ශ්‍රී ලංකාවේ, නෝර්වේජියානු තානාපති කාර්යාලය අද සිට වැසේ

කොළඹ පිහිටි නෝර්වේජියානු තානාපති කාර්යාලය අද (31) දිනයේ සිට වසාදමන බව වාර්තා වනවා.

ශ්‍රී ලංකාව සහ මාලදිවයින සමඟ නෝර්වේ රාජ්‍යයේ ද්විපාර්ශ්වික සබඳතාවයේ වගකීම හෙට (01) දිනයේ සිට ඉන්දියාවේ නවදිල්ලියේ පිහිටි නෝර්වේජියානු තානාපති කාර්යාලයට පැවරෙන බවයි තානාපති කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ.

විදෙස් රාජ්‍ය තාන්ත්‍රික දූත මණ්ඩල ජාලයේ සිදුකරන ව්‍යුහාත්මක වෙනස්කම් හේතුවෙන් මෙම පියවර ගන්නා බවයි නෝර්වේජියානු තානාපති කාර්යාලය මීට පෙර නිවේදනය කළේ.

ඒ, අනුව බ්‍රැටිස්ලාවා (ස්ලෝවැකියාව), කොළඹ (ශ්‍රී ලංකාව) සහ ප්‍රිස්ටිනා (කොසෝවෝ) හි පිහිටි තානාපති කාර්යාල, මැඩගස්කරයේ ඇන්ටනානාරිවෝ තානාපති කාර්යාලය සහ හූස්ටන් (ඇමරිකා එක්සත් ජනපදය) කොන්සල් ජනරාල් කාර්යාලය වසාදමන බව නෝර්වේ විදේශ කටයුතු අමාත්‍යාංශය නිවේදනය කර තිබුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
1
+1
6
+1
2
+1
3
+1
1
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පොළොන්නරුවේ රාජ්‍ය නායකයාට නාමල් රිදෙන්නම දෙයි
09:51
Video thumbnail
Covid කාලයේ මේ ආණ්ඩුව තිබ්බනම් මිනිස්සුන්ට දෙවියන්ගෙම පිහිටයි - ආණ්ඩුවේ අයට කිසිම දැණුමක් නෑ
03:23
Video thumbnail
කොරියානු හිටපු තානාපතිවරයා සහ නාමල් අතර විශේෂ හමුවක් - මහින්දගේ කාලයේ කළ වැඩ ගැනත් හොඳ කියයි
02:05
Video thumbnail
මාර්ගයෙන් ඉවතට පැන උඩුයටිකුරු වුණු මෝටර් රථය
00:59
Video thumbnail
චාමර සම්පත්ගෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් - ආණ්ඩුවට කඩේ යන අය පත්වීම් දෙනවා
10:59
Video thumbnail
වෑන් රථයක් - ලොරි රථයක ගැටී සිදුවූ බිහිසුණු අනතුරෙන් දෙදෙනෙක් රෝහලේ - CCTV කැමරාවේ සටහන්වූ අයුරු
01:40
Video thumbnail
76 සාපයක් වෙලා නෑ - ජනාධිපතිතුමාම පිළිගත්තා
03:07
Video thumbnail
හෙක්ටර් ආණ්ඩුවට කට උත්තර නැතිවෙන්න දෙසයි - Clean Sri Lanka වැඩසටහන අද ෆේල්
12:42
Video thumbnail
අපිට සහනයක් ලබාදෙන්න දෙයියනේ - රජයට කියලා බැරිම තැන දෙයියන්ට කියන මිනිස්සු
05:08
Video thumbnail
තඹුත්තේගම උණුසුම් තත්ත්වයක්..මාලිමාව බලයට ආවේ අපේ පු# එල්ලිලා - අර්බුදයෙන්මයි ගෙදර යවන්නේ
07:38