ඉන්දීය නෞකාවක් ත්‍රිකුණාමලය වරායට

ඉන්දීය නාවික හමුදාවට අයත් ‘INS Khanjar’ නෞකාව නිල සංචාරයක් සඳහා අද උදෑසන ත්‍රිකුණාමලය වරායට පැමිණ තිබෙනවා.

නාවික හමුදාව සඳහන් කළේ එම නෞකාව නාවික හමුදා සම්ප්‍රදායානුකුලව පිළිගැනීමට කටයුතු කළ බවයි.

මෙලෙස ත්‍රිකුණාමලය වරායට සේන්දු වූ Missile Corvette වර්ගයට අයත් ‘INS Khanjar’ නෞකාව, දිගින් මීටර් 91ක් හා නැව් මුළුව 151ක ගෙන් සමත්විත වන අතර, නෞකාවේ අණදෙන නිලධාරී ලෙස කොමාණ්ඩර් NVS Phani Kumar කටයුතු කරනු ලබනවා.

එමෙන්ම, ‘INS Khanjar’ නෞකාව දිවයිනේ රැඳී සිටින කාලසීමාව තුල එහි නැව් මුළුව ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් දෙරටේ නාවික හමුදාවන් අතර සුහදත්වය වැඩිදියුණු කිරීම වෙනුවෙන් සංවිධානය කරන ලද පුහුණු හා ක්‍රීඩා වැඩසටහන් සඳහා සහභාගීවීමට මෙන්ම, දිවයිනේ වැදගත් ස්ථාන නැරඹීම සඳහා ප්‍රදේශ කිහිපයක සංචාරය කිරීමටද නියමිතව තිබෙනවා.

‘INS Khanjar’ නෞකාව ලබන 31 වනදා දිවයිනෙන් පිටත්ව යාමට නියමිතව ඇති අතර, එහිදී ශ්‍රී ලංකා නාවික හමුදා නෞකාවක් සමඟ නැගෙනහිර නාවික විධානයට අයත් මුහුදු තීරයේදී නාවික අභ්‍යාසයක (PASSEX) නිරත වීමටද නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාමල් ඉදිරියේ සංවේදී වූ පියා - අපි ඔයාට කතිරේ ග#හලා පත්කරනවා - බඩේ තියෙන බත් වාගේ
02:00
Video thumbnail
පොසොන් එකට පොළොන්නරුවේ වෙන අලුත් වැඩේ මෙන්න - විනෝද වෙන ගමන් - වෙනස්ම ඇත්දැකීමක්
02:55
Video thumbnail
ගම්පොළ නගරයේ සීඝ්‍ර ඩෙංගු ව්‍යාප්තියක් - මහජන සෞඛ්‍ය පරීක්ෂවරුන් විශේෂ ඩෙංගු මර්දන මෙහෙයුමක්
01:50
Video thumbnail
ජීවිතාරක්ෂක පොලිස් නිලධාරීන්ට ඉබ්බන්කටුව ජලාශයේදී දුන්න සුපිරි Training එක
02:49
Video thumbnail
කාර්යාලයකට කඩා වැදුණු මැර පිරිසකගෙන් රියදුරෙකුට ගුටි පූජාවක් - පැරණි මැර සංස්කෘතිය ගේන්න හදන්නේ
05:07
Video thumbnail
දන්සලට දෙන බත් සවලෙන් ලොරියට දාන හැටි - මිනිස්සුන්ට දෙන කෑමනේද මේ පටවන්නේ ?
00:58
Video thumbnail
සිවුර බෑග් එකට දාලා පදම් වෙන්න බීපු හාමුදුරුවෝ - පන්සලේ බොන්න විදියක් නෑ - මොකද බොන්නේ හාමුදුරුවනේ ?
01:47
Video thumbnail
යතුරු පැදි දෙකක් මුහුණට මුහුණ ගැටී බිහිසුණු අනතුරක් - අනතුරෙන් තිදෙනෙකුට බරපතළයි
01:23
Video thumbnail
වසන්තයා කොමිස් කාක්කෙක් වෙලා ඉන්නේ - පුළුවන්නම් මැදිරිගිරිය එක්ක හැ#ප්පිලා බලමු
05:05
Video thumbnail
මොණරාගලට හැමූ අධික සුළඟින් නිවාසවල වහල ගහගෙන ගිහින් - මිනිස්සු තෙමෙනවා
01:49