මිස්බා උල් හක්ට යළිත් පාකිස්ථාන ක්‍රිකට් ආයතනයෙන් ඇරයුමක්

පාකිස්ථාන ක්‍රිකට් කණ්ඩායමේ හිටපු පුහුණුකරු වන මිස්බා උල් හක්ට යළිත් පාකිස්ථාන ක්‍රිකට් ආයතනය හා එක්ව රාජකාරි කිරීමට ඇරයුම් ලැබී තිබෙනවා.

ඒ, අනුව ඔහු පාකිස්ථානු ක්‍රිකට් පාලක මණ්ඩලය විසින් පිහිටවනු ලබන ක්‍රිකට් කමිටුවේ ප්‍රධානියා ලෙස කටයුතු කිරීමට නියමිත බවයි වාර්තා වන්නේ.

මෙම තනතුරේ කටයුතු කිරීමේ දී ඔහු වැටුපක් හෝ වෙනත් කිසිඳු වරප්‍රසාදයක් ලබා නොගැනීමට තීරණය කර ඇති බවයි ක්‍රීඩා මාධ්‍ය වාර්තා කළේ.

මිස්බා උල් හක්, වත්මන් පාකිස්ථානු ක්‍රිකට් පාලක මණ්ඩල සභාපති සකා අෂ්රෆ්ගේ උපදේශකවරයා ලෙස ද කටයුතු කරනු ලබනවා.

2019 වසරේ දී පාකිස්ථාන ක්‍රිකට් ප්‍රධාන පුහුණුකාර ධුරයෙන් මිකී ආතර් ඉවත්වීමත් සමඟ එම කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස මිස්බා සිය රාජකාරී ආරම්භ කළා.

එමෙන්ම ඔහු ටෙස්ට් කණ්ඩායමේ නායකයා ලෙස කටයුතු කරන විට ආතර් යටතේ ක්‍රීඩා කර ඇති අතර, එම කාලය තුළ පාකිස්ථානය ලොව ශ්‍රේණිගත කිරීමවල පෙරමුණ ගෙන සිටියා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රුමේෂ් තරංගව අගයලා නි. ඇමති කිව්ව දේ - රට ක්‍රමක් ක්‍රමයෙන් ඉහළට එසවෙමින් තියෙන්නේ
03:42
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව
00:48
Video thumbnail
මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත
01:49
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව - කැමරාවේ සටහන් වූ දේ මෙන්න
00:52
Video thumbnail
හිටපු ජනපති මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත - කට්ටිය ලොකු කතාවක්
03:16
Video thumbnail
සූර්ය බලශක්තියට ආණ්ඩුව ගත් පියවරට චෝදනා? ප්‍රජාතන්තිකරණයට ඉතා හානිවන සූක්ෂම සැලැස්මක් මේ
09:35
Video thumbnail
ඉදිරියේදී 20%ක විතර විදුලි බිල වැඩිවෙනවා ?ඩීසල්වලින් රු.70ක් අඩුවෙනවලු..මේවා ගෙවන්නෙත් අපිනේ
09:13
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56