ඇෆ්ගන් – පාකිස්ථාන එක්දින තරගාවලියක් අගෝස්තු අග ශ්‍රී ලංකාවේ දී

2023 ආසියානු කුසලාන තරගාවලියට පෙර ඇෆ්ගනිස්තානය සහ පාකිස්ථානය අතර, තරග තුනකින් සමන්විත එක්දින තරගාවලියක් ශ්‍රී ලංකාවේ දී පැවැත්වීමට නියමිත බව වාර්තා වනවා.

පාකිස්ථානය මෙම තරගාවලියට සත්කාරකත්වය ලබාදෙන අතර, එහි පළමු තරග දෙක අගෝස්තු 22 සහ 24 දෙදින හම්බන්තොට දී පැවැත්වීමටයි සැලසුම්කර ඇත්තේ.

තුන්වන සහ අවසන් එක්දින තරගය අගෝස්තු 26 වනදා කොළඹදී පැවැත්වෙනවා.

ඉන් අනතුරුව ආසියානු කුසලානය වෙනුවෙන් දෙපිළම පාකිස්ථානය බලා පිටත්ව යාමට නියමිතයි.

පාකිස්තානය පසුගිය සතියේ ශ්‍රී ලංකාවේ පැවැති ටෙස්ට් තරග දෙකකින් සමන්විත තරගාවලිය අවසන් කළේ එහි ශුරතාවය ද හිමකර ගනිමින්.

මේ වන විට පැවැත්වෙන ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලිය වෙනුවෙන් පාකිස්ථාන නායක බාබර් අසාම් ඇතුළු ක්‍රීඩකයන් රැසක් ශ්‍රී ලංකාවේ රැඳී සිටිනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විරෝධතා කරන භික්ෂූන් වෙත අධිකරණ නියෝගය ලබාදුන් අයුරු - "වැඩබැරි හුණ්ඩු ආණ්ඩුවට ජයවේවා"
09:20
Video thumbnail
මේවා ඉටිපන්දම් හඳුන්කූරු නෙවෙයි..අපි සිංහල බෞද්ධ භික්ෂුව ආ - සිවුරට අත තියන්න එන්න එපා
07:44
Video thumbnail
ඥානසාර හිමිට නිදහස දෙන්න - නැත්තම් ගෙදර යන්න..පෙරේතයෝ නැතිවෙන්න අපි පිරිත් කිව්වා
07:13
Video thumbnail
අධිකරණයට ආ නාමල් සහ ජානකී ලබන 23 දක්වා යළි රිමාන්ඩ්
00:29
Video thumbnail
නාමල් රාජපක්ෂ අධිකරණයට පැමිණි අයුරු - හිනාවෙවී ගැම්මට ආ හැටි
00:50
Video thumbnail
භික්ෂු විරෝධතාවයේ නවතම තත්ත්වය - "අපේ ජීවිත පරිත්‍යාගයෙන් සටන් කරනවා"
03:41
Video thumbnail
අදත් බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත තද වැසි - කැලඹුණු කාලගුණයේ නවතම තතු
02:30
Video thumbnail
පොලිසිය බාර ලේකම්ගෙන් මිහින්තලේ හිමිට සැර ප්‍රකාශයක්..හඬපටය ලීක්වෙයි?- ජීවිතයට මොකුත් වුණොත් බලාගන්න
12:08
Video thumbnail
නෙලුම් මල් කැඩීමට ගිහින් යළි නොඑන ගමන් ගිය පුද්ගලයා
00:32
Video thumbnail
මහ වැස්සත් සමඟ වැල්ලවාය කිරිදිඔයේ ජල මට්ටම ශීඝ්‍රයෙන් ඉහළට
00:45