යුතුයි
07:28
Video thumbnail
විපක්ෂ නායක සජිතුත් පොත් ප්‍රදර්ශනයට යයි
00:51
Video thumbnail
පොලිස් නිලධාරින් දැනුම දියුණු කරගෙන නෑ - එහෙම වුණාම අපි හෑල්ලුවට පත් වෙනවා
04:42
Video thumbnail
බුත්තල පොලිස් ස්ථානාධිපති නිල නිවස පොලිස්පතිගේ අතින් විවෘත කරයි
01:01
Video thumbnail
පාර්ලිමේන්තුවේ එහා පැත්තේ ඉදලා මෙහා පැත්තට බෝලේ යවන්න ඕනි නෑ - මාව හමුවෙන්න පුළුවන්..
05:15
Video thumbnail
තුන්සක රියක් සුඛෝපභෝගී රියක ගැටි බිහිසුණු අනතුරක් - "දඩාන් ගාලා වැදුණා..රවුම් තුනක් පෙරලිලා ගියා"
02:15
Video thumbnail
ජීවන බර දරාගන්න බැරුව පාරට බැස්ස කට්ටිය ආණ්ඩුවට සැරටම අමතයි
02:11
Video thumbnail
සජබ මන්ත්‍රීලා එක්ක දිවුලපිටියයේ වැඩිහිටියන් ගත්ත Fun එක - හරි සතුටින් Dance කරන හැටි
03:45
Video thumbnail
පොහොට්ටුවේ ප්‍රබලයෝ රැසක් හොරණ දී රැස්වෙයි
00:47
Video thumbnail
මිණිබිරිය අමතක නොකළ හිටපු ජනපති මෛත්‍රිපාල ආභරණ ගත් හැටි - "කවදාවත් වෙච්ච නැති ඒවා තමයි වෙන්නේ"
01:34