පොලිස් ප්‍රධානීන් පිරිසකට ස්ථාන මාරු

පොලිස් කොමිෂන් සභාවේ අනුමැතිය පරිදි පොලිස්පතිවරයා විසින් ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරුන් පිරිසකට ස්ථාන මාරුවීම් ලබාදී තිබෙනවා.

ස්ථාන මාරුවීම් ලබාදුන් පිරිස අතරට, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරුන් 7ක්, වැඩබලන ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරුන් 4 දෙනෙකු සහ පොලිස් අධිකාරීවරයෙකු ඇතුළත්.

මේ අතර සේවයෙන් ඉවත් වීම, විශ්‍රාම ගැනීම සහ ආබාධිත වීම හේතුවෙන් පොලිස් නිලධාරීන් 20,000ක පමණ හිඟයක් පවතින බව මහජන ආරක්ෂ අමාත්‍ය ටිරාන් අලස් පවසනවා.

අමාත්‍යවරයා සඳහන් කළේ, ඊට විසඳුමක් ලෙස පොලිස් නිලධාරීන් 2000ක් අලුතින් බඳවා ගැනීමට පියවර ගෙන ඇති බවයි.

ඉදිරියේදී සෙසු නිලධාරී හිඟය ද පියවීමට කටයුතු කරන බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රටට ණය බරක් තිබ්බට ප්‍රශ්නයක් නෑ - ඇමෙරිකාවත් ලොකු ණය කාරයෙක්
02:25
Video thumbnail
යුධ දෙකකට උර දී කෘතිය ඇයි පාලකයෝ කියවන්න ඕනේ ?
06:36
Video thumbnail
තමන්ගේ වාසිය ගැන බලන්නේ නැතුව රට වෙනුවෙන් කැපවෙමු
08:26
Video thumbnail
අපි පළා යන්නේ නෑ, අපි මුහුණ දෙනවා - නීතිඥ සංගමයට ජනාධිපතිතුමා කිව්ව දේ..
14:54
Video thumbnail
අධික වේගයෙන් ධාවනය වූ බස් රථ දෙකක් එකිනෙක ගැටෙයි
00:51
Video thumbnail
කඩුවක් උස්සන් ඇවිත් බස් එක හරස් කරලා චණ්ඩි පාට් දාපු ජෝඩුව
01:03
Video thumbnail
දිලිත් තරුණයින්ට දීපු පොරොන්දුව - ආයේ රැවටීමට ඉඩ නෑ
07:35
Video thumbnail
තවත් පාතාල අපරාධකරුවෝ 73ක් මෙරටට ගේන්න ඉන්නවා
08:00
Video thumbnail
ස්ටේජ් එක උඩ Vibe වුණ දිලිත් දාපු ඩාන්ස් එක - මාර ෆන් එකක් ගන්නේ
01:33
Video thumbnail
මිනිස්සුන්ට ජීවත් වෙන්නම බැරිවුණා - අපි අභියෝගය භාරගෙන වැඩ කළා
10:18