‘අඳුපැලෑනෙ බිංදු’ STF අත්අඩංගුවට

මනුෂ්‍ය ඝාතන, කොල්ලකෑම් හා පහරදීම් සම්බන්ධ නඩු කිහිපයට අවශ්‍යව සිටි සැකකරුවෙක් ගල් කටස් වර්ගයේ ගිනි අවියක් හා මත්ද්‍රව්‍ය සමඟ විශේෂ කර්ය බලකාය නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ ‘අඳුපැලෑනෙ බිංදු’ නැමැති අයෙක් බවයි වාර්තා වුණේ.

ලද තොරතුරකට අනුව විශේෂ කාර්ය බලකා නිලධාරීන් විසින් ඊයේ (29) හුංගම පොලිස් වසමේ අදුපැලෑන ප්‍රදේශයේ සිදුකළ වැටලීමකදීයි මෙම සැකකරු අත්අඩංගුවට ගෙන ඇත්තේ.

එහි දී සැකකරු සන්තකයේ තිබී බෝර 12 උණ්ඩ යෙදිය හැකි ගල් කටස් වර්ගයේ ගිනි අවියක්, බෝර 12 උණ්ඩ 02 ක් හා හෙරොයින් ග්‍රෑම් 07යි මිලි ග්‍රෑම් 690ක් ද සොයාගෙන තිබෙනවා.

මොහු පසුගිය 11 වන දින හම්බන්තොට පොලිස් වසමේ වෙඩි තැබීමක් සිදුකර මනුෂ්‍ය ඝාතනයක් සිදු කිරීමට උත්සහා කිරීම, කපාකොට මනුෂ්‍ය ඝාතනයක් සිදුකිරීමට තැත් කිරීම, හක්මන පොලිස් වසමේදී යතුරුපැදියකින් පැමිණි පුද්ගලයකුට පහරදී රුපියල් ලක්ෂ 38ක් වටිනා මුදල් හා රන් භාණ්ඩ කොල්ලකෑම ඇතුළු අපරාධ රැසක් සම්බන්ධයෙන් අවශ්‍යව සිටි අයෙක්.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි - මෙන්න කාලගුණයේ නවතම තතු
02:30
Video thumbnail
වේදිකාවේසංවේදී වූ මෛත්‍රිපාල සිරිසේන - මම මගේ ආච්චිව දැකලත් නෑ අම්මව දැකලත් නෑ..
11:26
Video thumbnail
රුමේෂ් තරංගව අගයලා නි. ඇමති කිව්ව දේ - රට ක්‍රමක් ක්‍රමයෙන් ඉහළට එසවෙමින් තියෙන්නේ
03:42
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව
00:48
Video thumbnail
මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත
01:49
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව - කැමරාවේ සටහන් වූ දේ මෙන්න
00:52
Video thumbnail
හිටපු ජනපති මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත - කට්ටිය ලොකු කතාවක්
03:16
Video thumbnail
සූර්ය බලශක්තියට ආණ්ඩුව ගත් පියවරට චෝදනා? ප්‍රජාතන්තිකරණයට ඉතා හානිවන සූක්ෂම සැලැස්මක් මේ
09:35
Video thumbnail
ඉදිරියේදී 20%ක විතර විදුලි බිල වැඩිවෙනවා ?ඩීසල්වලින් රු.70ක් අඩුවෙනවලු..මේවා ගෙවන්නෙත් අපිනේ
09:13
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51