ආයතන හිමිකරුගේ විශ්වාසවන්ත සේවකයාගේ වංචාව

පෞද්ගලික ඉදිකිරීම් සමාගමක හිමිකරු විදේශගත වූ අවස්ථාවේ දී රුපියල් ලක්ෂ 50ක් පමණ වටිනා යන්ත්‍රෝපකරණ විවිධ පුද්ගලයන්ට අලෙවි කිරීම සම්බන්ධයෙන් එම සමාගමේ වසර 25 ක පමණ කාලයක් සේවය කළ හිමිකරුගේ විශ්වාසවන්තම සේවකයා අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සැකකරු ප්‍රකාශ කර ඇත්තේ අදාළ භාණ්ඩ සොරු ගෙන ගොස් ඇති බවටයි.

සැකකරු අලෙවි කර තිබූ වායු පීඩන යන්ත්‍රයක්, පෑස්සුම් යන්ත්‍රයක්, මහල් නිවාසවලට භාණ්ඩ එහා මෙහා ගෙන යන යන්ත්‍රයක්, පොළොව තැලීමට යොදා ගන්නා යන්ත්‍රයක්, ඔක්සිජන් ගෑස් කටර් එකක්, සිලින්ඩර දෙකක්, රුපියල් ලක්ෂ තුනහමාරක් පමණ වටිනා ඇලුමිනියම් පටි තොගයක් පොලිසිය සොයාගෙන තිබෙනවා.

මොරගහහේන කිතුලකන්ද ප්‍රදේශයේ ඉදිකිරීම් සමාගමක වසර 25ක පමණ ආසන්න කාලයක් සේවය කළ සේවකයාට යන්ත්‍රෝපකරණ ගබඩා කර තිබෙන නිවස භාර දී හිමිකරු දරුවන් බැලිම සඳහා ඕස්ට්‍රේලියාවට ගිය අවස්ථාවේදී සැකකරු මෙම සොරකම සිදු කර ඇති බවටයි පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ.

තමා නොමැති අවස්ථාවේදී  දේපළ ගබඩා කර තිබූ නිවස කඩා ඒවා සොරාගෙන ගොස් ඇති බවට සැකකරු හිමිකරුට පවසා තිබූ බව සඳහන්.

ඒ අතරවාරයේදී සැකකරු ඔහුට අයත් දේපළ එම ස්ථානයෙන් ඉවත් කරගෙන ගොස් තිබූ අතර හිමිකරු මේ සම්බන්ධයෙන් පොලිසියට කරන ලද පැමිණිල්ලක් අනුව  සිදු කළ දීර්ඝ විමර්ශනයකදී යි සැකකරු අත්අඩංගුවට ගෙන ඇත්තේ.

ඔහුගෙන් සිදු කළ ප්‍රශ්න කිරීමේදී පැරණි භාණ්ඩ එකතු කිරීමේ යෙදී සිටින පුද්ගලයන් කිහිප දෙනෙකුට වරින් වර මෙම දේපළ අලෙවි කළ බවට අනාවරණය වීමෙන් අනතුරුව එම දේපළවලින් විශාල ප්‍රමාණයක් බුලත්සිංහල, ඉංගිරිය සහ බටුවිට ප්‍රදේශවල තිබියදී සොයාගෙන තිබෙනවා.

44 හැවිරිදි සැකකරු හොරණ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14