අනතුරක් සිදු කර පළා ගිය මෝටර් රථය දරුවෙකුගේ ජීවිතයක් බිලි ගනී

හයිලෙවල් මාර්ගයේ මීගොඩ 20 කණුව ප්‍රදේශයේදී සිදු වූ රිය අනතුරකින් 11 හැවිරිදි පිරිමි ළමයෙකු ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.

ඊයේ රාත්‍රී මෙම අනතුර සිදුවී ඇත්තේ රිය අනතුරක් සිදු කර පළා යමින් තිබූ මෝටර් රථයක් හේතුවෙන් බවයි පොලිසිය සඳහන් කළේ.

අවිස්සාවේල්ල සිට හෝමාගම දෙසට ධාවනය වූ මෝටර් රථයක් 20 කණුව අසලදී මාර්ගයේ ගමන් කරමින් සිටි කාන්තාවක් සහ පිරිමි පුද්ගලයෙකු අනතුරට ලක් කර පළාගොස් තිබෙනවා.

පළා යමින් තිබූ අදාළ මෝටර් රථය ඉදිරියෙන් පැමිණි කැබ් රථයක ගැටී ඇති අතර එම කැබ් රථය මාර්ගය අසල නතර කර තිබූ ත්‍රී රෝද රථයක ගැටී තිබෙනවා.

එම අනතුරින් අදාළ ත්‍රී රෝද රථයේ රියදුරා සහ එහි ගමන් ගත් ඔහුගේ දරුවා තුවාල ලැබූ අතර ඔවුන් රෝහලට ඇතුලත් කිරීමේදීයි පිරිමි ළමයා මියගොස් ඇත්තේ.

ත්‍රී රෝද රථයේ ගමන් කළ එම පියා සහ පුත්‍රයා හෙට්ටියාවත්ත ප්‍රදේශයේ පදිංචිකරුවන්.

අනතුර සම්බන්ධයෙන් මෝටර් රථයේ රියදුරා අත්අඩංගුවට ගෙන ඇති අතර මීගොඩ පොලිසිය වැඩිදුර පරීක්ෂණ සිදු කරනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සති ගණන් බලන් ඉන්න ඕනි නෑ පාර්සල් ලබාගන්න - පි පා ගමනින් ගිහින් ජනතාව දැනුවත් කරනවා
02:56
Video thumbnail
පපරේ බෑන්ඩ් ගගහා මොරටුව තැපැල් කාර්යාලයේ සේවකයෝ කරපු දේ - තැපැල් පෙට්ටිත් උස්සගෙන කරන වැඩේ
02:45
Video thumbnail
රෙස්ටූරන්ට් කෑම ගැන බෙල්ලන්විල ධම්මරතන හිමි කිව්ව අමුතු කතාව - "මමත් රෙස්ටූරන්ට් Sponsor කරන කෙනෙක්"
06:15
Video thumbnail
යන්න කියන්න අප්පේ මම දහදුක් විඳලා හම්බ කරගත්තේ - අලියා ඇවිත් වී ටිකට දුන්න සුද්දය
00:39
Video thumbnail
කුඩාඔය පොලිසියේ ස්ථානාධිපති නිල නිවස පොලිස්පති අතින් විවෘත කළ අයුරු
02:21
Video thumbnail
අධ්‍යාපන වෙනසක් කරනවා කියලා මෙලෝ දෙයක් නොකර කයිවාරු ගහනවා - බොරු කියනවා
08:07
Video thumbnail
බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි - මෙන්න කාලගුණයේ නවතම තතු
02:30
Video thumbnail
වේදිකාවේ සංවේදී වූ මෛත්‍රිපාල - "මම මගේ ආච්චිව දැකලත් නෑ අම්මව දැකලත් නෑ.."
11:26
Video thumbnail
රුමේෂ් තරංගව අගයලා නි. ඇමති කිව්ව දේ - රට ක්‍රමක් ක්‍රමයෙන් ඉහළට එසවෙමින් තියෙන්නේ
03:42
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව
00:48