පාකිස්ථානයේ දේශපාලන රැළියක් අතර තුර සිදුවූ පිපිරීමෙන් මිය ගිය ගණන තවත් ඉහළට

පාකිස්ථානයේ ඉස්ලාමීය පක්ෂයක් විසින් සංවිධානය කරන ලද රැළියක් අතරතුර සිදුවූ පිපිරීමෙන් මියගිය පුද්ගලයින් සංඛ්‍යාව 44ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

පකිස්ථානයේ කයිබර් පක්තුන්ක්වා පළාතේ සිදුවූ පිපිරීමෙන් 100කට වැඩි පිරිසක් තුවාල ලබා ඇති බවයි බී.බී.සී. පුවත් සේවය වාර්තා කළේ.

මෙම පිපිරීම මරාගෙන මැරෙන ප්‍රහාරයක් බවට සාක්ෂි ලැබී ඇති බවයි විමර්ශන සිදුකරන පොලිසිය පවන්නේ.

තුවාල ලැබූ සියලු දෙනා මේ වනවිට රෝහල්වල ප්‍රතිකාර ලබන අතර, ඉන් පුද්ගලයන් 15 දෙනෙකුගේ තත්ත්වය බරපතළ බැවින් මරණ සංඛ්‍යාව තවදුරටත් ඉහළ යා හැකි බවට බලධාරීන් අනතුරු අඟවා ඇත්තේ.

ප්‍රහාරය පිටුපස ඇති හේතුව තවමත් අනාවරණය වී නොමැති අතර, පිපිරීම සම්බන්ධයෙන් විමර්ශනයක් මේ වනවිටත් ක්‍රියාත්මකයි.

ඇෆ්ගනිස්ථානයේ දේශසීමාව ආසන්නයේ, කයිබර් පක්තුන්ක්වා පළාතේ, බජාවුර්හි, ඛාර් නගරයේ ඊයේ (30) ඉරිදා පැවති JUI-F කම්කරු සම්මේලනයට සියගණනක් ජනයා සහභාගී සිටි බව සඳහන්.

මෙම පිපිරීම වේදිකාවට ආසන්නව සිදුව ඇති අතර ඒ වන විටත් සිය ගණනක් ජනයා කූඩාරමක් යටට රැස්ව සිටි බවයි වාර්තා වන්නේ.

JUI-F හි කලාපීය නායකයෙකු වන මවුලානා සියාවුල්ලා මෙම පිපිරීමෙන් මිය ගිය බවට අනාවරණය වී තිබෙනවා.

JUI-F යනු ප්‍රධාන ආගමික දේශපාලන පක්ෂයක්වන අතර පාකිස්ථාන පාර්ලිමේන්තුවේ ආණ්ඩු සභාගයේ කොටසක් ද වනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හදිසියේම පොත් ප්‍රදර්ශනයකට ගිය අගමැති හරිනි - කට්ටිය වටවෙලා Selfie ගහයි
01:43
Video thumbnail
ලෝක ළමා දිනය දවසේ ළමයි ඉදිරියේ ගුරුවරු දැම්ම අපූරු ඩාන්ස් එක - කොහොමද ඒ නැටුම - සුපිරියි
01:46
Video thumbnail
ලොකු පැටීගේ මල්ලි අවසන් ගමන් ගිය වෙ#ල්ල - මෙන්න එම ස්ථානයේ දර්ශන
01:09
Video thumbnail
සුරංග රත්නායකගෙන් තඹුත්තේගම මූලික රෝහලට ලක්ෂ 10ක් වටිනා පරිත්‍යාගයක්
02:21
Video thumbnail
දරුවන්ගේ සතුට බෙදාගන්න සෙනෙහසට ගිය යුද්ධ හමුදාපති
02:23
Video thumbnail
පාරේ යන හැම වාහනයක්ම තමන්ගේ නමටම තියන්න ඕනේ ද..?
01:26
Video thumbnail
සැඟවී සිටින ඥානසාර හිමිව සොයාගෙන උලපනේ හිමි ළඟට ගිය CCDය
02:20
Video thumbnail
මාර පොලිසියක්නේ යකෝ මේක
02:32
Video thumbnail
අභිරහස් ලෙස මහ පාරේ අවසන් ගමන් ගිය පුද්ගලයා
01:44
Video thumbnail
ජනාධිපතිතුමා කියන පච ගැන කිව්වා විතරයි, මගේ ෆේස්බුක් පේජ් එකක් සස්පන්ඩ් වුණා
04:18