LPL හෙට ඇරඹෙයි

ලංකා ප්‍රීමියලීග් T20 ක්‍රිකට් තරගාවලිය හෙට කොළඹ දී ආරම්භ වනවා.

මෙම තරගාවලිය සදහා මෙවරත් කණ්ඩායම් 5ක් එක්ව සිටිනවා.

බී ලව් කැන්ඩි, කලම්බූ ස්ට්‍රයිකස්, දඹුල්ල ඕරා, ගෝල්ඩ් ටයිටන්ස් හා ජැෆ්නා කිංස් යන කණ්ඩායම් මෙවර තරගාවලිය නියෝජනය කරනවා.

එම කණ්ඩායම් නියෝජනය කරමින් විදෙස් ක්‍රිඩකයන් රැසක් ද තරගාවලියට එක්වීමට නියමිතයි.

තරගාවලිය ආරම්භ කරමින් පළමු තරගය ලෙස පැවැත්වෙන්නේ වන්නේ පසුගිය වර ශූරයන් වූ ජැෆ්නා කිංස් කණ්ඩායම හා කලම්බූ ස්ට්‍රයිකර්ස් අතර තරගයයි.

එම තරගය හෙට රාත්‍රී පැවැත්වෙන්නේ කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රිඩාංගනයේ දීයි.

දෙවන තරගය ලෙස ගෝල්ඩ් ටයිටන්ස් සහ දඹුල්ල ඕරා කණ්ඩායම් අතර තරගය සඳුදා පැවැත්වීමටයි සැලසුම් කර ඇත්තේ.

මෙම තරගාවලියට එක්වන කණ්ඩායම්වල අවසන් සංචිත ඊයේ ප්‍රකාශයට පත් කෙරුණා.

B Love Kandy
Colombo Strikers
Dambulla Aura
Galle Titens
Jaffna Kings