ලොව උණුසුම්ම මාසය ලෙස 2023 ජුලි මාසය වාර්තා අතරට – ජුලි 06 වැඩියෙන්ම රත් වූ දිනය වෙයි

ගෙවී යන මෙම ජුලි මාසය ලෝකයේ උණුසුම්ම මාසය බවට ස්ථිර වශයෙන්ම සඳහන් කළ හැකි බව කාලගුණ විද්‍යාඥයින් පවසනවා.

අද දක්වා මාසය කෙතරම් උණුසුම් වී ඇත්ද යන්න සඳහන් කළහොත් එය 2019 වාර්තාව දින කිහිපයක් තිබිය දී බිඳ දැමීමට සමත්ව ඇති බවයි එම විද්‍යාඥයින් බී.බී.සී. පුවත් සේවයට සඳහන් කර ඇත්තේ.

මේ අතර ඇතැම් කාලගුණ ප්‍රවීණයන් විශ්වාස කරන්නේ පසුගිය වසර 120,000 තුළ මෙම වසරේ ජූලි මාසය උණුසුම්ම මාසය විය හැකි බවයි.

කොපර්නිකස් දේශගුණික විපර්යාස සේවයට අනුව,ලෝකයේ උණුසුම්ම දිනය ගෙවුණු ජුලි 06 වන දිනට සටහන්ව තිබෙනවා.

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ප්‍රධානී ඇන්ටෝනියෝ ගුටරෙස් පැවසුවේ ලෝකය වර්තමානයේ ගෝලීය වශයෙන් උණුසුම් වන යුගයකට ඇතුල් වන බවයි.

එමෙන්ම එක්සත් ජනපද ජනාධිපති ජෝ බයිඩන් දේශගුණික විපර්යාස ‘පවත්නා තර්ජනයක්’ ලෙස විස්තර කර ඇති අතර, තවදුරටත් දේශගුණික විපර්යාසවල බලපෑම කිසිවෙකුට ප්‍රතික්ෂේප කළ නොහැකි බවයි පවසන්නේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නිහඬ වූ නන්දා දෙස බලා සංවේදි වුණ වසන්ත - ඇගේ පැතුම් මල්ඵල ගැන්වෙන මොහොතක් මේ
03:35
Video thumbnail
හෙළයේ අමරණීය හඬට සමුදෙන්න මහ රෑම ආ ජනාධිපති අනුර
01:19
Video thumbnail
හෙළයේ අමරණීය හඬට සමුදෙන්න මහ රෑම ආ ජනාධිපති අනුර - කට්ටිය ජනපතිව වට කර ගයි
02:09
Video thumbnail
නිරෝෂා සංවේදී වී නන්දා මාලනිය වෙනුවෙන් පිටකල වදන් - ඇයගේ අඩුව පුරවන්න ආදේශකයක් නෑ
02:34
Video thumbnail
මිනිස්සුන්ව රවට්ටපු ඒජන්සියක් වටලයි
01:18
Video thumbnail
මොන කාල#ණ්නිද මුන්..සල්ලිවලින් කාලා ආතල් ගන්නවා - මිනිස්සුන්ව රවට්ටපු ඒජන්සියක් වටලයි
03:18
Video thumbnail
නන්දා මාලනීට නාවික හමුදාපති පැමිණ දුන් නිල ආචාර‍ය - නාවික හමුදාපතිව මිනිස්සු වට කරගයි
00:42
Video thumbnail
බොන්න වතුර නැතිව දුක් විඳින දේවහූව ගම්මානයේ මිනිස්සු - වකුගඩු රෝගීන් එන්න එන්නම වැඩිවෙනවා
14:15
Video thumbnail
නිවී ගිය යශෝරාවයට කාදිනල් හිමි අවසන් බුහුමන් දෙන්න ආ අයුරු - අපේ ජාතික වස්තුවක් අහිමි වුණේ
00:53
Video thumbnail
හෙළ ගීයේ අමරණීය ස්වරයට, නාවික හමුදාපතිගේ ගෞරවනීය සැලියුට් එක
00:34