සාත්තු සේවය සඳහා මෙරට තවත් පිරිසක් ඊශ්‍රාලයට

සාත්තු සේවය සඳහා ඊශ්‍රාලයට පිටත්ව යන මෙරට තවත් කණ්ඩායමක් සඳහා ගුවන් ටිකට් පත් ප්‍රධානය කිරීම විදේශ රැකියා සහ කම්කරු අමාත්‍ය මනුෂ නානායක්කාර අතින් පසුගිය දා සිදුකෙරුණා.

ඊශ්‍රාලය බලා පිටත්ව යන මෙම කණ්ඩායමට 21 දෙනෙක් ඇතුළත්.

මෙම පිරිස හෙට (27) දිනයේ දී ඊශ්‍රාලය බලා පිටත්ව යෑමට නියමිත බවයි වාර්තා වුණේ.

ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය සහ ඊශ්‍රාලයේ ජනගහන සංක්‍රමණ අධිකාරිය අතර 2020 වසරේ ඇතිකරගෙන ඇති ගිවිසුමකට අනුව මෙරට තරුණ තරුණියන් සඳහා එරට රැකියා අවස්ථා හිමිව තිබෙනවා.

මේ අතර තවත් 16 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් එළෙඹෙන අගෝස්තු 02 වනදා ඊශ්‍රාලය බලා පිටත්ව යෑමට නියමිත බව විදේශ සේවා නියුක්ති කාර්යාංශය සඳහන් කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
2
+1
1
+1
0
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඉන්ධන මිල අඩුවීම ගැන නලින්ද හෙළිකරයි - සහනය ඉවත් කළොත් මිල තව ඉහළ යනවා
02:43
Video thumbnail
පාස්කුවේ ප්‍රහාරයේ ප්‍රතිලාභියා කාදිනල් හිමිද ? කිසිම පූජකයෙක් මැ#ණේ නෑ..ඒක සැකයි
02:22
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.06.23
08:07:32
Video thumbnail
ත්‍රස්තවාදී පනතෙන් ආණ්ඩුවත් වැඩ ගන්නවද ?නලින්ද සියල්ල හෙළිකරයි - දික්කසාද නඩුවක් වගේද මේක පේන්නේ ?
05:34
Video thumbnail
සලේටයි බිරිඳටයි නලින්ද කට උත්තර නැතිවෙන්න කිව්ව කතාව - මහත්තයාට කන්න කියන්න..පූජා තියලා හරියන්නේ නෑ
04:32
Video thumbnail
සෙංකෝලය උස්සන්න ගිය සිද්ධිය ගැන නලින්ද සැරවෙයි - අපිට කරගන්න බැරි තත්ත්වයක් තිබුණේ
05:00
Video thumbnail
අධික වේගයෙන් ධාවනය වු යතුරුපැදියක් ලිස්සා ගිහින් බස් රථයක ගැටෙයි
00:54
Video thumbnail
ඔයාලට වැඩ බැරි නම් ඔය පුටුවලින් නැගිටිලා යන්න
03:05
Video thumbnail
ප්‍රසාද් සර්ගේ ප්‍රකාශයට කැබිනට් මාධ්‍ය හමුවේදී සැර කතාවක් - අපි තීන්දු ගන්නේ නෑ අධිකරණයම බලාගයි
01:55
Video thumbnail
අපි අමාරුවෙන් රට ගොඩනගද්දී විපක්ෂය ඒක කඩාකප්පල් කරන්න හදනවා
03:01