ගෑස් මිල ඉහළ යයිද?

ලෝක වෙළඳ පොලේ ගෑස් මිල ඉහළ යාම හේතුවෙන් ගෘහස්ථ ගෑස් සිලින්ඩරවල මිල මේ මාසයේ ඉහළ යාමට ඉඩ ඇති බවට ලිට්‍රෝ ගෑස් සමාගම ඉඟි පළ කර තිබෙනවා.

ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පීරිස් මහතා සඳහන් කළේ, ලෝක වෙළෙඳපොළේ ගෑස් මෙට්‍රික් ටොන් එකක මිල ඇමෙරිකානු ඩොලර් 85කට වඩා ඉහළ ගොස් ඇති බවයි.

ඒ අනුව මෙම මිල වැඩිවීම දේශීය වෙළෙඳපොළට ද බලපානු ඇති බවටයි අපේක්ෂා කෙරෙන්නේ.

එහි සභාපති මුදිත පීරිස් මහතා පැවසුවේ ලිට්‍රෝ ගෘහස්ථ ගෑස් සිලින්ඩර් සඳහා නව මිල ගණන් හෙට (04) ප්‍රකාශයට පත් කරන බවයි.

ගෑස් මිල සූත්‍රය මත පදනම්ව ලිට්‍රෝ ගෑස් මිල මාසිකව සංශෝධනය කෙරෙනවා.

මිල සංශෝධනය සෑම මසකම 5 වනදා සිට ක්‍රියාත්මක වනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
2
+1
3
+1
1
+1
0
+1
2
+1
2
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?